දූෂිතයින් නීතිය හමුවට ගෙන එන බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, ජනාධිපතිවරයා ඊයේ ගම්පහදී කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ජනාධිපතිවරයාට අද ගැටළු කිහිපයක් යොමු කළා.
ඔහු විමසා සිටියේ, පැලවත්තට සම්බන්ධ අයට එක් නීතියකුත්, රටේ සෙසු පිරිස්වලට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන්නේ ඇයි ? යන්නයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කළේ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වීමට පෙර සිදුවූ දූෂිත සිදුවීම්වලට මෙන්ම, ඔහු ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සිදුවූ දූෂිත සිදුවීම් සියල්ලටමත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
කෝට්ටේ සමගි ජනබලවේග මූලස්ථානයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
“අපට මතකයි අපේ රටට මීට පෙර ප්‍රමිතියෙන් තොර පොහොර නැවක් ගෙනාවා. ඒකේ තිබුණේ අසූචි පොහොර කියලත් කිව්වා. ඒකෙදී හානි වුනේ මහජන මුදල්, මේ ආණ්ඩුව බාල ගල්අඟුරු නැව් 19 ගෙනාවා, පාඩු වුනේ මහජන මුදල් කෝ නීතිය ක්‍රියාත්මක කළා. කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවා, ඒක ගැන හොයන්න ජනාධිපති කමිටුවක් පත් කළා, කෝ ඒ වාර්තාව ඇයි ජනාධිපති ඒක ලාච්චුවේ දාලා හැංගුවේ. කෝ ඒ කන්ටේනර් පන්නපු එකට නීතිය ක්‍රියාත්මක කළා. මහබැංකුවේ ඩොලර් මිලියන 2.5ක හොරකම් කළා, කෝ ඒකට නීතිය ක්‍රියාත්මක කළා. මේවා සිද්ධ වුනේ, අනුර ජනපතිවුනාට පස්සේ. දැන් මේ වංචාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?
අපි ඉල්ලීමක් කරන්න කැමතියි ජනාධිපතිතුමාගෙන්. ඔබේ සැමට සමාන නීතිය මේ අයටත් ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ තව දවසක ගම්පහට ඇවිත් කියන්න ඔන්න පැලවත්තේ හිටපු පිරිසකටත් දඬුවම් දුන්නා කියලා. අන්න එදාට ජනතාව සතුටුවෙයි. ඇත්තටම යහපාලන ආණ්ඩු කාලේ දාපු නඩුවල තීන්දු තමයි මේ දැන් ලැබෙමින් තියෙන්නේ. මේවා බොහෝමයක් මේ ආණ්ඩුව ආවට පස්සේ දාපු නඩු නෙමෙයි.”
එවිට මාධ්‍යවේදියකු විමසා සිටියේ, සැමට නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසුවත්, වසන්තට, මහින්දට නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවයි.
ඊට පිළිතුරු දුන් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කියා සිටියේ…,
“ ඒක තමයි අපි කියන්නේ, පැලවත්ත ගෝලබාලයන්ට වෙන නීතියක්. අර ගල්කිස්ස උසාවියේ තියෙන නඩුව ඇහෙන බවත් පේන්නත් නෑ. ඒකට සම්බන්ධ විනිසුරුවරුන්ව ස්ථාන මාරු කරලා තියෙනවා. ඇත්තටම පැලවත්තට එක නීතියක්, අනිත් අයට තව නීතියක්. එහෙම කරන්න එපා ජනාධිපතිතුමා හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න.”
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජකරුණා මන්ත්‍රීවරයා අවධාරණය කළේ…,
“ ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ ඒකාධිපති වියරුවකින්. 88 – 89 කාලයේ බෝම්බ ගහල අත්පත් කරගන්න බැරි වුණු රාජ්‍ය බලය දැන් නීතිය වෙනස් කරමින් අත්පත් කරගැනීමයි මේ අයගේ අරමුණ. ඒ නිසා අපි නැවතත් කියන්නේ පැලවත්තට එක නීතියකුයි අනෙක් අයට තවත් ආකාරයක නීතියකුයි ක්‍රියාත්මක නොකර, පොදු නීතියක් රටටම ක්‍රියාත්මක කරන්න.”
IMF එක දැන් බදු ගහන හැටි ඉගෙන ගන්නේ කාගෙන් ද?
ජනාධිපතිවරයා ගම්පහදී ප්‍රකාශ කළ ඉන්ධන සහනාධාරය ගැනත් මන්ත්‍රීවරයා අදහස් පළ කළා.
“ ජනාධිපතිවරයා ඊයේ කියනවා මම අහගෙන ඉන්ධන සහනාධාරයට ලොකු මුදලක් වෙන් කරනවාය, එම නිසා ඉන්ධනවල බර ජනතාවට දෙන්නේ නැතය කියල. අපිට පෙරලා ජනාධිපතිට කියන්න තියෙන්නේ, බදු පිට බදු ගහලා, බලු බද්දකුත් ගහලා, මගුලට, කොටහළු මගුලට සිංදු දැම්මම ඒකටත් බදු ගහලා මහා මුදලක් ජනතාවගෙන් හුරගෙන, දැන් කියනවා ඉන්ධනවල බර ජනතාවට දෙන්නේ නෑ කියලා. ජනාධිපතිතුමා ඔය බදු සල්ලි දෙන්නෙත් මේ රටේ මිනිස්සු, ඒවායින් තමයි ඉන්ධන සහනාධාර කියලා එකක් දෙන්නේ, නැතුව පැලවත්තේ කැට හොළවපු සල්ලි නෙමෙයි. දැන් මූත්‍රා කරන්නත් TIN අංකය අනිවාර්ය කරන රටක මෙන්න ඇමති එරංග වීරරත්නලා එදා ටින් එක විවේචනය කරපු හැටි” කියමින් මන්ත්‍රීවරයා හඬපටයක් අසන්නට සැලැස්වීය.
ඉන් අනතුරුව ඔහු කියා සිටියේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ( IMF) පවා බදු අයකර ගන්නා ආකාරය ඉගෙන ගන්නේ වර්තමාන මාලිමා ආණ්ඩුවෙන් කියාය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදුන්න ඉලක්කවලටත් එහා ගොස් ජනතාව පීඩාවට පත් කරමින් මේ අයකරනා බදු තුළින් ඒ බව හොඳින්ම පැහැදිලි වන බවත් හර්ෂණ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එමෙන්ම 2026 පළමු මාස 5 තුළ රුපියල් කෝටි 15 ක රන් භාණ්ඩ උකස් කර ඇති බවත්, මෙය 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 16.12 % වැඩිවීමක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
ඔහු පෙන්වා දුන්නේ, දෙසැම්බර් යනු නිරත්තරයෙන් නත්තලට සහ නව වසර උදාවට ජනතාව සූදානම් වෙද්දී මිල මුදල්වල අවශ්‍යතාව මත යම් රත්ත්‍රන් ප්‍රමාණයක් උකස් තැබීම සිදුවුවද, ජනවාරි සිට මාස 5 ගතවෙද්දී එම උකස් තැබීමේ ප්‍රමාණය 16% ඉක්මවා යෑම හරහා කියා පාන්නේ, ජනතාවගේ ගෘහ ආර්ථිකයට එල්ලවී ඇති පීඩනයේ තරම බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
