*රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි!
*IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි!
*ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි!
පසුගිය සතියේ ''රාජ්‍ය රහස්'' තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කොට ඇති බව අනාවරණ කළෙමු. එම හෙළිදරව්වෙන් පසු දේශපාලන පක්ෂ ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවැති ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි.

එම අනාවරණයේදී අප ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළ හේතූන්ද එකින් එක සඳහන් කළෙමු. පිටින් සිට බලන බොහෝ දෙනා ආණ්ඩුව මේ වනවිට ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ ඉන්දියාවේ බලපෑම නිසා හෝ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළත් ඇත්ත කතාව එසේ නොවේ.
ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත් තීරණය පසුපස ඇති කතාව සොයාගැනීමට රාජ්‍ය රහස් තීරය පසුගිය සතියේ ආණ්ඩුවේ අභ්‍යන්තරයටම ගොස් කරුණු සොයාබැලීමක නිරත විය. එහිදී අපට අනාවරණ වූයේ කිසිවකුට ඇති බයක් නිසා හෝ ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ නොව ආණ්ඩුව කිසියම් සැලැස්මකට අනුව මෙම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කොට ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානම් වන්නේ ඉතා ශක්තිමත් තුරුම්පු කිහිපයක් අතේ තබාගෙන බව අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.
අප අවස්ථා කීපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි 2026 වසර සඳහා ආණ්ඩුව ලබන නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඉතා ජනප්‍රිය අයවැයකි. නැතහොත් ඡන්ද අයවැයකි. එහිදී අප අනාවරණ කර සිටියේ මෙම අයවැය හරහා ආණ්ඩුව ඉතා ශක්තිමත් බව රටට පෙන්වීම සඳහා ජනතාවාදී තීන්දු තීරණ රැසක් ගැනීමට සැලසුම් කර ඇති බවකි.
බදු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙවර අයවැයෙන් අලුතින් කිසිදු බදු පැනවීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි. අප එම අනාවරණය කරද්දී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සිතාවත් තිබුණේ නැත. නමුත් මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නිසා තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා අයවැයෙන් අලුතින් බදු නොපැනවීම පමණක් නොව, පළමු වතාවට ජනතාව මත පටවා ඇති බදු අඩුකිරීමේ සැලසුමක සිටින බව ආරංචිය.

ලංකාවේ මාධ්‍ය අතරින් මෙම තොරතුර වාර්තා කරන පළමු මාධ්‍යය වන්නේ ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා ඇති සුවිශේෂ ක්ෂේත්‍ර කිහිපයක බදු අඩුකිරීමක් සිදුකිරීමට මේ වනවිටත් තීරණය කොට අවසානය. එම බදු අඩුකිරීම ජනතාවගේ ජීවන තත්ත්වයට විශාල වශයෙන් බලපෑමක් කරන විශාල සහනයක් ලැබෙන එකක් බව පමණක් අපට මේ අවස්ථාවේ සඳහන් කිරීමට පුළුවන.
මීට අමතරව අයවැයෙන් තවත් සහන කීපයක්ම ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කොට අවසානය. ආණ්ඩුවට එසේ කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ අනවශ්‍ය වියදම් කපාහරිමින්, දැවැන්ත ආයෝජන සිදු නොකරමින් අතිවිශාල මුදල් කන්දරාවක් මහා භාණ්ඩාගාරයට එකතු කරගැනීමට හැකිවීම නිසාය. ජනාධිපතිවරයාම වරෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වනවිට ට්‍රිලියන ගණනක මුදලක් භාණ්ඩාගාරය සතුව ඇතැයි කියාය. අපද පසුගිය සතියක විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් සිදු නොකිරීම හරහා සහ වෙනත් කරුණු මත ආණ්ඩුව දැවැන්ත මුදල් කන්දරාවක් ඉතිරිකොට ගෙන ඇති බවත්, ඉදිරි මැතිවරණයක් ඉලක්ක කොටගෙන එම මුදල් වියදම් කිරීමේ සැලසුමකින් සිටින බවත්ය.

මේ අතර, පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ අනාවරණයක් කරමින් 6 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව ඉතා උණුසුම් වාදවිවාද සහිත එකක් වූ බව අනාවරණ කර සිටියෙමු. ජනාධිපතිවරයා සහ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙනදාට වඩා දැඩි බවකින් යුතුව ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉදිරිපත් කළ ඇතැම් යෝජනාවන්ට සහ කොන්දේසිවලට පළමු වතාවට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කරමින් කරුණු පැහැදිලි කිරීම හේතුවෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡාව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරිපත් කළ කොන්දේසියක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
දේපොළ බද්ද අනුරට තද වෙයි
උදාහරණයක් ලෙස සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉතා දැඩිව කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු මාසය වනවිට දේපළ බද්ද ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබුණත් මෙතෙක් එය ඉටුකොට නොමැති බවය. එහිදී දේපළ බද්ද වශයෙන් මූල්‍ය අරමුදල දැනුම්දී තිබුණේ කිසියම් අයකු ඉඩමක් හෝ නිවසක් හෝ වාහනයක් මිලදී ගතහොත් ඊට ප්‍රතිශතයක් වශයෙන් අලුත් බද්දක් අයකිරීමත්, දැනටමත් ඉඩමක්, නිවසක් හෝ වාහනයක් හිමි අයගෙන් තවත් බද්දක් අයකිරීමත්ය.
එම බද්ද ඉකුත් මාර්තු මාසයේ සිට අයකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී තිබූ බවක් ඒ වනතුරුත් කිසිවකු දැන සිටියේ නැත. නමුත් මාර්තු වනවිට ඔහු බලයේ නොමැති වුවද අනුර විසින් එම පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබිණි.මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙන ආ මෙම යෝජනාවට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමය. ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ කිසිසේත්ම එම යෝජනාව ඉටුකිරීමට නොහැකි බවකි. එමෙන්ම එය අසාධාරණ බද්දක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
‘අපිට ඒ බද්ද කිසිසේත්ම මේ වෙලාවේ පනවන්න බෑ. මොකද ඒක අසාධාරණ බද්දක්. මිනිස්සු සල්ලි දීලා ඉඩමක්, ගෙයක්, වාහනයක් ගන්නකොට අපි කොහොමද ඒකට අලුත් ටැක්ස් එකක් ගහන්නේ. දැනටමත් අපේ රටේ ජනතාව ඉඩකඩම්වලට, ගෙවල්වලට ආණ්ඩුවට වරිපනම් ගෙවනවා. එහෙම තියෙද්දී අපිට ඒවටම තවත් ටැක්ස් එකක් ගහන්න බෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා දැඩිව කියද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද සිය ස්ථාවරයේ සිටිමින් ජනාධිපතිවරයා සමග තර්ක කරන ආකාරයක් දැකගත හැකි විය.

