ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අධිකරණයට ගිය බවත්, පළවෙනි පැය 24ක් තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මීට පෙර සංශෝධන 21ක් ඉදිරිපත් වි තිබුණ ද, කිසිම සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතරම් පෙත්සම් බහුලතාවයක් දුටුවේ නැතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (20) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මෙය ආරම්භයබවත්, අවසානය නොවන බවත්, පෙත්සම් ඉදිරිපත් කිරීමට තව සති දෙකක් තිබෙන බැවින් ඒම දෙසසතිය අවසන් වන විට පෙත්සම් කීයක් ලැබී තිබේදැයි දැකගත හැකි බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.
මෙම මාධ්‍ය හමුවේ දී: එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ද අදහස් දැක්වූහ.
මතු පළ වන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අනික් තිදෙනා දැක්වූ අදහස් අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
