ඇමරිකා මහාද්වීපයේ සිදුවූ සාම පාගමනේ තිබූ ස්වංක්‍රීය භාවය, හැඩය සහ පෙනුම ශ්‍රී ලංකාව තුළ සැබෑ 'ආගමික' හැඩයකට ප්‍රාදූර්භූත වී ඇති බව පෙනේ.
කෙසේ නමුත් ඇමරිකාව තුළ සිදුවූ මතුපිට ස්වයංක්‍රීය හැඩය, සහ පෙනුම පතුළේ මහා ආගමික හැඩයක් ගෙන තිබූ බව එසැණින් සිදුවූ මහා ඉරාන යුද්ධය අභිමුවේ නිහඬව සිටි ඇමරිකානු ජනතාව ගෙන් ද පිළිබිඹු වේ.
ඒ අතින් ශ්‍රි ලංකාවේ රජය මේ සංස්කෘතික පා ගමන සම්පූර්ණයෙන් ම රජ්‍ය අනුග්‍රහය සහිතව කිරීම හොඳයි. නොඑසේ නම් මෙය අත්තනෝමතික විපක්ෂ බලවේග ඩැහැගෙන මහා විජ්ජුම්බරයක් සැලසුම් කරණු ඇත.
මෙම සාම පාගමනේ ප්‍රධාන අරමුණ අභ්‍යන්තර සාමය සොයා ගැනීමට පුද්ගලයින් පෙලඹවීමයි. අභ්‍යන්තර සාමය යනු පුද්ගලයින් ගෙ මනසේ ඇතිවිය යුතු සංහිඳියාව. හැබැයි මනසේ සංහිඳියාව බාහිර ලෝකයේ සංහිඳියාවට සමානුපාත වෙනවා. බාහිර ලෞකික ලෝකයේ සාමය පවතී නම් දයලෙක්තිකය වැඩ කරමින් අභ්‍යන්තර සාමය පිහිටුවා ගැනීමට එය ඉවහල් කරගන්න පුළුවන් වෙනවා.
ඉතිං සාමය දයලෙක්තිකයි. ආගමික වීම නිහඬ කරවීම නිසා, අභ්‍යන්තර ගිනි ඇවිළෙද්දී නිහඬ කිරීමක් කරන්න පුළුවන්. ඉරාන යුද්ධය ලෝකය අවුලුවද්දී නිහඬව සිටි ඇමරිකානු ජනතාව ගැන මට ඇති වන්නෙ කණගාටුවක්. එයම ට්‍රම්ප්ට තනිව යුද්ධය පිළිබඳ තීරණ ගැනීමට කොන්ග්‍රස් අනුමැතිය ලබා දීමෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා.
ඉතිං මේ සැණින් ඇමරිකාවට ශ්‍රී මහා බෝධි අංකුරය ගෙනයෑම සහ එදා ඕල්කොට් පැමිණ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මගින් පිහටවූ ආගම ඈත්තටම අතිශය සමීපයි, එකම spectrum එකක් හෙවත් වර්ණාවලියක්. නැත්නම් project එකක් හැටියට පේනවා.
මෙය සංස්කෘතික දේශපාලනික හැඩයක් ගන්න එකක් නිසා මේ රාජ්‍ය මැදිහත්වීම හොඳයි.
හැබැයි මගේ බුදුන් කියවීම මේ සංස්කෘතික සීමා අතික්‍රමණය කරනවා.
සාම පා ගමන හොඳින් වේවා යැයි පතමු...
Sumana wijerathne

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
