#dilithjayaweera

  • 'නරක' සහ 'වඩා නරක' අතරින් එකක් තෝරාගැනීම - එඩිතර සර්වජනයා

    දිලිත් නැගී සිටියේ ය. ඒ සමඟම සර්වජන බලය ද නැගී සිටියේය. ඔවුන් එසේ නැගී සිටියේ හෙට දවසේ වාසිය දෙස බලා හෝ තමන්ට පහසු මොහොතක නොවේ. වඩාත්ම තීරණාත්මක මොහොතේ දී ය;

  • 'මේ වෙද්දි අපේ රටේ විදේශීය ජාවාරම්කාරයෝ පිරිල' - දිලිත් ජයවීර

    වර්තමානයේ දී මේ රටේ වීදේශීය ජාවරම් කාරයෝ පිරී ඇතැයි සර්ව ජනබල පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

  • 21 ජනරැළියට එක්වන්නැයි දිලිත් ප්‍රමුඛ සර්වජන බලයට ආරාධනා

    "මහා ජන හඬ" නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට ආරාධනා කෙරින.

  • UNHRC මෙරට නියෝජිත කණ්ඩායමේ ක්‍රියාකලාපය ගැන දිලිත්ගේ කනස්සල්ල

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙරට විදේශ ප්‍රතිපත්තිය විනාශකාරී අන්දමින් ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධව තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ යෝජනා සම්මතය පිළිබඳ දිලිත් ජයවීර සිය X අවකාශයේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

    මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බැඳී සිටින ඔවුන් මිලියන 22ක් වූ ජනතාවට ඒ පිළිබඳ වහා සැපයිය යුතු අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ යෝජනාවට පක්ෂව මිතුරු රටවල් පවා අදහස් දැක්වීම කම්පනයට පත්වන පාවාදීමක් බව ද ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබේ.

    ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ ජාතියේ ප්‍රමුඛතාවන් හෑල්ලුවට ලක්වීම වත්මන් රජයේ දුර්වලතාව හා අසමත්භාවය ප්‍රදර්ශනය කිරීමක් බවත් සිය සටහන මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.



    දිලිත්ගේ X සටහන



    Screenshot 2025 10 08 101121

  • අපි ආයෙත් දිලිත්ට අහුවෙමු ද...? Ideas front වීඩියෝවක්

    දිලිත් ජයවීර විසින් කරනු ලබන්නේ රටෙහි පවතින සැබෑ ප්‍රශ්න සංස්කෘතික සහ ආගමික ප්‍රශ්න බවට පත්කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • අපේ අරමුණ බිංදුවට ම වැටුණ මිනිස්සු නැගිට්ටවීම - දිලිත් ජයවීර

    අපිට අවශ්‍ය වන්නේ බිංදුවට ම වැටුණ මිනිස්සු කෙසේ හෝ නගා සිටුවීම යැයි සර්ව ජනබල නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.

  • අවතැන් වූවන්ට දිලිත් ගෙන් සහන රැසක්

    කැඩුණු නිවාස හරියට ම සතියකින් සාදා දෙන බවත්, අද සිට දින ගණන් කර බිත්තියෙත් ලියා තබාගන්නා ලෙසත් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර කටාන ප්‍රදේශයේ ආපදාවට ලක් වු පිරිසකට පැවසි ය.

  • චම්පික සහ දිලිත් අතර හමුවක්

    මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ මතුව ඇති බරපතළ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  සහ 'සර්වජන බලය' නායක දිලිත් ජයවීර අතර විශේෂ නිල හමුවක් පවත්වා ඇත.

  • ජනපතිගේ කොන්ද පණ නැද්ද...? දිලිත් ජයවීර අසයි

    අනුර කුමාර ජනාධිපතිවරයා කොන්ද පණ නැති වැඩකරන්නේ යැයි සර්ව ජනබල පක්ෂ නායක දිලිත් ජයවීර පවසයි.

  • ජවිපෙ දිලිත්ට දුන් දේශපාලන තෑග්ග - (නවම් මීගොඩ)

    දිලිත් ජයවීර දේශපාලනයට පිවිසි දා සිටම සොයමින් සිටි දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ ඔහුට රන් බන්දේසියක තබා පිළිගැන්වීය.

  • තුර්කි තානාපති සහ දිලිත් ජයවීර අතර හමුවක්

    ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් මහතා ගේ ආරාධනයෙන්, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී , ව්‍යවසායක දිලිත් ජයවීර තුර්කි තානාපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

  • දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද...? - Ideas front වීඩියෝවක්

    ටිල්වින් සිල්වා දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු නැගෙනහිර ප්‍රදේශ පාලනය කිරීම සඳහා මේ දෙදෙනා ම අනුගමනය කරන්නේ එක ම පිළිවෙත බවත්, මේ දෙදෙනා ගේ ම හදවතෙහි 'සිංහල සාරය' යම් ප්‍රමාණයකට සදාකාලිකව ම තැන්පත් වී ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • දිලිත්ගෙන් ජනපතිට කෘතඥතාවය

    ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතික ගුරු සමුළුව අමතමින් අධ්‍යාපන ප්‍රතිංස්කරණ පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ.

    එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ වර්ධනයට ආපසු හැරවිය නොහැකි ලෙස හානි කළ හැකි ප්‍රතිපත්තිමය පියවරක් පිළිබඳව සිදු කරන නිරන්තර විවේචනයන්ට, ජනාධිපතිවරයා සවන් දීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කරන බවය.

    එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ බොහෝ විධිවිධාන මෙරට ස්වාධීනත්වයට සහ වටිනාකම් පද්ධතියට බටහිරයන්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව හෙළි කරන බවද එහි සඳහන් වේ.

    ලාංකීය අනන්‍යතාවය ගොඩනඟන ශිෂ්ටාචාරමය වටිනාකම්, විශේෂයෙන් ගුරුවරුන් විසින් ඉටු කරන පරාර්ථකාමී භූමිකාව, සම්මුතියකට නොගෙන ඉදිරියට යන ආකාරය පිළිබඳව ද අප පැහැදිලි විය යුතු බව එම X සටහනේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    dilith x

  • නියමිත වෙලාවෙ දි නිශ්චල මුහුද සුනාමියක් වේවි - දිලිත් ජයවීර

    දේශපාලනය ගැන වැඩි විශ්වාසයක් නොමැති බවත්, නිවැරදි වේලාවට නිශ්චල මුහුද සුනාමියක් දක්වා පරිවර්තනය වන්නේ යැයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පැවසී ය.

  • මව්බිමේ බලාපොරොත්තුව

    රට එකවරම කඩා වැටෙන්නේ නැත. එකවර කඩා වැටුණා නම් ඊට මුහුණ දීම පවා මීට වඩා පහසු වනු ඇත. ඊට වෙනස්ව, අපේ රට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි තරම් අතිශය මන්දගාමීව, නිහඬව සහ දරුණු ලෙස අගාධයක් දෙසට පාවෙමින් තිබේ. ජනතාව ගේ විශ්වාසය දිය වී යන, රාජ්‍ය ආයතන අඩපණ වන, සහ මුළු මහත් අලුත් පරම්පරාවක් ම තමන් ගේ අනාගතය මේ රට තුළ තියෙනවාද නැද්ද? කියා නිහඬව තමන් ගෙන් ම ප්‍රශ්න කරන භයානක කලාපයකට රට තල්ලු වෙමින් පවතී.

    දිලිත් ජයවීර නමැති නායකයා නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ මොහොත වෙනුවෙනි.

  • මෙතෙක් රට පාලනය කළ කිසිවකුට නිවැරදි දර්ශනයක් තිබුණෙ නැහැ - දිලිත් ජයවීර

    නිදහසින් පසු මෙරට පාලනය කළ විවිධ දේශපාලන පක්ෂ නිවැරැදි දේශපාලන දර්ශනයකින් තොරව, ඒ ඒ අවස්ථාවේ පැන නගින ප්‍රශ්න සඳහා පිළිතුරු සොයමින් ජාතික වැඩපිළිවෙළකින් තොරව  රට පාලනය කළ බැවින් අපේ රට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සර්ව ජනබලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.

  • මේ ආණ්ඩුව වැටුනොත් එන්නෙ අන්ත දක්‍ෂිණාංශික දිලිත්ගෙ කණ්ඩායමක් | Uvindu Kurukulasuriya

    අනිවාර්යයෙන්ම ජනාධිපතිට පුද්ගලිකවම නඩු ගොඩකට මුහුණ දෙන්න වෙනව.

  • විනිසුරුවරුන් ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව විපක්ෂය කතානායකට ලියයි

    උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන් ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ව්‍යවස්ථාදායකය සභාවේ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලීමක් කරන ලෙස ද,  පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කර ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමින්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් අද (12) ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදී ඇත.

     

    721466946 1433462078587943 7993604772192446523 n

    719188275 1433462101921274 3191766173525851249 n

    (මාධ්‍ය අංශය )විපක්ෂ නායක කාර්යාලය - ‎ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

  • සර්වජන බලය, මහනුවර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු පත් කරයි

    මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය  ශක්තිමත් කිරීමේ වැඩසටහනක් යටතේ ආසන සංවිධායකවරුන් පත් කිරීම සාර්ථකව පසුගිය දින සිදුකරනු ලැබුවා. 

  • සර්වජන සෙනෙහසින් ජෙනිටස් පුර ජනතාවට නැගිටින්නට සවියක්

    තම කණ්ඩායමෙහි අවශ්‍යතාව වූයේ මේ සිදුවූ ව්‍යයසනය හමුවේ දේශපාලනය නොකර ජනතාවට සෙනෙහස පැතිර වීම වන අතර සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය වන්නේ ද එය යැයි සර්ව ජනබලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.

Page 1 of 2

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න