දිලිත් ජයවීර දේශපාලනයට පිවිසි දා සිටම සොයමින් සිටි දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ ඔහුට රන් බන්දේසියක තබා පිළිගැන්වීය.
එනම් ගැටුමක් හරහා ගොඩනැගෙන දේශපාලන වලංගුභාවයයි. මෙයට දොර විවර කළේ බිමල් රත්නායක වන අතර, ලක්මාලි හේමචන්ද්‍ර එයට පයින් ගසා මුළුමනින්ම විවෘත කර දුන්නාය. විපක්ෂයට, සහ මාධ්යට, ලක්මාලී යනු ඕනෑම වෙලාවක ස්ටාර්ට් කරන්න පුලුවන් දේශපාලන ලැම්බෝගිනියකි.
ලක්මාලී, යනු ජවිපේ ආණ්ඩුව සහ එහි හැමකෙනෙක්ම ස්වෙච්චාවෙන් ආරක්ශා කරන පලිහකි. කෞශල්‍යාට පවා ඇමතිදූර ලැබුනුවිට, ලක්මාලිට යමක් නොලැබුනත්, ඇය කවදාවත් ඇයගේ සටන අත් හැරියේ නැත. කවුරු, මොනවා කිව්වත්, ජවිපේ ඉන්න ලස්සනම සහ අව්‍යාජ ගැහැනිය, ඇයයි. මක්නිසාදයත්, ඇයගේ හිතේ එකක්, සහ කටේ එකක් නැත. ඇය සැමවිටම, කතාකරන්නේ, තමුන් දුටු, තමුන් අත් දැක්ක කුරිරු ජීවිතයේ, තිබෙන අත්දැකීම් එක්ක.

ඇය, සුජීව සේනසිංහට, තමුන්ගේ හිරුණි විජේසිංහ වෙනුවෙන් ප්‍රහාර එල්ල කරන්නේ, කවුරුත් කියලා නෙමේය. හිංසනයට, ලක්මාලී හැමදාමත් එරෙහිව, කතා කරා විතරක් නෙමේ අනෙක් එවුන් වෙනුවෙන් කතා කරලා අමාරුවේ වැටිලා තියෙන වාර, බොහෝමයි.
ලක්මාලීගේ තර්ක, තේරෙන්නේ, ලක්මාලීට විතරය. ඇය, දේශපාලනිකව කපටි නැත. ලක්මාලීව අප හැමෝම, කියව ගත යුත්තේ, ජවිපේ කැඩපත හැටියටය.
බොහෝ ජවිපේ මිනිස්සු විපක්ෂයේ ඉන්නකොට, සුන්දර මිනිස්සුන්ය. ඔවුන්ට, වැරදුනේ, රාජ්‍ය පාලනය කරන්න ගිහිල්ලාය. පොඩ්ඩක්, හිතන්න,මේ ව්‍යසනයේ දී, විපක්ශයේ, ලක්මාලී නොහොත් ජවිපේ කැඩපත, කෙසේ හැසිරෙයිද?
ලක්මාලී වැනි අයට මිනිස්සු සමච්චල් කරන එකත්, වෛර කරන එකත් වැරදිය. ඇය වැනි, අයට අනුම්පා කර, ඔවුන්ට සෑබෑ සමාජය සමග අත් වැල් බැදගන්න අභිප්‍රේරණයක් දිය යුතු කාලය ඇවිත් ඇත.
ලක්මාලී කවුරු මොනවා කිව්වත්, අව්‍යජ කාන්තාවකි.
නමුත්, ලක්මාලී දේශපාලනිකව, ලොකු වැරද්දක් කලා. ඒ දිලිත්ට, මෙච්චර කල් ඕනෑ වුනු දෙයක් කලා.
අපි මාස 18 ක් පසු පසට යමු.....

