අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේය.
ඒ අනුව, ඇගේ දේහය අද (21) උදෑසන10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතව තිබේ.
අනතුරුව සෙනසුරාදා (22) පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය බොරැල්ල සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිත අතර, අවසන් කටයුතු සවස 05 ට සිදු කිරීමට නියමිතයි.
ඇයගේ අවසන් කැමැත්ත වී ඇත්තේ කිසිදු රාජ්‍ය උත්සවයකින් හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සරලව අවසන් කටයුතු සිදු කිරීම බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
