Image

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාප්පක්ෂට එරෙහිව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට නියෝග

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාප්පක්ෂට එරෙහිව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාප්පක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී, ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජප්පක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙසට නියෝග කර තිබෙනවා.

නිසි සුදුසුකම් සපුරා නොතිබිය දී, විත්තිකාර යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිඛෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න