‘අපිට ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද කියන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගිවිසුම්ගත වුණේ ලංකාවේ ආණ්ඩුවත් එක්ක. එදා හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය තමයි මුදල් හොයාගන්න මේ දේපළ බද්ද ක්‍රියාත්මක කරනවා කියලා අපිට පොරොන්දු වුණේ. ඒක පසුගිය මාර්තු මාසයේ කරනවා කියලයි කිව්වේ. ඉතින් ඒ කොන්දේසිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේදී මේ කොන්දේසිය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන්න ඕනේ…….’ යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැඩිව කියද්දී අනුර පළමු වතාවට දේශපාලන කරුණක් ඉස්මතු කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙනා යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
‘අපිට මෙතැනදී එකඟ වෙන්න පුළුවන් කොන්දේසි තියෙනවා. එකඟ වෙන්න බැරි කොන්දේසි තියෙනවා. කරන්න පුළුවන් කියලා හිතෙන දේවල්වලට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි කරන්න බැරි දේවල්වලට අපිට එකඟ වෙන්න බෑ. මොකද, අපි මේ මහපොළොවේ දේශපාලනය කරන්න ඕනේ. මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්නත් ඕනේ. මේ වගේ බද්දක් දානවා කියන එක මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ඒක හින්දා මේක අපිට කරන්න බෑ. ඒ නිසා ඔබතුමාලා ගේන මේ යෝජනාවට මම කිසිසේත්ම එකඟ නෑ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ රටේ මහපොළොවේ යථාර්ථය එක්ක අපිට දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක මේ යෝජනාව ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැඩිව පැහැදිලි කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද දැඩි ස්ථාවරයක සිටිමින් එසේ නම් ආණ්ඩුව මෙම බද්ද ප්‍රතික්ෂේප කිරීම හරහා අහිමි වන මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊටද ජනාධිපතිවරයා අදාළ බද්ද නොපැනවීමෙන් අහිමි වන ආදායම සොයාගන්නා ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි විස්තරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට ඉදිරිපත් කළේය.
මෙන්න සල්ලි හොයන හැටි
‘අපි ඒකට දැනටමත් ක්‍රමවේදයක් සකස් කරලයි තියෙන්නේ. ඔබතුමාලා දැනටමත් අපිට නිර්නායකයක් ලබාදීලා තියෙනවා ලබන අවුරුද්ද වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය 15%ක මට්ටමට ගේන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව භාරගනිද්දී දළ දේශීය නිෂ්පාදිතය තිබ්බේ 8%ට. අපි ආණ්ඩුව භාරගනිද්දී ඒක 13% දක්වා ඉහළට ඇවිත් තිබුණා. අපි මේ වෙද්දී පැහැදිලිවම සැලසුම් හදලා ඉවරයි ලබන වසර වෙනකොට ඔබතුමාලා අපිට ලබාදුන්නු 15%ක ඉලක්කය ඉක්මවා යමින් 16% දක්වා දළ දේශීය නිෂ්පාදිතය ඉහළට අරන් එන්න. අපි ඒකට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට සකස් කරලයි තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් සහ ප්‍රශ්නයක් තියාගන්න එපා…’ යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.
ඔවුන් මෙතෙක් සිටි දැඩි ස්ථාවරය වහාම වෙනස් කරමින් ජනාධිපතිවරයාට ඉතා සුබවාදී ප්‍රතිචාරයක් පළකළ ආකාරයක්ද දැකගත හැකි විය. මාධ්‍යයක් වශයෙන් මේ තොරතුර පළමු වතාවට රටට හෙළිකිරීමට කටයුතු කරන්නේද ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශයත් සමග කවුරුත් නොදැන සිටි තවත් අතිවිශේෂ කාරණාවක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ.
‘ඒ වගේ තැනකට ඔබතුමාට මේ රට අරන් යන්න පුළුවන් නම් ඒකෙන් මේ රටට කවුරුත් නොදන්නා ලොකු සහනයක් ලැබෙනවා. මොකද එවැනි සංවර්ධනයක් ළඟ කරගත හැකි නම් ඔබතුමාලට ණය ආපසු ගෙවීමේදී ලොකු සහනයක් හිමි වෙනවා. ඔබතුමාලා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න නංවන්න ඩොලර් මිලියන ගණනකින් ණය කපාහැරීමක් සිදුවෙනවා. ඒ අනුව 16%ක ඉලක්කයකට ගියොත් ඩොලර් මිලියන ගණනක ණය කපා හැරේවි…’ යනුවෙන් කියමින් කිසිවකුත් දැන නොසිටි රහසක් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
ඇත්තම කියනමා නම් අපද එම තොරතුර වාර්තා වන තෙක් එවැන්නක් සිදුවන බව දැන සිටියේ නැත. විපක්ෂයේ බොහෝ දෙනා මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින්නේ 2028 වසරේ සිට ලංකාව නැවත වතාවක් විදේශ ණය පොලිය ගෙවීමේ කටයුතු ආරම්භ කළ යුතු නිසා පවතින ආර්ථික වර්ධන වේගය හමුවේ එවැන්නක් සිදුකිරීම දැඩි අසීරු තත්ත්වයක් බවටය. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රට නැවත වතාවක් 2028දී බංකොලොත් වීමේ අනතුරක් මතුවෙමින් පවතින බවකි. නමුත් මේ ආකාරයට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවාගතහොත් විදේශ ණය ඩොලර් මිලියන ගණනින් කපාහැරීමට නියමිත බව කිසිවකුත් දැන සිටියේ නැත. ඒ අනුව එම තත්ත්වය 2028 වසරේදී ණය ගෙවීම ආරම්භ කිරීමේදී විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමානය. ඒ අනුව එයින් ද පැහැදිලි වන යම් ඉඟියක් වන්නේ ලබන වසරේ අයවැය ස්ථිරවම මැතිවරණ අයවැයක් බවට පත්වනු ඇති බවය.

