Image

හෝටල් පරිශ්‍රයේ CCTV දර්ශන සහ දුරකතන වාර්තා ජොන්ස්ටන් වෙත මුදා හරින්නැයි අධිකරණ නියෝගයක්

හෝටල් පරිශ්‍රයේ CCTV දර්ශන සහ දුරකතන වාර්තා ජොන්ස්ටන් වෙත මුදා හරින්නැයි අධිකරණ නියෝගයක්

BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිත කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන ප්‍රශ්නගත BMW රථය ගාල් කළ හෝටල් පරිශ්‍රයේ CCTV දර්ශන සහ දුරකතන වාර්තා ඇතුළත් සීඩී තැටි සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අධිකරණ රෙජිස්ටර්වරියට නියෝග කළේ ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය.

නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන සැප්තැම්බර් මස 17 තෙක් කල් තැබිණි.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගේ උපදෙස් පරිදි සිදුකළ විමර්ශනයක් සිදු කර ඇත.

WP C 24-0430" දරණ ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හිල්ටන් හෝටලයේ වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමෙන් අනතුරුව එය පොලිස් භාරයට ගෙන විමර්ශන සිදු කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න