පසුගිය දා පැවැත්වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල මෙහෙය වූ සෙත් මයර්ස් සුප්‍රකට නිවේදිකා හා නිළි ඔප්රා වින්ෆ්‍රේ ගැන ඉඟිකරමින් පවසා සිටියේ ඇමරිකාවේ 2020 වසරේ පැවැත්වෙන ජනපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරිපත් වීමට ඉඩ ඇති බවය. වේදිකාවට නැගූ ඔප්රා ද පවසා සිටියේ එය සනාථ වන ආකාරයේ කරුණුය.
මේ වන විට මෙය රට පුරා පැතිරෙමින් පවතියි. දිගුකලක් රූපවාහිනී නිවේදිකාවක වන ඔප්රා වින්ෆ්‍රේ ෂෝ නමින් තම වැඩසටහනක් ගෙන ගිය ඇය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක් ද වූ අතර මේ වන විට රූපවාහිනී නාලිකා සේවයක හිමිකාරියක ලෙස කටයුතු කරයි. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලෙදී ඇය කළ කතාව අසා සිටි බහුතරයකගේ අදහස වූයේ එය ජනපති අපේක්ෂිකාවකගේ කතාවකට සමාන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