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කළ මොහොතේ පටන්ම දිලිත් මෙම දේශපාලන අලබෝලය තේරුම්ගෙන සිටියේය.
දිලිත්ට එවෙලාවේ ඕනෑ වුනේ, ජනාධිපතිවරණයේ, උඩින්ම, ඉන්න එකා එක්ක වලියක පැටලීමයි. නමුත්, අනුර දේශපාලනිකව, කපටියෙකි. ඒ වෙලාවේ, අනුරට, ඡන්දය දිනන්න, දෙරණ නැතිවම බැරිවිය. හිරු, සජිත් එක්ක හිටගෙන ඉන්නාවිට, අනුර, දෙරණ අත් දෙකෙන්ම අල්ලා ගත්තාය. දෙරණේ සෙට් එකේ, ලයින් එක, රනිල්ට හෝ සජිත්ට වඩා, අනුරට ලග බව, අනුරට නෙමේ, දේශපාලනයේ, ඉන්න ඕනෑම අත දරුවකුට තේරෙනවාය.
දිලිත්ට එම වේදිකාව අහිමි කරමින් ඔහුව අවමානයට ලක් කිරීමට තරම් දිසානායක බුද්ධිමත් විය. මැතිවරණ ව්‍යාපාරය පුරාත් ඉන් ඔබ්බටත් දිලිත් ජවිපෙ අවුස්සමින්, අභියෝග කරමින් ඔවුන්ට සදාචාරාත්මක සහ මූල්‍යමය දූෂණ චෝදනා එල්ල කළේය.
ඊට ජවිපෙ ප්‍රතිචාරය? උපායමාර්ගික නිහැඬියාවයි. ඒ, ඊයේ දිනය වන තුරු පමණි
ඊයේ, ලක්මාලී ගැහුව්වේ, දිලිත් හා දෙරණටය. එකෙන් වුනේ, දෙරණේ අනුරට මචං, අයියා,සහෝදරයා කියාගෙන හිටපු එවුන්ගේ ඔළුගෙඩි ඇවස්සීමයි. හත් දෙයියනේ, දෙරණ කියන්නේ, දිලිතුයි, චතුරයි, කලිදුයි නෙමේ, කියලා ලක්මාලී නොදැන සිටියාවත්ද?
ලක්මාලි ගේ දේශපාලන සුදුව හින්දා, එක්සත් ජාතික පක්ශයේ, සජබේ, සහ පොහොට්ටුවේ, එවුනුත් අද, රනිල්,සජිත් සහ නාමල්, දවසකට අත හැර, දිලිත්ව ආරක්ෂා කරනවාය. ලක්මාලී හින්දා, ජෙප්පෝ ඔක්කෝම, දිලිත්ට ගහනවාය. සිරිසයි, සියතයි, ලක්මාලීව උස්සන්කොට, හිරු, දිලිත්ව උස්සනවාය.
ජෙප්පොන්ට, වැරදුණ තැන, දේශද්‍රෝහියා, ලේබලය දිලිත්ගේ ඇගේ ඇලවීමය. අපි වෙනුවෙන් අපි, හදපු, දිලිත්ට දේශද්‍රෝහි ලේබලය අලවන එවුන් අමු කුහකයෝ විතරක් නොව, අමුම අමු මෝඩයින්ය.

ජවිපෙ විසින් දිලිත්ව එක රැයකින් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් කරන ලදී. විශේෂයෙන්ම ලක්මාලී හේමචන්ද්‍ර විසින්, නිකම්ම නිකන් 'කරදරකාරයෙකු' ලෙස සිටි ඔහුව 'තර්ජනයක්' දක්වා පරිවර්තනය කළාය.
දිලිත් බලා සිටි උපායමාර්ගික විවරය එයයි.
දැන් ඔහු මෙය ඉතා පරිස්සමින් රැක ගත යුතුය.
අඩු හැඟීම්, වැඩි උපායමාර්ග. ලක්මලීට පහර දීමට ඉඩ දෙන්න. ඇයට, සර්වජන සෙනෙහස දෙන්න. ඔහුට පහර දෙමින් ප්‍රවෘත්ති අවකාශය ආක්‍රමණය කිරීමට ඇයට ඉඩ දෙන්න.
ඇය දිලිත් වෙනුවෙන් වැය කරන සෑම මිනිත්තුවක්ම, මිලියන ගනනක, දේශපාලන ආයෝජනයක්.
සමහර විට ප්‍රහාරයකට දිය හැකි හොඳම ප්‍රතිචාරය පෙරළා පහර දීම නොව, සිනහවකින් මුව සරසාගෙන තව තවත් පහර දීමට ප්‍රතිවාදියාට ආරාධනා කිරීමයි.
නමුත්, ලක්මාලී නොහොත් ජවිපෙ සැබෑ සතුරා, දිලිත් නොව, මහජනයා බව, තව සති තුනකින් ඔවුන් තේරුම් ගනිවී.දිලිත්, දැන්, කලයුත්තේ එකම, එක දෙයයි. සර්වජන බලය කණ්ඩායම සමඟ සර්වජන සෙනෙහස ඉස්සරහට අරගෙන යාමයි. හොඳම දේ, පොඩි එවුන්ට ජීවිත් වෙන්න පරිසරය ගොඩ නගලා දෙන එක. පොඩි එවුන්ව,අභිප්‍රේරණය කරන එක.පොඩි එවුන්ට, උගන්නන එක. පොඩි එවුන්ට, නැති වුනාම, සැලෙන්නේ නැතිව, නැගිටින්නට, අත දෙන එක. අම්මලා, තාත්තලා, නැති පොඩි එවුන්ට, තාත්තෙක් වෙන එක. ඒ දේ, රටේ ජනාධිපති වෙන එකට වඩා උත්කෘෂ්ටයි.
(නවම් මීගොඩ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
