ස්විට්සර්ලන්තයෙන් ආපදා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට

ස්විට්සර්ලන්තයෙන් ආපදා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට

ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රැසක් මෙම ආධාර තොගයේ අඩංගුය.

මෙට්‍රික් ටොන් 2.6ක් බරැති මෙම ආධාර තොගය ඇසුරුම් 17කින් සමන්විතය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 

(Adaderana)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න