කේට් මිඩ්ල්ටන් ලෙඩින්......

කේට් මිඩ්ල්ටන් ලෙඩින්......

තමා පිළිකා රෝගයකින් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ වන විට තමා පිළිකා රෝග විනිශ්චයෙන් අනතුරුව මුල් අවධියේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඇය පවසා ඇත.

තමා පසුගිය ජනවාරි මාසයේදී උදරයේ සැත්කමකට භාජනය වූ බවත් එහිදී පිළිකා තත්ත්වයක් ඇති බව නොදැන සිටි බවත්  සඳහන් වේ.

කෙසේ වෙතත් ශල්‍යකර්මයෙන් පසුව කරන ලද පරීක්‍ෂණවලින් පිළිකාවක් ඇති බව සොයාගෙන ඇති අතර ඇයගේ වෛද්‍යවරු පවසා ඇත්තේ ඒ සඳහා ප්‍රතිකාරවලට යොමුවන ලෙසයි.

විශේෂ වීඩියෝ පණිවුඩයක් ඊයේ(22) නිකුත් කරමින් ඇය විසින් ඒ බව හෙළිකර තිබුණි. ටික කලක සිට මහජනයාගෙන් දුරස්ථව සිටි ඇය සඳහන් කළේ, පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා වන රසායනික චිකිත්සාවකට භාජනය වීමෙන් අනතුරුව ඒ බව හඳුනා ගත් බවයි.

වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කුමරිය ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය තමාට විශාල කම්පනයක් සිදුකළ බවයි.

පිළිකා රෝගයට මුහුණ දෙන සෑම කෙනෙකුම කුමන ආකාරයේ වුවද බලාපොරොත්තු නැති කර නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.

අනාගත ඔටුන්න හිමි බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ විලියම් කුමරු හා කේට් මිඩ්ල්ටන් 2011 වසරේ දී විවාහ වූ අතර මේ වන විට  ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න