වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීමට ආසන්න වෙද්දීත් මෙරට ගොවි ජනතාව ගේ වී අස්වැනු සඳහා සාධාරණ මිලක් සහ විධිමත් මිලක් ලබාදීමට අපොහොසත් වී ඇති රජය, මහා පරිමාණ වී මෝල් හිමියන් ගේ උපදෙස් මත ක්‍රියා කරමින් ගොවියා ගේ අයිතියට පයින් ගසා ඇති අනුර කුමාර දිසානායකගේ “බොරු කියන ආණ්ඩුව” ගොවියා ගේ ප්‍රශ්න විසදීම තව වසරකින් කල් දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (16) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පොළොන්නරුවේ පැවැති ගොවි සමුළුවේ දී වී සඳහා සාධාරණ මිලක් ලබාදීම ලබන වසර දක්වා කල් දැමීම මගින් ආණ්ඩුවේ අසරණභාවය සහ ගොවි ජනතාව කෙරෙහි දක්වන අසාධාරණ පිළිවෙත මැනවින් හෙළිදරව් වූ බවත්, සරල කොන්දේසි කීපයක් සම්පූර්ණ කර ගොවියාට සාධාරණයක් ඉටුකිරීම වෙනුවට, කාලය ඉදිරියට දමමින් ගොවීන් තව තවත් පීඩාවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී ජයන්ත සමරවීර කළ සම්පූර්ණ ප්‍රකාශය අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
