Language Switcher

V2025

මැල්වත්ත සමාගමේ  අවශ්‍යතාවයට මුතුරාජවෙල වැනසීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරයි

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්රී ජයවර්ධනපුර - කෝට්ටේ හා බෙල්ලන්විල - අත්තිඩිය ආශ්රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්යාත්මක වටිනාකම හා එහි ක්රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් නොමැති මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට කොළඹ ආශ්රිත ප්රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා විශාල මුදල් ප්රමාණයක් වැය කර ගංවතුර පාලන ව්යාපෘති ක්රියාත්මක කිරීමට සිදු වී ඇත. වගුරු බිම් ගොඩ කිරීම, වගුරු බිම් පද්ධති ඛණ්ඩනය කිරීම, වගුරු පද්ධති ජලාශ බවට පත් කිරීම මෙන්ම වගුරු බිම් හා ඇළ මාර්ග පද්ධති දෙපස කළු ගල් ඇතිරීම හේතුවෙන් බොහෝ තෙත් බිම් ආශ්රිත ජීවීන්ට වාසස්ථාන හා බෝවීමේ ප්රදේශ අහිමි වී ඇත.

නාගරික සංවර්ධනය හා නගර අලංකරණය යන වචන භාවිත කර සිදු කළ මෙම තෙත් බිම් පද්ධති විනාශය හේතුවෙන් අද වන විට තෙත් බිම් ආශ්රිත ජෛව ප්රජාවට දරුණු බලපෑම් එල්ල වී ඇත. කොළඹ ආශ්රිත ප්රදේශවලට පැමිණෙන තෙත් බිම් ආශ්රිත සංක්රමණික පක්ෂි විශේෂවලට ද මේ හේතුවෙන් වාසස්ථාන අහිමි වී තිබේ. එපමණක් නොව වගුරු පද්ධති කැණීම් කර විශාල ගැඹුරු ජලාශ ඉදි කිරීම හේතුවෙන් අනාගතයේ දී මුහුදු ජලය රට අභ්යන්තර ප්රදේශවලට කාන්දු වීම වර්ධනය හේතුවෙන් පස ලවණීකරණයට ලක් වී ගැටළු බොහොමයක් උද්ගත විය හැකි ය. නගර අලංකරණයේ නාමයෙන් වගුරු බිම් පද්ධති විනාශ කිරීම සිදු කරන අතරතුර කොළඹ ආශ්රිත ව සංවර්ධනය කරන නගර සියල්ල ක්රොන්ක්රීට් වනාන්තර ලෙස ගොඩනගමින් පවතී. අලුතින් ඉදි කරන හා පුළුල් කරන මාර්ග සියල්ල ශාක ආවරණවලින් තොර විවෘත නිරුවත් මාර්ග ලෙස ඉදිකර තිබේ.

නගර සියල්ල ම ශාක ආවරණයන්ගෙන් තොර විවෘත ප්රදේශ ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදි කර ඇත. මේ නිසා සූර්යය තාපය සෘජුව භූමියට පතිත වීම හේතුවෙන් සන්නයනය, සංවහනය හා විකිරණයෙන් අවට ප්රදේශයේ උෂ්ණත්වය ඉහළ යාම ඇතුළු ගැටළු ගණනාවක් නාගරික ප්රදේශවල ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදු වී ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී නාගරික ප්රදේශවලට ලැබෙන වර්ෂාපතනය පසට උරා ගැනීමට ක්රමවේදයක් නොපැවතීම හා එම ජලය ක්රොන්ක්රීට් ආවරණ මතුපිටින් ගලා ගොස් තෙත් බිම්වලට වැඩි ප්රමාණයක් යොමු වීම හේතුවෙන් කෙටි කාලීනව ගංවතුර තර්ජන ඇති වේ. මේ නිසා විශාල මුදලක් වැය කර වැසි ජලය භූගත උමං පද්ධතියක් තුළින් මුහුදට යොමු කිරීමට හා වැසි ජලය පොම්ප මගින් කැළණි ගඟට යොමු කිරීමට සිදු වී ඇත.

