මම යකඩ ගැහැණියක් - විවාහක රූ පුෂ්පිකා

මම යකඩ ගැහැණියක් - විවාහක රූ පුෂ්පිකා

තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි බවත් ශ්‍රී ලංකා විවාහක රූ පුෂ්පිකා ද සිල්වා පැවසුවාය.

අද (06) පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුෂ්පිකා ද සිල්වා පැවසුවේ,

“මගේ ජීවිතේ මට වැරදුන තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඒ වැටුණු හැම තැනකදීම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා ඒවාගේම මගේ අක්කා. මගේ දරුවාව හදන්න මම කරන කැපකිරීම, කවුරු මගේ ජීවිතේ හිටියාත් තැතත් මගේ ජීවිතේ මම ගෙනියනවා මගේ දරුවා නිසා. මගේ අම්මා තාත්තා නිසා. මම යකඩ ගැහැණියෙක්. මම වැටෙනවානම් මීට අවුරුදු 3කට 4කට කලින් ඒ වැටුණ තැනදී තමයි මම වැටෙන්නේ මේ කිරුළ ගන්න මට ලොකුම බලාපොරෙත්තු වුණේ. මම වගේ දරුවෙකු එකක් තනි වුණ සින්ගල් මාම්. ඒවාගේ ගැහැනු ලංකාවේ ගොඩක් දුක්විඳිනවා. මේ කිරුළ මගේ නෙමෙයි ඒ අයගේ මම හිතන්නේ මේ කිරුළෙන් ඒ අයගේ අනාගතය එළිය කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ සතුට. මම ඩිවෝස් නැහැ. තවමත් මම විවාහකයි. අනිවාර්යෙන් මගෙන් පස්සේ වර්ල්ඩ් පැජන්ඩ් එකකට ඩිවෝස් වුණ කෙනෙකුට මේ වගේ තරඟයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්නට කියන තැන මම හදනවා. “

ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත පැළද වූ බව ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන සංවිධායක සුප‍්‍රකට රූපලාවරණ ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙහිදී පැවසීය.

මාධ්‍ය හමුවේදී චන්දිමාල් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

ඇය තරගය අතරතුරදී දික්කසාද වී සිටියේ නම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුව තරගයට සහභාගි වීමට අවස්ථාව නොමැති බවත් ඇය මේ දක්වා දික්කසාද වී නොමැති වීම නිසා කිරුළට හිමිකම් කියන බවත් ය.

තවද, ප‍්‍රධාන සංවිධායක ලෙස කිසිදු විටක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත් එම සිද්ධිය පිළිබදව පුෂ්පිකාගෙන් සමාව ඉල්ලා සිටින බවත් චන්දිමාල් මෙහිදී පැවසීය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න