අනුර භයානක ඉසව්වකට
ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගැසීමට සැලසුම් කර සිටින ඊළඟ ලොකුම තුරුම්පුව වන්නේ කුඩු ඇල්ලීමේ තුරුම්පුවය. කිසිවකුත් දැන නොසිටියද රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මේ මෙහෙයුමට ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සිය සම්පූර්ණ අවධානය යොමුකොටය. මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ වෙනත් කිසිම ආණ්ඩුවක් හෝ වෙනත් කිසිම ජනාධිපතිවරයකු සිදු නොකළ ආකාරයට ජනාධිපතිවරයා මෙම කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී තිබීමය.
ඕනෑම කෙනකු දන්නා කාරණාවක් වන්නේ මේ රටේ සිටි ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ යම් යම් රාජකාරීන් ඉටුකිරීමේදී ඒවාට විශාල නායකත්වයක්, දායකත්වයක් ලබාදී ඇති ආකාරයය. උදාහරණයක් වශයෙන් රටේ ආර්ථිකය ගොඩනගන අවස්ථාවලදී කිසිදු තර්කයකින් තොරව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැන්නවුන් ඒ ඒ කාලවකවානුවලදී විශාල දායකත්වයක් ලබාදුන්හ. යුද්ධය අවසන් කිරීමේදී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දැවැන්ත දේශපාලන නායකත්වයක් ලබාදුන්නේය.

නමුත් මෙවර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන සටනේ පැහැදිලි වෙනසක් ජනතාවට දැකගැනීමට පුළුවන. මෙහි කැපීපෙනෙන සිදුවීම වන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහ ඉහළින් වොයිස් කට් දෙන දේශපාලනඥයන් හෝ පොලිස් නිලධාරීන් දක්නට නොමැති වීමය. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් තුරන් කිරීම සඳහා කිසිවකුත් නොසිතන දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් වත්මන් ජනාධිපතිවරයා විසින් තිරය පිටුපස දියත් කොට අවසානය.

රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට මෙම මෙහෙයුම ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා ඉතා බරපතළ ප්‍රකාශයක්ද සිදුකොට තිබේ. එහිදී අදාළ වගකිව යුතු අංශවලට නියෝග විධිවිධාන නිකුත් කරමින් ජනාධිපතිවරයා දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කොට ඇත්තේ, ‘මට කවුරු නැති වුණත් මොන ප්‍රතිවිපාක ආවත් මම මේ තීන්දුව ගන්නවා. මම ආයේ ආපස්සට හැරෙන්නේ නෑ…’ යැයි කියාය.
මීට අමතරව වරාය සමග ගනුදෙනු කරන දැවැන්ත ව්‍යාපාර කරන පිරිස් හට බිමල්ගෙන් බලපෑම් එල්ල වෙමින් පැවැති බවටත්, වරාය සහ රේගුව අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත්, බිමල් සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත් විවිධ පිරිස් ඊට හේතු පාඨ සපයමින් ප්‍රකාශ සිදුකර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියල්ල නිල ප්‍රකාශ නොව, නිල නොවන ප්‍රකාශයන්ය. ඒ කොයිහැටි වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව බිමල් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය ආණ්ඩුව ඇතුළේ මාස කීපයක් පුරා සාකච්ඡා කොට සියලු දෙනාගේම එකඟතාව අනුව සිදුකළ කැබිනට් සංශෝධනයක් යැයි කියාය.
කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බව රට හමුවේ පළමු වතාවට ප්‍රකාශ කළේ වෙන කවුරුවත් නොව බිමල්මය. පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියට පැමිණි බිමල් එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මනින්ම අමාත්‍ය මංණ්ඩල සංශෝධනයක් සිදුවිය යුතු යැයි කියාය. එහිදී බොහෝ ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බව කී බිමල්, තමාගේ අමාත්‍යාංශයද වෙනස් විය හැකි බව සඳහන් කර සිටියේය. එහිදී විශේෂ වචනයක් භාවිත කිරීමටද බිමල් කටයුතු කළේය. බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිමද වෙනස් කළ යුතුව ඇතැයි කියාය. ඒ හරහා නොකියා කියූ කතාව වූයේ අගමැති ධුරයේද වෙනසක් සිදුවීමේ ඉඩකඩක් පවතින බවකි.
නමුත් බිමල්ද නොසිතූ ලෙස ඔහු කළ ප්‍රකාශයට ඊට සතියකට පමණ පසු ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති පෞද්ගලික නාලිකාවකට පැමිණ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවකි. සියලු ඇමැතිවරුන් තමන්ගේ වගකීම නිසි අයුරින් කරමින් සිටින බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය. මීට අමතරව කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිසිසේත්ම සිදු නොවන බවකි. මෙම ප්‍රකාශයන් දෙකම බිමල් කළ ප්‍රකාශයට ඍජුවම ප්‍රතිචාර දැක්වීමක් බව පැහැදිලිවම දැකගන්නට තිබිණි.
කෙසේ වෙතත් එම සිදුවීම සිදුවී මාස ගණනාවකට පසු කිසිවකුත් කතා නොකරන මොහොතක ජනාධිපතිවරයා හදිසියේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් බිමල් යටතේ තිබූ වරාය කොටස ඔහුගෙන් ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ඊට පෙර බිමල් ආණ්ඩුවේ එන්ජිම වෙනස් විය යුතු බවටත්, තමන් ඇතුළු ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් වන බවටත් ප්‍රකාශයක් සිදුකර තිබුණද අවසානයේදී වෙනස් වී තිබුණේ බිමල්ගේ අමාත්‍යාංශය පමණක් වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව විවිධ පිරිස් බිමල් ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ සිදුකර තිබූ අතර, ඊට විවිධ අර්ථකථන ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බිමල් කෝ?
