පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් අද (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙරට පුද්ගලික නීති පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පුරවැසියන් ගේ, විශේෂයෙන් ම කාන්තාවන් ගේ සහ දරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂා කරන බව යෝජනාවේ සඳහන් ය.ෑ
යෝජිත පනත් කෙටුම්පත්
1. විවාහය නොවැළැක්විය හැකි ලෙස බිඳවැටීම මත විවාහය විසිරුවා හැරීමේ පනත: විවාහයක් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි අවස්ථාවක දී (Irretrievable breakdown) දික්කසාදය ලබා ගැනීමට නීතිමය ඉඩකඩ සැලසීම සහ දෙපාර්ශවයේ එකඟතාව මත දික්කසාද වීමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීම මෙහි අරමුණයි.
2. මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත: අවම විවාහ වයස අවුරුදු 18 ලෙස නියම කිරීම, විවාහ ලේඛනවල මනාලියගේ අත්සන අනිවාර්ය කිරීම, සුදුසුකම් ලත් කාන්තාවන්ට කාසි (Quazi) තනතුරු දැරීමට ඉඩ ලබා දීම සහ අලුතින් පත් කරන කාසිවරුන් නීතිඥවරුන් විය යුතු බවට වන සංශෝධන මෙයට ඇතුළත් වේ.
මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය වනු ඇතැයි ෆයිසර් මුස්තාපා විශ්වාසය පළ කළේ ය.

