අත්තනෝමතික ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නැගී සිටීමේ අවශ්යතාවය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
රජයේ බලධාරීන් අත්තනෝමතික ආකාරයට නෙට් මීටරින් නෙට් එකවුන්ටින් ඉවත් කර නෙට් ප්ලස් ක්රමවේදය ඉදිරිපත් කිරීම නිසා ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට සුවිශේෂ ශක්තියක් ලබා දී ඇති බවත්, නමට පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළත් ක්රියාව සෘජුව හා වක්රව තාප හා ඉන්ධන බලාගාර මාෆියාව ප්රවර්ධනය කරන්න රජය දරන උත්සාහයට විරුද්ධව සුනිත්ය බලශක්තිය රැක ගන්න මහජන උපයෝගීතා කොමිසම හමුවට පැමිණි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇති අතර
පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය.
එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවත් සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර ඇති බවත් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න රටේ බහුතර ජනතාවක ගේ මතය යැයි සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක පැවසී ය.
එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වූ බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඔහු ඒ බව සදහන් කළේය.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විශේෂ ප්රකාශයක් සිදු කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට ක්රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්රවේශ වීමට තීරණය කළ බවයි.
අනාගතයේ දී පැමිණීමට නියමිත එල්නිනෝ තත්ත්වය මුහුණ දීම සඳහා කඩිනමින් ම කාර්ය සාධන බළකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විරුද්ධ පක්ෂයේ සියලුම කණ්ඩායම් සියයට 57 ක ඡන්ද ප්රතිශතයක් ලබා ගෙන ඇති බවත්, ඒ අනුව සමගි ජනබලවේගයේ පක්ෂ ප්රවර්ධන වැඩසටහන සමඟ ඊළඟට පැමිණෙන ඕනෑම මැතිවරණයක දී ජයග්රහණය සඳහා අඩිතාලම දමා අවසන් යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසී ය.
රටේ ජාතික ස්වාභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීමටත්, එම ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමත් වෙනුවෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා තිබේ.
අල්ලස් චෝදනා එල්ල වී සිටින චරිත් අබේසිංහ එම කාලවකවානුවේ (2023) මේ සිදුවීම සිදුවූ බව කියන 2023 කාලසීමාවේ දී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ ගේ චේම්බරයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්රික් සංවිධායක වරුණ රාජපක්ෂ පැවසී ය.
2023 වසරේ සිදු කළා යැයි පැවසෙන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලව ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කළ සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවිමට පක්ෂය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය සඳහන් කරයි.
අනුර කුමාර ජනාධිපතිවරයා බලය වෙනුවට, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම නැමැති දූෂණය සිදු කිරීමට උත්සාහ දරන බවත්, ඔහු කළ යුතු වන්නේ ජයවර්ධන ජනාධිපතිවරයා ගේ ආණ්ඩු ක්රම වස්ථාවට සංශෝධන ගෙන ඒම නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතාවට පොරොන්දු වූ නව ව්යවස්ථාව ගෙන ඒම යැයි සජබ කෘත්යාධිකාරි මණ්ඩල සභික විශේෂඥ වෛද්ය චමල් සංජීව පැවසී ය.
ජවිපෙ යළිත් වෛරය වපුරවන්නේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.
අයවැය ඡන්දය තිබුණු දවසේ රාත්‍රියේ විපක්ෂයෙ ලොක්කෙක්ගෙ ගෙදර රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා.
සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.
සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසූ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ගිහි ඇඳුමකින් අධිකරණය දක්වා රැගෙන ඒම තුළ ආණ්ඩුව චේතනාන්විතවම රට අන්තවාදීත්වයකට තල්ලුකර ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.
සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්ය කවින්ද ජයවර්ධන මහතා, බෙල්ජියමේ බ්රසල්ස් නුවරට ගොස් තිබෙනවා.
ආණ්ඩු බලයට එහා ගිය රාජ්‍යයේ බලය අත්පත් කරගැනීම මාලිමා ආණ්ඩුවේ අරමුණ හා අපේක්ෂාව වී ඇති බව සමගි ජනබලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසනවා.
පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලබාදීමක් ගැන කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය යැයි සමගි ජනබලවේගය පවසයි.
එළඹෙන මැයි පළමුවන දා එක්සත් ජාතාක පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇතැයි Neth News you tube නාලිකාව ඉදිරිපත් කරන 'කනින් කොණින්' වැඩසටහන වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