කෙසේ වෙතත් රාජ්‍ය රහස් කියවන පාඨකයන්ට මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාදිය යුතු නිසා අප වෙනස් ආකාරයකින් බිමල්ගේ මේ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට මෙම සිදුවීම පසුපස ඇති ගැටලුසහගත තැන් රැසක්ම සොයාගත හැකි විය. උදාහරණයක් ලෙස බිමල්ගෙන් වරාය කොටස ඉවත් කොට නාගරික සංවර්ධන අධිකාරියට භාරදී තිබුණද එහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව බිමල් ප්‍රසිද්ධියේ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. දිවුරුම් දී පැය ගණනකට පසු බිමල් හදිසියේම විදෙස්ගත වීම පුදුමසහගත සහ ගුප්ත සිදුවීමක් බවට පත්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ සොයාබැලීම් සිදුකළද බිමල් ගිය රටක් සොයාගැනීමට අපට නොහැකි විය. එමෙන්ම අමාත්‍යාංශය පැත්තෙන් සොයා බලද්දී අපට දැකගන්නට ලැබුණේ බිමල් විදේශගත වී සිටින බවත්, අමාත්‍යාංශ රාජකාරිවලට වාර්තා කර නොමැති බවත්ය.
සාමාන්‍යයෙන් බිමල්ගේ ෆේස්බුක් ගිණුමේ නිතරම ඔහුගේ වැඩ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් යාවත්කාලීන වීමක් වන නිසා ඊට පිවිස බැලුවද අපට එහි අලුත් යාවත්කාලීන කිරීම් කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. එහි අවසන් වරට දක්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා මෙට්‍රෝ බස් ආයතනය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට බිමල් සහභාගි වී සිටි එකකි. ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදාද බිමල් සහභාගි වූ උත්සව දෙකක තොරතුරු එහි සඳහන්ව තිබිණි. නමුත් ඉන් අනතුරුව එහි යාවත්කාලීන වීමක් දැකගන්නට ලැබුණේ නැත.
ඉන් අනතුරුව අප නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියටද පිවිස ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකළෙමු. එහි බිමල් නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ කිසිදු ඡායාරූපයක් දැකගන්නට ලැබුණේ ද නැත. බිමල්ගේ නම පමණක් එහි සඳහන්ව තිබුණු නමුත් අඩුම තරමින් බිමල්ගේ ඡායාරූපය හෝ එහි පළකොට නොතිබිණි.
මීට අමතරව මේ දිනවල බාබඩෝස්හි පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පැවැත්වීම හේතුවෙන් බිමල් ඊට සහභාගි වී ඇද්ද යන්න පිළිබඳවද අපි සොයාබැලීමක නිරත වීමු. එහිදී දැනගන්නට ලැබුණේ බිමල් ඊටද සහභාගි වී නොසිටි බවකි.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු ලොකුම අර්බුදය වූයේ බිමල්ගේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ලාල්කාන්තගෙන් ප්‍රශ්න කරද්දී ලාල්කාන්ත ඊට ලබාදුන් පිළිතුරය. සාමාන්‍යයෙන් ලාල්කාන්ත සැලකෙන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ සිටින ප්‍රධාන නායකයන් පස්දෙනාගෙන් එක් අයකු ලෙසටය. ජවිපෙ ඇතුළේ හෝ ආණ්ඩුව ඇතුළේ යම්කිසි වෙනසක් සිදුවන්නේද, යම්කිසි විශේෂ සාකච්ඡාවක් සිදුවන්නේද ලාල්කාන්තට හොරෙන් එවැන්නක් සිදුවිය නොහැක. කෙසේ වෙතත් පක්ෂය ඇතුළේ මාස කීපයක සාකච්ඡාවකින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බව බිමල් කියා සිටියද, ලාල්කාන්ත කියා සිටියේ එවන් සාකච්ඡාවක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවකි. ලාල්ගේ මෙම කතාවෙන් බිමල්ගේ වරාය ඇමැතිකම ඉවත් කිරීම පක්ෂය ඇතුළේ සාකච්ඡා කොට ගත් එකක් නොවන බව පැහැදිලිය. ඒ කැබිනට් මාරුව හරහා එළියට පැන්නේ ආණ්ඩුව ඇතුළේ පවතින යම් අර්බුදයක පිළිබිඹුවක් බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම කැබිනට් මාරුවෙන් පසු බිමල්ගේ අතුරුදන් වීමද ප්‍රශ්නසහගතය. කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වීමට නියමිත බැවින් බොහෝ දෙනා බිමල්ගේ හැසිරීම දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනවා නොඅනුමානය.
සජබ-එජාප එකතුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මතුවූ සිදුවීම් පෙළ හරහා බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සජබය සහ එජාපය අතර එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. ඒ සඳහා සජබයෙන් අවංක උත්සාහයක් දැරුණු අතර, අවසන් වරට පැවැති සජබ කළමනාකරණ රැස්වීමේදී සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඊට තවත් පියවරක් ඉදිරියට තබමිනි. නමුත් එහිදී ඉදිරිපත් කෙරුණු එකම කොන්දේසිය වූයේ සජබය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වීම නිසා සජබ නායකත්වයෙන්, මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් එම එකතුව සිදුවිය යුතු යැයි කියාය.
එය සාධාරණ ඉල්ලීමක් බව ඕනෑම අයකුට පෙනී යන්නේ එජාපය රනිල්ගේ නායකත්වය යටතේ මේ වනවිට පත්ව ඇති තත්ත්වය දෙස බලන විටය. මෙවර පාර්ලිමේන්තුවේදී එජාපයෙන් කිසිදු නියෝජනයක් නොමැති අතර එජාපය මහමැතිවරණයට ඉදිරිපත් වූයේද සිලින්ඩරය ලකුණෙන් යුතුවය. 2020 පාර්ලිමේන්තුවේදී එජාපයට හිමිවූයේ එකම එක ජාතික ලැයිස්තුවක් පමණි. ලැබුණු ඡන්ද ප්‍රමාණය වූයේ ලක්ෂ දෙකහමාරක් පමණි. නමුත් දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඔළමොට්ටලයන් කිහිප දෙනකු මෝඩ තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් හා රනිල් ගත් ඡන්ද ප්‍රමාණයන් එකතු කළ විට සජබයට දිනන්නට තිබුණා යැයි කියාය.
