උතුරු පළාතේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු සහ මලින්ද සෙනෙවිරත්න මහත්වරු විසින් 2018 දී ගොනු කරන ලද රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් (15) ප්‍රතික්ෂේප කළේය.
උතුරු පළාතේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව, අධිකරණයේ නියෝග කිහිපයක් නොතකා, අවසන් කිරීම ප්‍රමාද වී තිබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා කියා සිටියේ නඩුව පවත්වාගෙන යෑමට නෛතික පසුබිමක් නොමැති බවත්, මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් මෙම නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවයි.
පෙත්සම්කාර පාර්ශ්වය නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන්, අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ සුගන්තිකා මහත්මිය පෙනී සිටියාය. 1 සිට 3 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ පෙනී සිටියේය.
නීතීඥ ෂිෆාන් මහරුෆ් සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතීඥ රුවන්ත කුරේ පෙනී සිටියේය