3 1මේ සියල්ලට ම හේතුව නාගරික සංවර්ධන අධිකාරියට හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 1971 වසරේ තෙත් බිම් සංරක්ෂණය සඳහා වන ජාත්යන්තර රැම්සාර් ප්රඥප්තිය හෝ 2006 ඔක්තොම්බර් මස ප්රකාශිත ජාතික තෙත් බිම් ප්රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුම ක්රියාත්මක කිරීම පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැති වීම ය. එපමණක් නොව තෙත් බිම්වල ජෛව පද්ධති කළමනාකරණය පිළිබඳ ව නිවැරදි දැක්මක් හා තාක්ෂණික අවබෝධයක් මෙම ආයතනවලට නොතිබීම විශාල අඩුපාඩුවකි. එවන් තත්ත්වයක් තුළ මෙරට සුවිශේෂී තෙත් බිමක් වන මුතුරාජවෙල කළමනාකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම යනු දැවැන්ත විනාශයකට මඟපාදා දීමකි. කොළඹ ආශ්රිත තෙත් බිම්වල පාරිසරික හා ජෛව විද්යාත්මක වටිනාකම් විනාශ කළ ආකාරයෙන් ම මුතුරාජවෙල තෙත් බිම සහ ඒ හා සම්බන්ධ මීගමුව කලපුව ද මෙම අධිකාරියෙන් කෙටි කාලයක දී විනාශ කර දමනු ඇත. මෙය නිවැරදි ව තේරුම් ගත යුතු ය. මාදිවෙල පිහිටි තෙත් බිම් කුරුලු උද්යානයක් සඳහා නීති විරෝධී ලෙස සමාගමකට ලබා දුන් ආකාරයෙන් ම මුතුරාජවෙල තෙත් බිම ද මැල්වත්ත ප්රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ලබා දීමට මෙම සැලැසුම සකස් කර ඇති බව අද වන විට තහවුරු වී ඇත.

මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ විනාශකාරී සැලැසුම

 මීගමුව කලපුව හා සම්බන්ධ ව ඇති සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙල මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර ඇත්තේ 1980 අංක 2 දරන නාගරික සංවර්ධන ව්යාපෘති විශේෂ විධිවිධාන පනතට අනුව ය. මෙම පනතේ 2 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පවරා ඇති බලතල මත මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්රාම නිලධාරී වසම් 15 ක පිහිටි හෙක්ටයාර 1926.6 ක භූමි ප්රදේශයක් 2021 ඔක්තොම්බර් මස 7 වන දින අංක 2248/44 දරන ගැසට් නිවේදනය මගින්= නාගරික සංවර්ධන ව්යාපෘති ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.

මෙලෙස ප්රකාශයට පත් කිරීමේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වැළැක්වීම, මෙම තෙත් බිම සංරක්ෂණය හා තිරසර භාවිතය මෙන් ම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය. නමුත් නාගරික සංවර්ධන ව්යාපෘති විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත්තේ නාගරික සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා කඩිනමින් ඉඩම් ප්රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට ය. එවන් පනතක් මගින් මුතුරාජවෙල ප්රකාශයට පත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සංරක්ෂණ කාර්යයක් සිදු කරනු ඇතැයි කිසිදු ආකාරයකින් විශ්වාස කළ නොහැකි ය.

වත්මන් ආණ්ඩුව විසින් වනාන්තර සමාගම්වලට පවරාදෙමින් සිදු කරන දැවැන්ත විනාශය හා ඒ සඳහා ගත් ප්රතිපත්තිමය තීරණවලට අනුව පෙනී යන්නේ සංරක්ෂණයේ මුවාවෙන් තෙත් බිම් පද්ධති ද සමාගම්වලට ලබා දී විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරන බව ය. ඊට හොඳ ම සාක්ෂිය මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට ම අනවසර පිරවීම් හා අනවසර අල්ලා ගැනීම් වැළැක්වීම සඳහා මෙම තෙත් බිම් ප්රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරන බව ය. එහි යටි අරුත වන්නේ අවසර මත මෙම තෙත් බිම පිරවීම් කර සංවර්ධනය කිරීමට අවස්ථාව ලබා දෙන බව ය. එසේ නොමැති ව මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීම වළක්වා සංරක්ෂණය කිරීමට පියවර ගැනීම නොවන බව ගැසට් නිවේදනයේ සඳහන් කරුණු මත ඉතා ම හොඳින් පෙනී යයි. එපමණක් නොව ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ මෙම තෙත් බිම තිරසර භාවිතය සඳහා ක්රියාමාර්ග ගන්නා බව ය.

