76 වසරක සාපය කිය කියා බලයට පැමිණි මාලිමා රජයේ දෙබිඩි නිරුවත දැන් හෙළිදරව් වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ 76 වසරක රාජ්‍ය පාලනය තුළ ගොවියාට ලබා දුන් සැලකිල්ලට වඩා වැඩි සේවාවක් ගොවියා වෙනුවෙන් ඉටු කරන්න බවත් එදා සමගි ජන බලවේගය සහ තමා විසින් පොහොර මිටිය රු.5000ට දෙනවායැයි පවසන විට වී වගාවට හෙට්ටයාරයට රු. 25000ක් ලැබුනොත් හොදයි යැයි සිතා මාලිමාවට ඡන්දය දුන්නත් අද වන විට සහන මිලට බීජ නොමැති වීම, පොහොර සහනාධාරය වෙලාවට නොමැති වීම, පොහොරවල මෙන්ම තෙල් පොහොරවලද ගුණාත්මකභාවය ගැන ගැටලු පැවතීම, උපකරණ මිල ඉහළ යාම, වන අලි මිනිස් ගැටුම ආදිය ඇතුළු ගැටලු රැසක් මත වගා කටයුතු කළත් අවසානයේ අස්වැන්න වෙළෙදපොළට දෙන විට නියමිත මිලක් නොමැතිව කුණු කොල්ලයට අස්වැන්න මිලදී ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අනපනත් හරහා පත් කරනවා කිව්වත් අද වන විට තෙත් වී රු. 90ට බවත් සමහර වී ගබඩා විවෘත කරවත් නොමැති බවත් මේ රජය බොරු කර කර රවටා බලය ගත් පසු වෙනත් කතාවක් කියන බවත් එදා බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි අද පවසන බවත් ගොවියාත් ජනතාවත් මංමුලා කර රැවටීම නිසා අද වන විට ගොවි ජනතාව අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
''අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන්ට අනුව නම් කෘෂිකර්මාන්තයෙන් රට දියුණු කරන්න බැහැ''
අලි මිනිස් ගැටුම මෙන්ම රිලා මිනිස් ගැටුමක් ද රටේ පවතින බවත් අනෙකුත් වන සතුන් අතර ද ගැටුමක් පවතින බවත් පසුගිය දිනවල අනෙකුත් සතුන් ගැන සංගණනයක් කරනවා කියා රටේ ඉන්න සතුන් ප්‍රමාණය හෙළිදරව් කළ බවත් ජනතාව මේවාට විසදුම් අපේක්ෂාවෙන් සිටින බවත් නෙදර්ලන්තය වැනි රටවල් කෘෂිකාර්මික ක්ෂේත්‍රය හරහා පොහොසත් වී ඇති මොහොතක අප රටේ සමහර අයට අනුව කෘෂිකර්මාන්තයෙන් අප රට දියුණු කරන්න බැරි බවත් අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන් එසේ කිව්වත් නෙදර්ලන්තය කෘෂි අපනයනවලින් ඩොලර් බිලියන ගණන් ආධාර ලබන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
කෘෂිකර්මාන්තයට ද කෘතීම බුද්ධිය උපයෝගී කර ගත හැකි වුවත් මේ රජයට තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සුහුරු ගොවියා බිහි කරන්න නොහැකි බවත් සමගි ජන බලවේගයේ සංකල්පය වන්නේ සුහුරු ගොවියා බවත් අඩු වියදමින් වැඩි පළදාවක් ලබන ගුණාත්මකභාවයෙන් ඉහළ ප්‍රභේද නිර්මාණය කර දේශීය අවශ්‍යතාවට පමණක් නොව ලෝකයේ අවශ්‍යතාවලටද සැපයුමක් දිය හැකි අපනයන කෘෂිකර්මාන්තයක් බිහි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.
විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය සාකච්ඡා පවත්වන්නේ එකතු වී ඡන්දය ඉල්ලීමට නොවේ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (සැප්. 4) පැවසීය.
සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන මැතිවරණවලට මුහුණ දීමට සමගි ජන බලවේගයට බලාපොරොත්තුවක් නැති බව ද ඔහු කීවේය.
අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් බවත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන බවත් මන්ත්‍රිවරයා පැවසීය.
මැතිවරණයක් ආසන්නයේ එම පක්ෂ හා කණ්ඩායම්වලින් පිරිසක් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇති බවත් තවත් පිරිසක් වෙන වෙනම මැතිවරණවලට මුහුණ දෙනු ඇති බවත් මන්ත්‍රිවරයා කීය.
ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වීමට හැකි කණ්ඩායම් සමඟ සමගි ජන බලවේගය එකතු වීමට කටයුතු කරන බව ඔහු කීය.
ඒ අනුව, මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සමඟ එකතු වීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලබන බව රාජකරුණා මන්ත්‍රිවරයා පැවසීය.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලයත් ලැබී ඇති බැවින් මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නිහඬ කරමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
The leader.lk
පාර්ලිමේන්තුව රැස්වී රු. බි. 500 කට වැඩි ප්රමාණයක් දිට්වා කුණාටුවෙන් විපතට පත් ජනතාවට සේම යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කර ගත් නමුත් මේ මුදල් ජනතාව අතරට ගෙන යාමේ දී මූල්ය හා භෞතික ප්රගතිය දුර්වල මට්ටමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
2027 වසරේදී ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අවසන් වූ පසු, සමස්ත ජනතාවට හිතකර අනුප්රාප්තික IMF ගිවිසුමක් රටට අවශ්‍ය බවත්,
පවතින ගිවිසුම තුළ ඇති ජනතා පීඩනය නැති කර ජනතාවට හිතකර ආර්ථික තත්ත්වයක් නිර්මාණය කළ හැකි අනුප්රාප්තිකIMF ගිවිසුමක් කරා රජය යොමුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව පෙරළීමට ශක්තිය ඇති එකම බලවේගය සමගි ජනබලවේගය පමණක් බව සහතික කර පෙන්වීමට (24) හැකිවූ බවත්, ඒ වෙනුවෙන් පොල්දූව මංසන්ධියට පැමිණි රටේ ජනතාවට උත්තමාචාරය පුදකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
දේශපාලන පක්ෂ තනි පුද්ගලයන් හෝ තනි නායකයින් මත යැපීම වෙනුවට අභ්යන්තර ප්රජාතන්ත්රවාදයෙන් යුතු ශක්තිමත් පක්ෂ ආයතන ලෙස ගොඩනැගිය යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන අවධාරණය කරයි.
අශෝක් අබේසිංහ සජබයේ සියලු තනතුරුවලින් ඉවත් වෙයි
දූෂිතයින් නීතිය හමුවට ගෙන එන බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, ජනාධිපතිවරයා ඊයේ ගම්පහදී කළ ප්රකාශය පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ජනාධිපතිවරයාට අද ගැටළු කිහිපයක් යොමු කළා.
IMFහත්වැනි සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත කණ්ඩායම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකින්(Staff-Level Agreement) තොරව සංචාරය අවසන් කර තිබීම සහ IMFනියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව අතර පැවැත්වූ සාකච්ජාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යාව පිළිබඳ මහාචාර්ය ප්රසන්න පෙරේරා අද (01) කරුණු පැහැදිලි කළා.
පසුගිය(17) සෙනසුරාදා මුළු දිවයිනේම සිදුවූ විදුලිය බිඳ වැටීමත්, ඒ සමඟම නොරොච්චෝලේ බලාගාරය අක්රීය කිරීමත් ආණ්ඩුවේ විදුලි මාෆියාවේම කොටසක් විය හැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.
කළු රාජ්යයට සුදු අන්දන බව කියමින්, තවත් චිකාගෝ පන්නයේ මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජනබලවේගයේ නියෝජ්ය නීති ලේකම් රජිත ලක්මාල් මහතා පවසනවා.
