Image

සජබ බදුල්ල සංවිධායක ධුරයට මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

සජබ බදුල්ල සංවිධායක ධුරයට මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

සමගි ජන බලවේගයේ බදුල්ල ආසන සංවිධායක වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පත්කර ඇත.

හෙතෙම බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සහ ඌව මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකි.

2025 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පර්යේෂණ විශිෂ්ටතා සම්මානයක් ද, 2023, 2024, 2025 වසරවල කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා සෙනෙට් සම්මාන ද දිනාගනු ලැබුවේ මහාචාර්ය වීරසිංහ විසිනි.

මහාචාර්ය  වීරසිංහ, පාසල් සමයේ දි,  සමස්ත ලංකා බෞද්ධ  ශිෂ්‍ය සම්ති සම්මේලනයේ බදුල්ල දිස්ත්‍රික් ශාඛාවේ  ප්‍රධාන සභාපති (වැ. බ) ,සහ බදුල්ල රෝහල් සුව සේවා ඒකකයේ සභාපති  වශයෙන් ද කටයුතුකර ඇත.

මීට අමතරව , ආසියානු සංවර්ධන බැංකුවේ පද්ධති වැඩිදියුණු කිරීමේ වැඩසටහනේ ජාතික සන්නිවේදන විශේෂඥ , ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික , ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාතික ලේකම් කාර්‍යලයේ සභාපති, බෙයිජිං හි චීන ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්ව්දුලි ආයතනයේ විදේශ විශේෂඥ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් කළමනාකාර,  ජාත්‍යන්තර විගමන සංවිධානයේ සහ සහභාගිත්ව සංවර්ධන ආයතනයේ ජාතික සන්නිවේදන විශේෂඥ ආදී තනතුරු ද මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසින් දරනු ලැබ ඇත.

ඌව ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා ද වන මහාචාර්ය වීරසිංහ,  හිරු රූපවාහිනියෙන් ප්‍රචාරය වන පෝදා ධර්ම සාකච්ජාව හරහා ජනතා අවධානය දිනාගෙන ඇත.

 මහාචාර්ය වීරසිංහ, 2023 වසරේ සිට සජබ හාලිඇල ප්‍රධාන  සංවිධායක  වශයෙන් ද සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු වශයෙන් ද,  සජබ ප්‍රධාන පුහුණු කිරීමේ විශේෂඥ ලෙසද කටයුතු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න