නමුත් ඒ සඳහා වන සැලැසුම සකස් කෙරුනේ මීට වසර 27 කට ප්රථම 1994 වසරේ දී ය. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම කොටස් තුනකට වෙන් කර තිරසර කළමනාකරණය සඳහා සැලැසුමක් සකස් කෙරින. එම සැලැස්ම නිසි පරිදි ක්රියාත්මක කිරීමට ප්රධාන ගැටළු මතු වූයේ දේශපාලන බලපෑම් මත රාජ්ය ආයතනවලට මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ය. ඒ සඳහා ගත යුතු ක්රියාමාර්ගය වන්නේ අදාළ ආයතනවලට බලපෑමකින් තොරව නීති ක්රියාත්මක කිරීමට අවශ්ය ප්රජාතන්ත්රවාදී ව්යුහයක් රට තුළ ඇති කිරීම හා නීතියේ ආධිපත්යය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම ය. එසේ සිදු නොකර දැනට පවතින ව්යුහය තුළ ම මෙම තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීම යනු සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා මෙම තෙත් බිම යොදා ගැනීමට පිඹුරුපත් සැකැසීමකි.

මෙම ගැසට් නිවේදනයේ මුතුරාජවෙල තෙත් බිම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්ය කරුණු සඳහන් කර තිබේ. මුතුරාජවෙල තෙත් බිම අන්තර්ජාතික රැම්සාර් සම්මුතියට අනුව රැම්සාර් තෙත් බිමක් ලෙස ප්රකාශයට පත් කර නොමැති අතර ඒ සඳහා යෝජනාවලියක් ද ඉදිරිපත් කර නොමැත. එවන් තත්ත්වයක් තුළ මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්ය කරුණු ගැසට් නිවේදන මගින් ප්රකාශයට පත් කිරීමෙන් ජනතාව මුලා කිරීමට උත්සාහ දරන බව පෙනී යයි.

සංරක්ෂණය කළ තෙත් බිම් සංවර්ධනය කිරීමට පිඹුරුපත් සැකැසීම

හෙක්ටයාර 3068 ක් පමණ වන මුතුරාජවෙල තෙත් බිමේ කොටසක් පළමුව සංරක්ෂණය කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය. මෙම පනතේ ප්රධාන අරමුණ වන සතුන් හා වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස ප්රයෝජනයට ගැනීම වැළැක්වීම හා ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීම ය. මෙම පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝම්බර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත්රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 කක භූමි ප්රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප්රකාශයට පත් කෙරිනි.

දෙවනුව මුතුරාජවෙල තෙත් බිමට ආරක්ෂාව හිමි වූයේ ජාතික පාරිසරික පනතෙනි. මෙම පනතේ ප්රධාන අරමුණ වන්නේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ අභිවර්ධනය කිරීම සඳහා පාරිසරික තත්ත්වය විධිමත් කිරීම, පවත්වාගෙන යාම සහ එය පාලනය කිරීම සඳහා පරිසර දූෂණය වැළැක්වීම, නතර කිරීම සහ පාලනය කිරීම සඳහා ක්රියාත්මක වීම ය. මෙම පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව 2006 ඔක්තෝම්බර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනයෙන් මුතුරාජවෙල තෙත් බිමේ හෙක්ටයාර 206.678 ක තෙත් බිම් ප්රදේශයක් ලංකාවේ ප්රථම පාරිසරික ආරක්ෂක ප්රදේශය ලෙස ප්රකාශයට පත් කර තිබේ. ඉන් පසුව 2018 සැප්තැම්බර් 25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මඟින් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්රදේශය හෙක්ටයාර 162.10 ක් දක්වා අඩු කර තිබේ. මුතුරාජවෙල තෙත් බිමට අයත් ඉතිරි භූමි ප්රදේශ මෙම පනත් දෙක යටතේ ප්රකාශයට පත් කර සංරක්ෂණය කිරීම වෙනුවට මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් පෙනී යන්නේ සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා සැලැසුම් කරන බව ය.

