Image

නැවෙන් බාපු මිලට ඉන්ධන දෙන්න ආපු ආණ්ඩුව අද ඉන්ධන පාරිභෝගිකයා අසීමාන්තිකව ගසා කනවා - ජයන්ත සමරවීර

නැවෙන් බාපු මිලට ඉන්ධන දෙන්න ආපු ආණ්ඩුව අද ඉන්ධන පාරිභෝගිකයා අසීමාන්තිකව ගසා කනවා - ජයන්ත සමරවීර

වත්මන් රජය යටතේ මෙරට ඉන්ධන පාරිභෝගික ජනතාව දැඩි අසාධාරණයකට, අයුක්තියකට සහ සූරාකෑමකට ලක්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (20) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

අද වන විට රට තුළ පවතින අධික ඉන්ධන මිල හමුවේ වැට් සහ ආනයන බදු ඉවත් නොකර පාරිභෝගිකයා පිට අධික බරක් පටවා ඇති අතර, ඊටත් වඩා බරපතළ තත්ත්වය වන්නේ අධික මිලක් ගෙවා ලබාගන්නා ඉන්ධනවල නිසි කාර්යක්ෂමතාවයක් සහ ප්‍රමිතියක් නොමැති වීම බව හෙතෙම පෙන්වා අතර, විදුලි හා ජල පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවූ විට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) හරහා සහනයක් ලබාගැනීමට යාන්ත්‍රණයක් තිබුණ ද, ඉන්ධන පාරිභෝගිකයා වෙනුවෙන් එවැනි කිසිදු නියාමන ආයතනයක් ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවසී ය.

මතු පළ වන්නේ ජයන්ත සමරවීර පළ කළ අදහස් අන්තර්ගත වියමන යි. You don't have a pdf plugin, but you can download the pdf file.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න