නමුත් මොවුන් අමතක කරන කරුණ වන්නේ රනිල්ට ජනාධිපතිවරණයේදී බහුතරයක්ම ලැබුණේ එජාප ඡන්ද නොව පොහොට්ටුවේ ඡන්ද යන කාරණාවය. සජබ ඡන්දද රනිල්ට ගියේ නැත. නාමල් ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකහමාරට පොහොට්ටු ඡන්ද අඩු කරගත්තද එය මාස 5ක් ඇතුළත ලක්ෂ 10 දක්වා පළාත් පාලන මැතිවරණයේදී ඉහළ නංවා ගැනීමට නාමල්ට හැකියාව ලැබිණි. එහි තේරුම වන්නේ රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද නැවත පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවී ඇති බවකි. බොහෝ දුරට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නාමල් මෙම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 15-16 දක්වා ඉහළ නංවාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහි තේරුමද රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද සියල්ලම පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවනු ඇති බවය.
ඒ අනුව දැන් රනිල් සිටින්නේ 2020 මහ ඡන්දයෙන් ගත් ලක්ෂ දෙකහමාරක ඡන්ද ප්‍රමාණයට නැවතත් වැටීය. වරක් රටේ ජනාධිපති බවට පත්වූ රනිල් මේ වනවිට මුහුණදී ඇත්තේ එවැනි ඉරණමකටය.
නමුත් සජබයේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. සජබය පසුගිය ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදීද ආරක්ෂා කරගන්නට සමත් විය. පළාත් පාලන මැතිවරණයේදීත් මෙම ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට සජබයට හැකි විය. මේ වනවිට සජබය ගම් මට්ටමින් පවත්වන සමුපකාර ඡන්දවලින් දිගින් දිගටම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. ඇතැම් ස්ථානවල තනිවම මෙම ජයග්‍රහණ ලැබීමට සජබය සමත්ව ඇති අතර, ඇතැම් ස්ථානවල විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව ජයග්‍රහණය කිරීමට සජබය සමත්ව ඇත.
ජනාධිපතිවරණයට පෙර මාලිමාවද මේ ආකාරයෙන් ගම් මට්ටමේ සමුපාකාර එක දිගට ජයග්‍රහණ කළ අතර, ඒ අවස්ථාවේදී අනුර ප්‍රසිද්ධියේම කියා සිටියේ ගමේ ජයග්‍රාහී සමුපකාර ඡන්ද රැල්ලෙන් රටේ ජයග්‍රාහී ඡන්ද රැල්ල හඳුනාගත හැකි යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජබයද ගමේ සමුපකාර ඡන්ද එක දිගට ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී රැල්ලක් ආරම්භ කර තිබේ. නමුත් මේ සමුපකාර ඡන්දවල ඉහළින් සජබය සහ පොහොට්ටුවේ නම කියැවුණද ඒ කිසිදු තැනක එජාපයේ නමක් සඳහන් වන්නේ නැත. ඒ තරමටම ගමේ එජාපය දියවී ගොස් හමාරය.
අනෙක රනිල්ට දැන් වයස අවුරුදු 77කි. රනිල්ගේ නායකත්වය යටතේ හෝ සම නායකත්වය යටතේ හෝ ආණ්ඩු අල්ලන්න සන්ධාන හදන්න කවුරු හෝ කතා කරනවා නම් එය වසරේ හොඳම විහිළුව ලෙස සැලකිය හැකිය. මේ සියලු කරුණු දෙස බලන විට සජබය සහ එජාපය එකතුවේදී එහි මූලිකත්වය හිමිවිය යුතු වන්නේ සජබයටය. එජාප පාක්ෂිකයොත් මේ වනවිට සඳහන් කරන්නේ සජිත්ට අවශ්‍ය වේලාවේදී එජාප නායකත්වය ලබාදීමට රනිල් කටයුතු නොකිරීමෙන් එජාපය දෙකට කැඩුණු බවය. එජාපය දිගින් දිගටම පරාජයට පත්වී එකදු මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුවට පත්විය නොහැකි තැනට පත්වූ බවය. දැන් හෝ සජිත්ට නායකත්වය ලබාදී මේ පක්ෂ දෙක එකතු කළ යුතු බව එජාප පාක්ෂිකයන්ගේ ද ස්ථාවරයය.
මේ මතය එජාප පාක්ෂිකයන් තුළ ගොනුවූයේ රනිල් අත්අඩංගුවට ගැනීමෙන් පසු සජිත් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් අවංකව පෙනීසිටීමෙන් පසුවය. නමුත් රනිල් රෝහලේ ඇඳෙන් නැගිට්ට මොහොතේ සිට කළේ ඇතිවීමට තිබූ සජබ-එජාප එකතුව කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණ කිරීමය. සිය පවුලේ පත්තරවලින් බොරු පුවත් පළකරමින් සජිත් හිරේ යන බවටත්, සජිත් මුදල් අවභාවිත කර ඇති බවටත්, සජිත් අත්අඩංගුවට ගන්නා බවටත් කියමින් තමන්ට සමීප නිවුස් ප්ලාන්ට් කල්ලියත්, තම පවුලට අයත් පත්තරවලත් බොරු පුවත් මැවීමය.




තමා කිසිදු අවස්ථාවක විපක්ෂයෙන් සහතික ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.
දැනට පවතින විපක්ෂය තුළ, 2029 වසරේදී තම පාර්ශ්වයට අභියෝගයක් විය හැකි වැඩපිළිවෙලක් හෝ දැක්මක් සහිත පක්ෂයක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
පොදු එකඟතාවක තීන්දුවක්
බිමල් රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අමාත්‍යාංශවල යම් කුඩා වෙනස්කම් ප්‍රමාණයක් කර ගැනීමටත්, ඒ වගේම දක්ෂ අලුත් කණ්ඩායමකට නියෝජ්‍ය අමාත්‍ය තනතුරු සහ කැබිනට් අමාත්‍ය තනතුරක් ලබා දීමටත් තීරණය කරන ලද්දේ මාස ගණනක් තිස්සේ කරන ලද සංවාදයක ප්‍රතිඵලයක් ලෙස බවයි.
එය පොදු එකඟතාවක තීන්දුවක් බව ද සඳහන් කළේය.
