76 වසරක සාපය කිය කියා බලයට පැමිණි මාලිමා රජයේ දෙබිඩි නිරුවත දැන් හෙළිදරව් වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ 76 වසරක රාජ්‍ය පාලනය තුළ ගොවියාට ලබා දුන් සැලකිල්ලට වඩා වැඩි සේවාවක් ගොවියා වෙනුවෙන් ඉටු කරන්න බවත් එදා සමගි ජන බලවේගය සහ තමා විසින් පොහොර මිටිය රු.5000ට දෙනවායැයි පවසන විට වී වගාවට හෙට්ටයාරයට රු. 25000ක් ලැබුනොත් හොදයි යැයි සිතා මාලිමාවට ඡන්දය දුන්නත් අද වන විට සහන මිලට බීජ නොමැති වීම, පොහොර සහනාධාරය වෙලාවට නොමැති වීම, පොහොරවල මෙන්ම තෙල් පොහොරවලද ගුණාත්මකභාවය ගැන ගැටලු පැවතීම, උපකරණ මිල ඉහළ යාම, වන අලි මිනිස් ගැටුම ආදිය ඇතුළු ගැටලු රැසක් මත වගා කටයුතු කළත් අවසානයේ අස්වැන්න වෙළෙදපොළට දෙන විට නියමිත මිලක් නොමැතිව කුණු කොල්ලයට අස්වැන්න මිලදී ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අනපනත් හරහා පත් කරනවා කිව්වත් අද වන විට තෙත් වී රු. 90ට බවත් සමහර වී ගබඩා විවෘත කරවත් නොමැති බවත් මේ රජය බොරු කර කර රවටා බලය ගත් පසු වෙනත් කතාවක් කියන බවත් එදා බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි අද පවසන බවත් ගොවියාත් ජනතාවත් මංමුලා කර රැවටීම නිසා අද වන විට ගොවි ජනතාව අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
''අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන්ට අනුව නම් කෘෂිකර්මාන්තයෙන් රට දියුණු කරන්න බැහැ''
අලි මිනිස් ගැටුම මෙන්ම රිලා මිනිස් ගැටුමක් ද රටේ පවතින බවත් අනෙකුත් වන සතුන් අතර ද ගැටුමක් පවතින බවත් පසුගිය දිනවල අනෙකුත් සතුන් ගැන සංගණනයක් කරනවා කියා රටේ ඉන්න සතුන් ප්‍රමාණය හෙළිදරව් කළ බවත් ජනතාව මේවාට විසදුම් අපේක්ෂාවෙන් සිටින බවත් නෙදර්ලන්තය වැනි රටවල් කෘෂිකාර්මික ක්ෂේත්‍රය හරහා පොහොසත් වී ඇති මොහොතක අප රටේ සමහර අයට අනුව කෘෂිකර්මාන්තයෙන් අප රට දියුණු කරන්න බැරි බවත් අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන් එසේ කිව්වත් නෙදර්ලන්තය කෘෂි අපනයනවලින් ඩොලර් බිලියන ගණන් ආධාර ලබන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
කෘෂිකර්මාන්තයට ද කෘතීම බුද්ධිය උපයෝගී කර ගත හැකි වුවත් මේ රජයට තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සුහුරු ගොවියා බිහි කරන්න නොහැකි බවත් සමගි ජන බලවේගයේ සංකල්පය වන්නේ සුහුරු ගොවියා බවත් අඩු වියදමින් වැඩි පළදාවක් ලබන ගුණාත්මකභාවයෙන් ඉහළ ප්‍රභේද නිර්මාණය කර දේශීය අවශ්‍යතාවට පමණක් නොව ලෝකයේ අවශ්‍යතාවලටද සැපයුමක් දිය හැකි අපනයන කෘෂිකර්මාන්තයක් බිහි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.
විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය සාකච්ඡා පවත්වන්නේ එකතු වී ඡන්දය ඉල්ලීමට නොවේ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (සැප්. 4) පැවසීය.
සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන මැතිවරණවලට මුහුණ දීමට සමගි ජන බලවේගයට බලාපොරොත්තුවක් නැති බව ද ඔහු කීවේය.
අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් බවත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන බවත් මන්ත්‍රිවරයා පැවසීය.
මැතිවරණයක් ආසන්නයේ එම පක්ෂ හා කණ්ඩායම්වලින් පිරිසක් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇති බවත් තවත් පිරිසක් වෙන වෙනම මැතිවරණවලට මුහුණ දෙනු ඇති බවත් මන්ත්‍රිවරයා කීය.
ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වීමට හැකි කණ්ඩායම් සමඟ සමගි ජන බලවේගය එකතු වීමට කටයුතු කරන බව ඔහු කීය.
ඒ අනුව, මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සමඟ එකතු වීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලබන බව රාජකරුණා මන්ත්‍රිවරයා පැවසීය.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලයත් ලැබී ඇති බැවින් මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නිහඬ කරමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
The leader.lk
''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
කාලයක් සද්දයක් බද්දයක් නැතිව හිටිය විමල් වීරවංශලා දැන් ඔන්න එළියට ඇවිත්.
දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවැති හමුවක දී ය.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඒකාබද්ධ ගමනකට එක්වන්න
''මේ ගමනේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දේශපාලන දඩයම නතර කිරීම යි. ඒ තුළ මෙරට දූෂණය වංචාව හොරකම පිටුදැකීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනවා. අපි ඉන් බැහැර වන්නේ නැහැ. දූෂණයට, වංචාවට සහ හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යි.
රජය සහ රජය සම්බන්ධ පාර්ශ්ව වලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ගත නොහැකි යි.
සමගි ජන බලවේගය පැහැදිලිවම මර්දනයට සහ තර්ජනයට විරුද්ධ යි. මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සඳහන් වෙලා තියෙනවා. භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස සංස්කෘතික නිදහස තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය මූලික කර ගෙන ඒකාබද්ධ ගමනක් යන්නට එක්වන්න.
පක්ෂග්‍රාහී නොවන වැඩසටහනක් පොදු යහපත ප්‍රජාතන්ත්‍රවාදය මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ගුණාංගය කේන්ද්‍ර කර ගෙන යන විට එකතු විය හැකි අය මේ ගමනට එක්විය හැකි යි.
නිදහස් මාධ්‍ය අයිතිය සුරකිමු
එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු යි. ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු යි. මේ සන්නිවේදනයට අත තියන්න රජය විවිධ උත්සාහයන් දරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරවා.''
මාලිමා ආණ්ඩුව, ක්ලීන් ශ්‍රී ලංකා යැයි පවසමින් තමන් ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්නට අවස්ථාව සලසා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අත්තනෝමතික ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇති අතර
පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය.
එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවත් සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර ඇති බවත් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න රටේ බහුතර ජනතාවක ගේ මතය යැයි සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක පැවසී ය.
එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වූ බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඔහු ඒ බව සදහන් කළේය.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බවයි.
අනාගතයේ දී පැමිණීමට නියමිත එල්නිනෝ තත්ත්වය මුහුණ දීම සඳහා කඩිනමින් ම කාර්ය සාධන බළකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අල්ලස් චෝදනා එල්ල වී සිටින චරිත් අබේසිංහ එම කාලවකවානුවේ (2023) මේ සිදුවීම සිදුවූ බව කියන 2023 කාලසීමාවේ දී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ ගේ චේම්බරයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පැවසී ය.
2023 වසරේ සිදු කළා යැයි පැවසෙන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලව ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කළ සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට පක්ෂය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය සඳහන් කරයි.
ජවිපෙ යළිත් වෛරය වපුරවන්නේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.
අයවැය ඡන්දය තිබුණු දවසේ රාත්‍රියේ විපක්ෂයෙ ලොක්කෙක්ගෙ ගෙදර රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා.
සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.
සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසූ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලබාදීමක් ගැන කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය යැයි සමගි ජනබලවේගය පවසයි.
එළඹෙන මැයි පළමුවන දා එක්සත් ජාතාක පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇතැයි Neth News you tube නාලිකාව ඉදිරිපත් කරන 'කනින් කොණින්' වැඩසටහන වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