සජිත් නොසන්සුන් කළ දුරකතන ඇමතුම...
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම වීමෙන් පසුව ගිහි ඇඳුමක් අන්දවා උන්වහන්සේ වෙනත් නඩුවක් සඳහා අධිකරණයට රැගෙන එමින් සිටින බව කාටත් පෙරම සජිත්ගේ කණ වැකුණේ ඔහුට හිතවත් නීතිඥවරයෙකු ලබාදුන් ඇමතුමක් අනුවය. එම දුරකතන සංවාදයේදී අදාළ නීතිඥවරයා සජිත්ට දැනුම් දුන්නේ මෙම ක්රියාව ඉතා බරපතල ප්රතිවිපාක ගෙන දෙන සමාජයම නොසන්සුන් කරන සිදුවීමක් වනු ඇති බවය. ඒ අනුව තත්ත්වය තේරුම් ගත් සජිත්, කෙටුම්පත්වී ඇති සියලු නීති අණ පනත්වලට අමතරව භික්ෂූන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්රියාවලිය පිළිබඳ කරුණු විමසන්නට පියවර ගත්තේ, අදාළ කරුණු ගැන මනා අවබෝධයක් ඇති භික්ෂූන් වහන්සේලා සමගද සම්බන්ධ වෙමිනි. ඉන් අනතුරුව මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙය වහා නිවැරදි කරන ලෙස සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) යෝජිත 22 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් සංවිධානය කළ විරෝධතා පාගමන සහ ජන රැළිය අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවැතිවිණි.
විනිසුරු විශ්‍රම වයස දීර්ඝ කිරීමට අදාළ 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යෙන් සිදුකළ යුතු බව සමගි ජනබලවේගයේ නීති ලේකම් නීතිඥ මහේෂ් පරාක්‍රම පැවසී ය.
''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ස්වාධීන අධිකරණයට අත තැබූ සෑම අවස්ථාවකම රටේ නායකයා චෝදනාවලට ලක්වීමත්, රට අස්ථාවරභාවයට පත්වීමත් එකවර දැකගැනීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
කාලයක් සද්දයක් බද්දයක් නැතිව හිටිය විමල් වීරවංශලා දැන් ඔන්න එළියට ඇවිත්.
දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවැති හමුවක දී ය.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඒකාබද්ධ ගමනකට එක්වන්න
''මේ ගමනේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දේශපාලන දඩයම නතර කිරීම යි. ඒ තුළ මෙරට දූෂණය වංචාව හොරකම පිටුදැකීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනවා. අපි ඉන් බැහැර වන්නේ නැහැ. දූෂණයට, වංචාවට සහ හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යි.
රජය සහ රජය සම්බන්ධ පාර්ශ්ව වලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ගත නොහැකි යි.
සමගි ජන බලවේගය පැහැදිලිවම මර්දනයට සහ තර්ජනයට විරුද්ධ යි. මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සඳහන් වෙලා තියෙනවා. භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස සංස්කෘතික නිදහස තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය මූලික කර ගෙන ඒකාබද්ධ ගමනක් යන්නට එක්වන්න.
පක්ෂග්‍රාහී නොවන වැඩසටහනක් පොදු යහපත ප්‍රජාතන්ත්‍රවාදය මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ගුණාංගය කේන්ද්‍ර කර ගෙන යන විට එකතු විය හැකි අය මේ ගමනට එක්විය හැකි යි.
නිදහස් මාධ්‍ය අයිතිය සුරකිමු
එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු යි. ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු යි. මේ සන්නිවේදනයට අත තියන්න රජය විවිධ උත්සාහයන් දරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරවා.''
මාලිමා ආණ්ඩුව, ක්ලීන් ශ්‍රී ලංකා යැයි පවසමින් තමන් ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්නට අවස්ථාව සලසා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