මෙම නව අමාත්‍යාංශ වගකීම් භාරගැනීම තුළ තමාට වැඩි වගකීමක් ලැබී ඇති බවත්, එය විශාල එකක් බවත්, ඒ ගැන සැකයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද, ඔහු පෙර වරාය සහ නාවික සේවා අංශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, වරාය සහ නාවික සේවා අංශය උපාය මාර්ගිකව ඉතා වැදගත් වුවද, එය එක් ස්ථානයකට සීමා වී ඇති බැවින් ජනතාව දිනපතාම සම්බන්ධ වන ප්‍රමාණය අඩු බවයි.
කෙසේ වෙතත්, නාගරික සංවර්ධනය සහ ඊට අදාළ ක්ෂේත්‍රය ඊට වඩා වැදගත් සහ ප්‍රධාන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
තමාව විනිශ්චය කරනු ලබන්නේ විපක්ෂය නොව, තම පක්ෂය, තම පවුල සහ සමාජය බව ද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය
අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති කළ ප්‍රකාශයක් පිළිබදව විමසා සිටියේය.
ඊට බිමල් රත්නායක ප්‍රතිචාර දැක්වූයේ බක බක ගාගා හිනාවෙමිනි.
මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කරනු ලබන ප්‍රකාශ හාස්‍යයට ලක්කරමින් සමාජ මාධ්‍යවල පලවී ඇති විවේචන පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන Chathuranga Abeysinghe සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් මතු පළවේ.
ලියමිදෝ නොලියමිදෝ කියල හිතල, ලියන්න හිතුනා.
ඔව් හදුන්නෙතිති සහෝදරය කියපු වචන කීපයක් කාලෙන් කාලෙට රස කරන්න පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා,
හැබැයි ඒ කිසිවෙක් හඳුන් මේ සමාජයට දේශපාලනයට කල කාර්‍යබාරයෙක් අල්ප මාත්‍රයක්වත් සමාජට දායාද කල අය නෙමේ.
මාතර මාලිමාවේ විශිෂ්ඨ ජයග්‍රහණයේ සිට මාලිමාවේ දෙස් විදෙස් සංවිදාන කුසලතාව, අවංත්වය හා නිහතමානීත්ව වෙන කාගෙන්වත් ඒ ලෙවල් එකට බලාපොරොත්තු වෙන්න අමාරුයි, දූශිතයන් පාදඩයන් හා සිය පවුල්වල ධනය බලය වර්ධනය කරන්න දේශපාලනය කල අයට හුරේ දාල කඩේ ගිය අයට හදුන් වගේ අය දිරවන්නෙ ණෑ..
මොකද හදුන්ල අපේ පරම්පරාවට දායද කල දේශපාලන සංස්කෘතිය, දැණුම හා කැපකිරීම ඒ කාටවත් අනාගතේවත් සම කරන්න බෑ.
සමහරු අහහනවා ජවිපෙිපෙර්ණකාලිනයන් මොනවද කැප කරන්නෙ කියල, පූර්ණ කාලීන දේශපාලකයන් කැප කරන්නෙ ශ්‍රමය, ඔබ ව්‍යාපාරයකට හෝ තම පුද්ගලික ව්‍යාපාරය ගොඩනගන්න උදේ හවා වගුරන ශ්‍රමය හදුන්ල අපිට අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ගොඩනගන්න හා හෙටත් පවත්වාගෙන යන්න කැප වෙනවා.
ඒව කාට හරි ජෝක් වෙනවනම් මම කියන්නෙ පුද්ගලික අරමුණු අතහැරල පුලුවන් නම් මාසයක පොදු අරමුණුකට ස්වෙච්ඡාවෙන් වගකීම් ගන්න කියල..
බෑ ඔය හෑලි ලියන, කියවන කාටවත්ම බෑ
හඳුන්ව මම ලඟින්ම හදුන ගන්නේ වත්මන් රජයේ කර්මාන්ත ඇමති විදිහට, ඔව් මගේ Line Manager විදිහට. ලංකාවෙ වැදගත්ම අමාත්‍යාංශයක් හඳුන් මෙහෙයවන ආකාරය ගැන සටහනක් තියන්න වෙනවා.
අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමිය, අධ්‍යක්ෂකවරු, කර්මාන්ත හිමියන්, අතිරේක ලේකම්වරු හඳුන් ගැන ඕනෙම තැනක සාක්ෂි දරාවී. නිහතමානීත්වය, ඇහුම්කන්දීම, සාමුහික තීරණ, සෘජුබව හා, සේවක නිදහස නායකත්වයක වැදගත් ලක්ෂණ.
මේ සියල්ල එක්ක මාස 9ක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය මෙහෙයවීම මටනම් අති විශිෂ්ඨයි. හඳුන් වගේම මමත් අමාත්‍යාංශයට අළුත්, අපේ අතින් වැරදී වෙන්න පුලුවන් වචන අතපසු වෙන්න පුලුවන් නමුත් මේ ලංකාවෙ කර්මාන්ත කරනයේ නව යුගයක ආර්ම්භය සටහන් වෙන මොහොතක්.
අපේ වැරදී අඩු පාඩු හදාගන්න අතරේ අමාත්‍යාංශයේ සාදනීය ජයග්‍රහණයන් පිළිබඳවත් කතාකරනවනම් රටට හොදයි.
?දූශිතයන්ට කරගන්න බැරි වෙච්ච අමාත්‍යාංශය යටතේ තිබ්බ රාජ්‍ය ව්‍යාපාරය සියල්ලම පාහේ නිසි කළමනාකරණයට ලක් වෙලා ඉන් බහුතරයක් රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධන මාවතකට ඇවිත්
?කර්මාන්කරණයේ ප්‍රධානම බාධාව වන ඉඩම් ගැටළුවට විසඳුම් ගේන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය එකඟතාවය අරන්.