මුතුරාජවෙල අභය භූමියට හා පාරිසරික ආරක්ෂක ප්රදේශයට ඇති ආරක්ෂාව

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්රකාශිත මුතුරාජවෙල අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හා තෙත් බිම් පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ඕනෑ ම හානි කර ක්රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධී ක්රියාවක නිරත වන පුද්ගලයකු පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්රාත් අධිකරණයක නඩු පැවරීමෙන් පසුව වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එම වැරදි පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වැරදි ලෙස ද දක්වා ඇත. මෙම නීති ක්රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමට අයත් අභය භූමි සීමාව තුළ කිසිදු සංවර්ධන ක්රියාකාරකමක් සිදු කළ නොහැකි ය. ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්යාපෘතියක් ක්රියාත්මක කරන්නේ නම් ඊට ප්රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්රියා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්ය ආයතනයකට අභය භූමියකට අයත් හෝ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත පිහිටන තෙත් බිම් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

මෙම පනතේ 23(2) උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව මුතුරාජවෙල අභය භූමියේ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත නීති විරෝධීව ව්යාපෘතියක් ක්රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24 ඈ වගන්තිවලට අනුව ප්රකාශයට පත් කර ඇති මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක කලාපයක් තුළ පනතේ 24ඈ(4) උප වගන්තියට අනුව මධ්යම පරිසර අධිකාරියේ මැදිහත්වීමකින් තොරව කිසිදු පුද්ගලයකු විසින් සංවර්ධන සැලැසුම් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම නොකළ යුතු වේ. එවන් ක්රියාවක යෙදෙන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම නීති ක්රියාත්මක කිරීමේ බලය මධ්යම පරිසර අධිකාරියට ඇත. නමුත් මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන ව්යාපෘති විශේෂ විධිවිධාන පනතෙන් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් එම අධිකාරියට මුතුරාජවෙල තෙත් බිමට හෝ එහි ජෛව ප්රජාවට ඇති කරන බලපෑම් වැළැක්වීමට ක්රියාමාර්ග ගැනීමට කිසිදු නීිතිමය ප්රතිපාදනයක් මෙම පනතට අනුව නොමැත. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සිදු වන්නේ සංරක්ෂණය වෙනුවට දැවැන්ත විනාශයකට ගොදුරු කිරීම ය. මෙය ජනාධිපතිවරයා විසින් ගත් ඉතා ම අඥාන තීරණයක් වන අතර එය පිටුපස මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සකසමින් සිටින මැල්වත්ත ප්රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම සිටින බව ඉතා ම හොඳින් තහවුරු වේ.

මුතුරාජවෙල තෙත් බිම අත්පත් කර ගැනීමේ මැල්වත්ත සමාගමේ සැලැසුම්

පසුගිය 2018 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක භූමි ප්රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබුණි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්රික්, සහකාර කොමසාරිස් එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත. ඒ අනුව වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 165ඒ තුඩුව - බෝපිටිය හා 166ඒ කුංජවත්ත යන ග්රාම නිලධාරී වසම් දෙකෙහි ව්යාප්තව ඇති අභය භූමියට අයත් පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින තෙත් බිම් ගොඩ කිරීම සඳහා ඉඩම් මැනීමට පර්චසයකට රුපියල් පන්සියය බැගින් පර්චස් 65102 ක් සඳහා රුපියල් 3,25,51000 ක මුදලක් මෙම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණි. මේ සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස ය. මැල්වත්ත සමාගමේ අජිත් පණ්ඩිතරත්න මහතාගේ හා එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ බලපෑම මත ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණේ පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් ය. ඉන් පසුව 2020 වසරේ ජුනි මාසයේ දී මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට අයත් ජා - ඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග්රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සඳහා මැල්වත්ත ප්රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම සූදානම් විය.

