ටැලිපෝනය සෝදා පාළුවන ලකුණු !!!

ටැලිපෝනය සෝදා පාළුවන ලකුණු !!!

අයවැය ඡන්දය තිබුණු දවසේ රාත්‍රියේ විපක්ෂයෙ ලොක්කෙක්ගෙ ගෙදර රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා.

මේක අපූරු භෝජන සංග්‍රහයක් වුණා සතුරු මිතුරු කතුරු මිතුරු සියලු බලවේගවල ලොක්කෝ සොක්කෝ මේකට එකතු වෙලා හිටියා.

සාමාන්‍යයෙන්ම මේ වගේ අයවැයකදි රාත්‍රී භෝජන සංග්‍රහ දෙන්නේ කතාවට නායකයා. ඒ වුණත් උන්නැහේ ඉන්නෙ සල්ලි ඉතුරු කරන ව්‍යාපෘතියෙ නිසාමේ පාර
ඒක බාර අරන් තිබුණේ සර්ව ජන ලොක්කෙක්ලු. එයත් රටේ ලොක්කෙක් වෙන්න වෙන්න දඟලන කෙනෙක්නේ ඒක නිසා තමයිලු මේ සාදය එයා තමන්ගේ ගෙදර තියන්න භාර ගත්තෙත්.

මේකට සහභාගි වුණ විපක්ෂ මන්ත්‍රීවරු අතරේ වැඩිපුර හිටියේ ටැලිපෝන් පාටියෙ කස්ටිය. ඒගොල්ලොත් එක්ක සන්ධාන ගත වෙච්ච මනෝල දිගාලා තොන්ඩලා අර්චුනා වගේම කාවින්ද, හැක්ටර්, අලවල වගේ විපක්ෂ මන්තිරි ගොල්ල හුඟ දෙනෙක් ඇවිත් හිටියා.

කොහොම හරි එදා සාදයේ ප්‍රධාන මාතෘකාව වුණේ  ස.ජ.බ යෙන් සුළු පක්ෂ ගැලවීම ගැනලු. හරි වෙලාවට හරි තීරණයක් ගන්නෙ නැති නායකයෙක් සමග ගමනක් නෑ කියලා මෙතන හිටපු මැති ඇමති ගොල්ල වැඩි දෙනෙක් කියන්න පටන් ගත්තාලු ..වතුකම්කරු පඩි ප්‍රශ්නය හින්දා වතුකර සුළු පක්ෂ ටැලිපෝන් එකෙන් මුල්වරට ගැලවුණා වගේ තව හුඟ දෙනෙක් එතන දී කියල තියන්නේ තමන්ගෙ හෙවනැල්ලටත් බය නායකයෙක් එක්ක අපිට ගමනක් නෑ කියල ලු.

කිසිම දවසක තමන්ගේ නායකයා කිසිම කෙනෙකු විශ්වාස නොකරන දක්ෂයින්ට කිසිම තැනක් නොදෙන පොරක් බවත් මෙතෙන්දි කියවුනා ලු...

එක මන්ත්‍රී කෙනෙක් කිව්වලු තමන්ට වඩා මෝඩ මිනිස්සු තමයි එයා හැමදාම කිට්ටු කරගත්තෙ කියලත්. මේ පක්ෂයට සම්බන්ධ වෙච්ච ෆොනී කෙනෙක් ගැනත් රස කතා උතුරන්න පටන් ගත්ත ලු..

කෑම සහ බීම ඇති පදම් තිබුණ මේ සාදයෙදි සිද්ධවුන ප්‍රධානම කාරණාව ටැලිෆෝන් එකේ පුපුරන්න කිට්ටු අර්බුදයෙ සැබෑ කතාව හෙළිදරව් වීම බවයි ආරංචි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න