?පැදුරෙන් වහල තිබ්බ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හා Anti Dumping ප්‍රතිපත්තිය එලියට ඇවිත්
?අපනයන ප්‍රවර්ධනයට අදාල EDCM එක දැන් ක්‍රියාත්මක වෙලා ගැටළු බහුතරයක් විසඳමින්
?කර්මාන්ත පරිවර්තනයට හා ව්‍යවසායකත්ව සහයට අවශ්‍ය ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගත වෙලා නව ආයතනයක් ගොඩනැගෙමින්
?ව්‍යවසායකයන් පුහුණු කරන නිලධාරීන් නව අධ්‍යාපන හා දැණුම හා කුසලතා වර්ධනය ක්‍රියාමාර්ගයකට ඇවිත්
?දූශිතයන් අරක් ගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිදිත වී කර්මාන්තය නගාසිටුමින්
?වැඩබැරි දූශිතයන්ට කරගන්න නොහැකි වූ ඛනිජ ප්‍රතිපත්තිය අවසන් වී ඒ ආශ්‍රිත කර්මාන්තය සංවිදිත වෙමින්
? කර්මාන්ත හා ව්‍යවසායකයන්ට සහය වෙන ප්‍රාදේශීය ආකෘති ශක්තිමත් වෙමින්
ඇත්තටම මේ සටහන මාලිමාවට ආධාර කල, System Change එකකට කතිරෙ භාවිතා කල අය කියෙව්වම ඇති
වමේ දේශපාලනය දකුණට තේරෙන්න ණෑ ඒ ගැන කනගාටුවෙන්න එපා ඒ වගේම මාලිමාවෙ දේශපාලනය මාලිමාවෙ නොවන අයට තේරෙන්නෙත් නෑ..
(චතුරංග අබේසිංහ)

ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV ) විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්‍රයේ ගැටලු සහ ඉදිරියේදී සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව මෙහි දී සාකච්ජාවට ලක්විය.
ප්‍රවාහන හා මාර්ග කටයුතු සම්බන්ධයෙන් සංවර්ධන කටයුතු පහසු කිරීම හා නිසියාකාර කිරීම උදෙසා වන දිස්ත්‍රික් කමිටුවක් පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණි. එහි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න පත් කෙරිණි.
මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
''කැබිනට් මණ්ඩලයේ එකගතාවක් මත ප්‍රාදේශීය වශයෙන් ජන ජීවිතයට බලපාන අමාත්‍යාංශවල දිස්ත්‍රික් මට්ටමෙන් කමිටු පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අප අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු රැස්වීම අද දින පැවැත්වුණා. අනුරාධපුර මල්වතු ඔය පාලම පටුයි. එම නිසා අද එම පාලම වැඩි දියුණු කිරීමටත් මාර්ගය අලුත්වැඩියා කිරීමටත් මුදල් ලබාදීමත් කළා. ඒ වගේම ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමටත් රුපියල් මිලියන 250ක් වෙන් කළා.''
(lankadeepa | දයාරත්න ඇඹෝගම)


ඉතා ඉහළ පරිමාණයෙන් මෙන් ම ඉතා වේගයෙන් ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු සිදුවෙමින් පවතින්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රට පාලනය කළ පාලකයින් තමන් හෝ තම කණඩායමේ වැරදි වසා දැමුව ද ඉදිරි දිනක දී මේ සියලු දෙනාට ම එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.
රටෙහි ජනතාව පාලනය වන්නේ අවිධිමත් ආර්ථිකයකින් නම්, ජනතාව ගේ යැපුම් මාර්ග සකසා ගෙන තිබෙන්නේ අවිධිමත් ආර්ථිකයක් තුළ නම්, මත් ද්‍රව්‍ය ඒ සමග ඓන්ද්‍රීය සම්බන්ධයක් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
'' මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා. නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා'' යැයි පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (10) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමිනි.
අමාත්‍ය මණ්ඩලය පත් කර යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට තමන් කළ චෝදනාව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට පිං සිදු වන්නේ යයි ඔහු කියා සිටියේය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
කොච්චර ඇනුවත් ජෝකර්ලා
විපක්ෂයේ සිටිය දී 2024 සැප්තැම්බර් 23 දින අතුරුදහන් වුණු අනුර දිසානායක මන්ත්‍රිතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන අදහස් දක්වමින් කිව්වේ ඔය කාඩ්
කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන්නේ ජෝකර් කාඩ් එකක් විතරයි කියලා. එතුමා අද අතුරුදහන් නිසා එතුමා වෙනුවෙන් මට කියන්න තිබෙන්නෙත් ජෝකර්ලා 159ක් ඉන්න කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් දාන්න වෙන්නේ ජෝකර්ලා විතරයි කියලා.
මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා. නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා.
බිමල් ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කරලා...
බහාලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමේ දී අපි කොමිසමට කිව්වා බහාලුම් පරික්ෂා නොකර නිදහස් කිරීමට උපදෙස් දුන් බිමල් රත්නායක ඇමතිතුමාව මුලින්ම ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒ, එතුමා මේ බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දුන් බව එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා. ඒ වගේම අපි කිව්වා විමර්ශනය ස්වාධීනව සිදු වෙන්න නම් වරාය විෂය බිමල් ඇමතිතුමාගෙන් ඉවත් කළ යුතුයි කියලා. මාස නවයකට පස්සේ හරි අපේ ඉල්ලීමට ඇහුම්කන් දීම පිළිබඳ ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා.
එහෙම ඉවත් නොකලා නම් බිමල් ඉවත් කරනු කියන එක විපක්ෂයේ සටන් පාඨය වෙන බව ජනාධිපතිතුමා දන්නවා. රංග දිසානායක මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා දීමට බිමල් ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව බොරු කියලා නොමග යැව්වා කියලා මහචාර්ය දිනේෂා සමරරත්න මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කර ගත් බිමල් ඇමතිතුමාව එතැනින් ද ඉවත් කළ යුතු බව අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා.
ගලප්පත්තිට සහ නිපුණාරච්චිට මොක ද වුණේ...?
පසුගිය කැබිනට් මාරුවෙන් පසු විදේශගතවූ අමාත්‍ය බිමල් රත්නායක පළමුවරට වේයන්ගොඩින් යළි කරලියට පැමිණියේය.
කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්‍යවරිය පැවසුව ද එය ගැසට් කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරන විට ආණ්ඩු පක්ෂයෙන් බාධා ඒල්ල කර ඇතැයි වාර්තා වේ.
පහුගිය දවසක කැබිනට් කුට්ටම අනන වෙලාවේ ආණ්ඩුවේ බලවත්ම ඇමති කෙනෙක්ගේ විෂයක් මාරු උනා.