එලෙස සැලැසුම් කෙරුනේ ඕලන්ද ඇල, බලි ඇල හා වෑවල පල්ලි ඇලට මායිම් ව පිහිටන මෙම තෙත් බිමේ අක්කර 50 ක භූමියකි. එම භූමිය මායිම් කණු යොදා සලකුණු කර තිබුණි. ඒ සඳහා ජා - ඇල, ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩම් වෙන් කිරීමෙන් අනතුරු ව ගොඩ කර ලොරි රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බවට වාර්තා විය. මේ අතරතුර 2020 වසරේ දී ම මෙම තෙත් බිම් පද්ධතියේ අක්කර 700 ක භූමියක ගොල්ෆ් ක්රිඩා පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට අභය භූමියට අයත් පුවරු ඉවත් කර ඉඩම් වෙන් කිරීම සිදු කෙරින. මේ ආකාරයෙන් මැල්වත්ත සමාගම මුතුරාජවෙල තෙත් බිම් අත්පත් කර ගැනීමට අඛණ්ඩ උත්සාහයක නිරත වේ. දේශපාලන හා ආර්ථික බලය භාවිතා කර මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කරමින් සිටී.

නාගරික සංවර්ධන අධිකාරිය අනතුරේ හෙළන මුතුරාජවෙලේ ජෛව ප්රජාව මෙම සියළු ආයතන හා සමාගම් එක්ව විනාශ කිරීමට සැලැසුම් කරන්නේ සුවිශේෂී තෙත් බිම් සංකීර්ණයකි. මුතුරාජවෙල වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙල වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඬුගම් ඔය ඇතුළු තෙත් බිම් ගණනාවකින් මෙම පද්ධතිය සමන්විත ය. මේ නිසා ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ වල ප්රධාන බෝවීමේ ප්රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්ය විශේෂ වල පැවැත්ම මෙන්ම සුළු පන්න ධීවරයින්ගේ පැවැත්ම ද මෙම තෙත් බිම මත රදා පවතී. දැනට සිදු කර ඇති අධ්යයන වලට අනුව ජෛව විද්යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පදුරු වනාන්තර, ගංගාශ්රීත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාල වල දී ලවණ ජලයෙන් පිරී යාම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධති වලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ.

4 1මෙම විවිධ වූ පරිසර පද්ධති වල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ. අති විශාල සත්ත්ව ප්රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්යයන්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ. පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙළ තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක්රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක්රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක්රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (Glossy Ibis), දම් පිළිහුඩුවා (Black – capped Purple Kingfisher) හා පළගැටි හම්බු කුරුල්ලා (Pallas`s Grasshopper Warbler) වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි. මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් සමාගමක අවශ්යතා මත විනාශ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ඉඩදිය යුතු නැත.
animal

5මැල්වත්ත සමාගම අනතුරේ හෙළන මුතුරාජවෙල තෙත් බිමේ සංරක්ෂණ ඉතිහාසය

මෙරට විශාලත ම වෙරළාශ්රිත ලවණ වගුරු බිම වන මුතුරාජවෙල තෙත් බිම කැළණි ගගේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇත. මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව - කොළඹ ප්රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප්රදේශ ගණනාවක් පුරා ව්යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසරවලින් සමන්විත වේ. අතීතයේ සශ්රීක කුඹුරු යායක් ලෙස ප්රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශැතිවල සඳහන් වේ. ඕලන්ද යුගයේ දී කැළණි ගගේ සිට භාණ්ඩ ප්රවාහනය සඳහා මීගමුව - කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්වා මුතුරාජවෙල වෙල් යාය හරහා ඇළ මාර්ගයක් සකස් කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැදින්වේ.

