වරකාපොළ, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (16) පෙරවරු 8.30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යාලීය කීර්තිමත් ආදී ශිෂ්‍ය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) රංජිත් කුමාර, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී. ආර්. එස්. මාධවී වෙලගෙදර යන අය සහභාගි වීමට නියමිත අතර, ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මෙය පැවැත්වේ.
වසර 2023 / 2024 විද්‍යාලයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ, විශේෂ අධ්‍යාපන ඒකකය, 06 වසර සිට 11 වසර දක්වා ශ්‍රේණිවල සහ අපොස (සාපෙළ) සහ උසස් පෙළ ශ්‍රේණි වල පළමු, දෙවැනි, තුන්ව ස්ථාන ඇතුලු ඉහළ සාමාර්ථ ලැබූවන් මෙහිදී ඇගයීමට ලක්කෙරේ.
ඊට අමතරව වෘත්තීය ප්‍රවේශය ලබාගත් සිසුන්, විද්‍යා, ගණිත, වානිජ, කලා, තාක්ෂණ අංශවලින් විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයින් ඇගයීමද මෙහිදී සිදුකරන බව (වැඩ බලන) විදුහල්පති ඩබ්. විජේසිංහ ප්‍රකාශ කළේය.
(සටහන | ජේ.මුණසිංහ)ආදී ශිෂ්‍ය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) රංජිත් කුමාර
කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී. ආර්. එස්. මාධවී වෙලගෙදර
(වැඩ බලන) විදුහල්පති ඩබ්. විජේසිංහ