මේ මාරුව ගැන නොයෙක් කතා තියෙනවා. මේකට බලපාපු හේතු ගණනාවක් ගැනත් ආරංචි පැතිරෙනවා.
ආණ්ඩුවේ දෙවෙනියා තුන්වෙනියා වගේ ඉන්න මේ මනුස්සයාගෙ විෂය කාර්යයන් වෙනස් වුනේ උන්නැහේ භාරව හිටපු මහ මුහුදට සම්බන්ධ ආයතනයට කලාපයේ බලවත් රටකින් ඉදිරිපත් වුන යෝජනා කිහිපයක් වෙනත් බලවත් රටක කීමට ප්‍රතික්ෂේප කරපු නිසාය කියලා පැලවත්ත පැත්තෙන් ආරංචි වෙනවා.
මේ වැඩෙන් එයාට හානියක් වෙන එක වළක්වන්නලු විෂය කාර්ය මාරු කරේ.

ඒ අතරේ තවත් කතාවක් පැතිරෙනවා.
ඒකෙන් කියවෙන්නේ ආණ්ඩු පක්ෂයට උදව් කරන ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයකුගෙ ව්‍යාපාරික යෝජනාවක් අනුමතනොකිරීම මේ මාරුවට හේතුවක් කියලයි.
මේ ව්‍යාපාරික තැන ආණ්ඩුවට කොපමණ හිතවත්ද කියනවනම් මහින්ද උන්නැහේ ඉන්න කාලේ එයාගේ හොඳම යාළුවෙක් වගේ හිටියත් පහුගිය දවසක මඟුල් ගෙදරකදී එතෙන්ට ආපු ව්‍යාපාරිකයන් සියලුම දෙනා මහින්ද උන්නැහේ වට කරන් ඉන්නකොට එතුමාට කතා කිරීම තබා මුහුණවත් බැලුවෙ නෑ කියලයි කියන්නේ.
කොහොම හරි මේ ව්‍යාපාරික තැන වෙනුවෙන් ආණ්ඩුවෙ ඉහළම තැනට ගතු කියලා තියෙන්නේ ආණ්ඩුවේ වගේම පක්ෂෙත් විභුෂණය කරන හෝටල් ව්‍යාපාරික නෝන කෙනෙක් කියලයි ආරංචි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව පසුගිය 11වනදා සිට චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, ප්‍රවාහන හා මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගිය 12 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග් සහ එම ප්‍රාන්තයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සමග නිල සාකච්ඡාවක් පවත්වා ඇත.
ගුවන්ෂි ප්‍රාන්තය වර්ග කිලෝමීටර 237,000කට ආසන්න වපසරියක් සහිත භූමි ප්‍රමාණයක් සහිත මිලියන 57කට ආසන්න ජනගහණයක් සහිත ප්‍රාන්තයකි.
එහිදි චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග්, ගුවන්ෂි ප්‍රාන්තයේ ඇති විශේෂත්වයන් පිළිබඳවත්, කලාපය තුළ ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳවත්, ප්‍රධාන ජාතිකත්වයට අමතරව ජීවත් වන ජාතිකත්වයන්ගේ ජීවන තත්වයන් නගාසිටුවීම 2020 වසරේ සිට රජයේ ප්‍රමුඛතාවයක් කරගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.
තවද කෘතිම බුද්ධිය ආශ්‍රිත සේවා සැපයීමේ කර්මාන්තය හා සේවා සැපයිම සහ අග්නිදිග ආසියානු කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව හා ගුවන්ෂි ප්‍රාන්තය අතර සබඳතා ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.
පාලන බලය ලබා වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. එම් අස්ලාම් හා සෙල්වතම්බි තිලකනාදන් යන අයද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසක්ද සහභාගිවී සිටියහ.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකරට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට කතානායකවරයා ඉඩ නොදීම හේතුවෙන් ජයසේකර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක දිගට කෑ කෝ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඔහු පවසන්නේ දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්
"ඔයාලගේ කෝච්චිවල ජනෙල් වහන්න බෑ. ඒ අය කියනවා ඒක හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. ගාල්ලේ ඉඳලා කොළඹට පැය දෙක හමාරක් එද්දි එක වොෂ්රූම් එකක වතුර නෑ. දුම්රිය කියන්නේ ඔෆිස් දුම්රිය නේ. පිළිවෙලකට රස්සාවට යන මිනිස්සුන්ව ගේන්න බැරිද? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්.
ජාඇළ පැත්තේ පුංචි දරුවෙක් ඉස්සෙල්ලාම කෝච්චියේ යද්දි ජනේලේ වැටිලා ඇඟිලි දෙකක් අයින් කරා. කෝච්චියේ පළවෙනි ගමන යන දරුවාගේ ඇඟිලි දෙකක් නැති වුණාට පස්සේ, අපි අම්මලා තාත්තලා වශයෙන් වගකියන්නත් ඕනේ නේ. මම ඒ තාත්තාට කතා කරා. එයා අහනවා සර් මොකටද මේ රටේ ජීවත් වෙලා ඇහුවා.
මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ. වොෂ්රූම්, ජනෙල්, ෆෑන්. දවස් තුනකින් කියන්න ඔයා කරගන්නේ මොකක්ද කියලා මට වට්ස්ඇප් කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කෝටම කියන්නේ, සර්විස් එක දෙන්න නැත්නම් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම."
පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කළිඳු ගේ ප්‍රශ්නත් ප්‍රශ්න ද...?
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා සමග පසුගිය දා දෙරණ 360 ' වැඩසටහනේ දී කළිඳුට තිබුණු ' මාර ප්‍රශ්නය ' කුමක් දැයි අපේ අත්තම්මා සීයා ගෙන් ඇසුවා ය.
වත්මන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කර, සියලු පාර්ශවවල සහභාගිත්වයෙන් නව නීතියක් සම්පාදනය කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද අහෝසිකිරීමේ පනත් කෙටුම්පත’ (Online Safety repeal Bill) දෙවන වර කියවීම අද පස්වරු 5:11 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීණි. එම යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරපත් කරන ලද්දේ සභානායක බිමල් රත්නායක විසිනි.
හිටපු කතානායක අශෝක රන්වලට ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවැසී ය.
ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