පසුව ඉංග්රීසීන් විසින් භාණ්ඩ ප්රවාහනය විධිමත් කිරීම සඳහා කැළණි ගගේ සිට මුහුදු වෙරළට සමාන්තරව මුතුරාජවෙල වෙල් යාය හරහා මීගමුව කලපුව දක්වාත් එතැන් සිට පුත්තලම දක්වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී. මෙහි ප්රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙලට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අධික ප්රමාණයක් සකස් කළ ද ඉන් ප්රතිඵලයක් ලැබී නැත. මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක්රමයෙන් පරිවර්ථනය වී ඇත. මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප්රදේශයක් පුරා ව්යාප්තව ඇති මුතුරාජවෙල වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. මේ නිසා පසුගිය ඉතිහාසය තුළ සමහරුන් මෙම ප්රදේශය ගොඩ කර නිවාස යෝජනාක්රම ක්රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කිරීමට ව්යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප්රදේශයේ පදිංචි කිරීමට ය. නමුත් පරිසරය පිළිබඳ ව අවබෝධයක් ඇති සුළු පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ ව සැලැසුම් සකස් කෙරිනි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මඟින් සකස් කළ මෙම සැලැසුම 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව ක්රියාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙල හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්යාපෘතිය මඟින් මුතුරාජවෙල හා මීගමුව කලපුව සඳහා සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුමක් ද සකස් කෙරිනි. මෙම සැලැසුම් වලට අනුව මුතුරාජවෙල කොටස් තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශ්රිත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප්රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශ්රිත ව පිහිටි කොටස මුතුරාජවෙල අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය හෙවත් ප්රේරක කලාපය ලෙසත් වෙන් කෙරිනි. ස්වාරක්ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්ටනයන් අවම කිරීමට ය. මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සඳහා සැලැසුම් සකස් කිරීමට ප්රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මුතුරාජවෙල වගුරු බිම නම් කෙරිනි. එපමණක් නොව මෙය ලංකාවේ ප්රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හඳුනාගෙන තිබේ.

මුතුරාජවෙල වැනසීමේ අදුරු ඉතිහාසය

මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත් බිමේ විශාල භූමි ප්රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය. මෙහි අහිතකර ප්රතිඵල බුක්ති විඳින්නේ එහි වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත් බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප්රදේශයේ උග්ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප්රතිඵල අවසානයේ බුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව ය.

2003 වසරේ දී මෙවැනි ම ඉඩම් බෙදා දීමක් ප්රදේශයේ දේශපාලඥයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඕලිත ප්රේමතිරත්න මහතා විසින් සිදු කෙරින. ඔහු විසින් මුතුරාජවෙල තෙත්බිමේ කිදිගොඩ ප්රදේශයේ අක්කර 100 ක පමණ තෙත්බිම් ප්රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය.

2009 වසරේ දී හිටපු අමාත්ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා මහතා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඩුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මෝය ආශ්රිත ව පිහිටි අක්කර 10 ක් පමණ වන විශාල කඩොලාන දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක්රියාත්මක විය. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්රියාත්මක කළ ව්යාපෘතියකින් ද සහයෝගය ලබා ගැණිනි.

2012 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්රාදේශීය සභා මන්ත්රී ඊ.ජේ.එම්.ඩී. රූබන් මහතා විසින් පර්චස් දහයේ ඉඩම් කුට්ටිවලට වෙන්කර විකිණීමේ ජාවාරමක් ක්රියාත්මක කෙරිනි. ඒ සඳහා අනුග්රහය ලබා දුන්නේ එවකට නියෝජ්ය අමාත්ය සරත් කුමාර ගුණරත්න මහතා විසිනි.

2අභය භූමියේ පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කර එම භූමිය මැනීම් කර ඔප්පු සැකසීමට හා ශාක ඉවත් කර භූමිය සැකසීම සඳහා රුපියල් 40,000 ක පමණ මුදල ක් ලබා ගන්නා ලදී. මේ ඉඩම් බෙදා දීමෙන් අනතුරු ව බෙදා දුන් තෙත් බිම්, අභය භූමියෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් මඟින් ප්රකාශයට පත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා වී තිබුණි.

මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට සිදු කළ සමහර හානි කර ක්රියා අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වුව ද සමහර නීති විරෝධී ක්රියා තව ම ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. ජා-ඇළ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඩුගම ග්රාම නිලධාරි වසමේ බණ්ඩත්තරවෙල ප්රදේශයේ මුතුරාජවෙල අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ. දඩුගම් ඔයේ වම් ඉවුරේ සිට මීටර් දෙකක් තුනක් පමණ දුරින් තනා ඇති මෙම මාර්ගයේ පළල මීටර් 5 ක් හා දිග කිලෝමීටර් 1.2 ක් වේ. මෙම මාර්ගය ඉදිකර ඇත්තේ අභය භූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් දෙකක් වන දැනට අතහැර දමා ඇති පොල් වත්තකට හා සත්ත්ව ගොවිපළකට ළඟාවීම සඳහා ය. මෙම ගොඩ කිරීම සිදු කළ පුද්ගලයන් ජා-ඇළ ප්රාදේශීය සභාවේ ද මුදල් ප්රතිපාදන වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කරන ලද්දේ නීති විරෝධී ලෙස ය. මෙම මාර්ගය ආසන්නයේ අභය භූමිය තුළ ගුරුගේ වත්ත ලෙස හැඳින්වෙන අක්කර 30ක තෙත් බිමක් ඇතුළු ව අක්කර 99ක භූමියක් වෙන් කර ගෙන සිටින ප්රදේශයේ ප්රබල පුද්ගලයෙකු විසින් එම ඉඩම එළිපෙහෙලි කිරීම් වල වරින් වර නිරත වේ.

එපමණක් නොව ජා-ඇළ හා හැමිල්ටන් ඇළ අතර දැලතුර, තාරකුලිය ප්රදේශයේ අභය භූමියේ විශාල තෙත් බිම් ප්රදේශයක් ගොඩකර කන්ටේනර් බහාලුම් අංගනයක් ඉදි කර තිබේ. වල්ඩ් එක්ප්රස් සමාගම මගින් සිදු කළ මෙම ව්යාපෘතිය සඳහා මේ වන විට අක්කර ගණනාවක තෙත් බිම් ගොඩ කර ඇති අතර ජා-ඇළ හා සම්බන්ධ කිරීමට නව ඇළ මාර්ගයක් ද අභය භූමිය තුළ සකස් කර තිබේ. මේ නීති විරෝධී ක්රියා තව ම පාලනය කිරීමට කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රාජ්ය නිලධාරීන් තම වගකීම නිසි ලෙස ක්රියාත්මක නොකරන බව ය. එවන් රාජ්ය ආයතන අපගේ මුදල් වලින් නඩත්තු කිරීමෙන් ඵලක් තිබේ ද යන්න ජනතාව තේරුම් ගත යුතු ය. මේ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්යාපෘති ක්රියාත්මක කිරීමට මේ වන විට රාජ්ය ආයතන විසින් ම ක්රියාමාර්ග ගනිමින් සිටී. මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි්රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැඳවුමක් ස්ථාපිත කිරීමට 2017 අප්රේල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. මීට අමතර ව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්රව්ය වලින් විදුලිය නිපදවීම සඳහා ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. පසුගිය දින වල මීතොටමුල්ල කසළ රැඳවුම කඩා වැටීමත් සමඟ ම කොළඹ නාගරික බල ප්රදේශයෙන් එක් රැස් කරන කසළ රැඳවීම සඳහා භාවිතා කළේ ද මුතුරාජවෙළ තෙත් බිම ය. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බව ය.

