Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

'ජනපති ගන්නා උත්සහය හෑල්ලුවට ලක්කිරීම අනුමත කරන්න බැහැ' - සිදම්බරම් කරුණානිධි

අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපති සිදම්බරම් කරුණානිධි



වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1750ක වැටුපක් ලබාදීමට ජනපතිවරයා මහත් පරිශ්‍රමයක් දරන මොහොතක, ඊට උදව් නොකොට දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය අක්කරයක්, අක්කර දෙකක් තරම් ඉඩම් වතු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමින් ජනපතිවරයාගේ සුබදායි යහපත් වැඩසටහන අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිධි කියයි.

අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ..

ජනපතිවරයා වතු හාම්පුතුන් සමග සාකච්ඡා මාර්ගයෙන් වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප් වැඩිකිරීමට මහත් වෙහෙසක් ගන්නවා. එය අප අගය කළ යුතුයි. එහි ගෞරවය එතුමාට දිය යුතුයි. නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය ජනපතිවරයාගේ උත්සහයට අකුල් හෙලමින් එය වැළැක්විමට කටයුතු කරනවාදැයි අපට සැකයි.

ඔවුන් කිසි දිනක ළගා කර ගත නොහැකි යෝජනා ගෙන එමින් ජනපතිවරයාගේ උත්සහය හෑල්ලුවට ලක් කරනවා. එය අප පක්ෂය තරයේ හෙළා දකිනවා. වතු කම්කරුවන්ගේ නිවාස, පානීය ජල අවශ්‍යතා, වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීමට වචනයකින් හරි උදව් කරනවා හැර එවැනි යෝජනා කඩා කප්පල් කිරීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.



(සටහන | ජේ.මුණසිංහ)