රැම්සාර් සම්මුතිය උල්ලංඝනය කිරීම මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස නම් කර නොතිබුණ ද 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප්රඥප්තියට 1987 වසරේ ශ්රී ලංකාව අත්සන් තබන ලද අතර 1990 ඔක්තෝබර් මස 15 වන දින සිට එය බලාත්මක වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප්රදේශයක් පුරා ව්යාප්ත වූ ජාත්යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා 2018 වසරේ දී කොළඹ රැම්සාර් තෙත් බිම් නගරය ලෙස රටේ ප්රධාන වාණිජ නගරය ජාත්යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප්රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප අන්තර්ජාතිකව ද බැදී සිටී. 1990 ජුනි 15 වන දින ලංකාවේ ප්රථම රැම්සාර් තෙත් බිම ලෙස දකුණු පළාතේ බුන්දල ජාතික වනෝද්යානය (6210 ha) නම් කරන ලදී. ලංකාවේ දෙවන රැම්සාර් තෙත් බිම වයඹ පළාතේ ආනවිලුන්දාව අභය භූමිය (1397 ha) යි. එය 2001 අගෝස්තු මස 03 වන දින ප්රකාශයට පත් කළ අතර, දකුණු පළාතේ මාදුගඟ අභය භූමිය (915 ha) 2003 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තුන් වන රැම්සාර් තෙත් බිම ලෙස නම් කරන ලදී. ලංකාවේ සිවු වන රැම්සාර් තෙත් බිම ලෙස 2010 ජූලි 12 වන දින මන්නාරම දිස්ත්රික්කයේ වාන්කාලේ අභය භූමිය (4839 ha) ද ලංකාවේ පස් වන රැම්සාර් තෙත් බිම ලෙස අම්පාර දිස්ත්රික්කයේ කුමන ජාතික වනෝද්යානය (19011 ha) 2010 ඔක්තෝබර් 29 වන දින ප්රකාශයට පත් කර ඇත. 2012 පෙබරවාරි 2 වන දින ලංකාවේ රැම්සාර් තෙත් බිම් අතරට විල්පත්තුව ජාතික වනෝද්යානය ද (165,800 ha) එක් විය. ඒ අනුව ලංකාවේ හෙක්ටයාර් 198,172 ක භූමි ප්රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් පිහිටා ඇති අතර එය ලෝකයේ සමස්ත රැම්සාර් තෙත් බිම් අතුරින් 1% ක ප්රමාණයකි. කුඩා දිවයිනක් වන අප රට මෙවන් තත්ත්වයකට පත් වීම පිළිබඳ ව අප ආඩම්බර විය යුතු අතර ම ඒවා සංරක්ෂණය සඳහා ද සැබෑ දායකත්වයක් ලබාදිය යුතු ය.

ක්රියාත්මක කළ යුතු මුතුරාජවෙල සංරක්ෂණ සැලැසුම මීගමුව කලපුව හා මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය කළ යුතු වන්නේ සමස්ත පද්ධතියක් ලෙස ය. ගංවතුර පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, සුළුපන්න ධීවරයන්ගේ සුරක්ෂිතතාව, තෙත් බිම අවට ජීවත් වන ජනතාවගේ යහපත් දිවි පැවැත්ම රැදී ඇත්තේ මෙම සමස්ත තෙත් බිම් පද්ධතිය මත ය. එය විනාශ කිරීමට සමාගම්වලට හෝ කිසිදු රාජ්ය ආයතනයකට අයිතියක් නොමැත. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ රාජ්ය ප්රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. මේ අනුව කිසිදු රාජ්ය ආයතනයකට සමාගමක වුවමනාවන් වෙනුවෙන් මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීම සඳහා ක්රියාත්මක වීමට හැකියාවක් නොමැත. එපමණක් නොව රාජ්ය ආයතන හෝ සමාගම් විසින් සිදු කරන මුතුරාජවෙල තෙත් බිම් විනාශය නතර කිරීමට මැදිහත් වීමේ බලය සෑම පුරවැසියකුට ම ඇත. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 28 (ඊ) උප ව්යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමේ සියලූ ම විනාශකාරී ක්රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය අප වෙත ලබා දී ඇත. එම බලය භාවිත කර සංවර්ධනයේ නාමයෙන් ජනාධිපතිවරයා විසින් මුතුරාජවෙල විනාශ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්‍යාපාරය

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found