පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සිරගත කිරීමේ සිදුවීමත් සමඟ පොදුජන සමාජයෙන් මතුව ඇති විරෝධය විසඳීම සඳහා,
ජනාධිපතිතුමාට හිමි බලතල පාවිච්චි කරමින් කලින් සිදු වූ පරිපාලන දෝෂ මඟහරවා උන්වහන්සේට වහාම නිවැරදි ලෙස ජනාධිපති සමාව ලබා දෙන ලෙස සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී ව්යවසායක දිලිත් ජයවීර රජයෙන් ඉල්ලා සිටියි."
මීට අදාළව විශේෂ මාධ්ය හමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ, පොලිසිය යොදවා ස්වාමීන් වහන්සේලාට සහ උපාසක උපාසිකාවන්ට පහර දෙමින් හෝ අවමන් කරමින් මෙම ප්රශ්නය විසඳිය නොහැකි බවයි.
එය පැය ගණනක් ඇතුළත විසඳිය හැකි ප්රශ්නයක් බවත්, පටු අර්ථකථනවලින් තොරව රටේ සංස්කෘතියට සහ සභ්යත්වයට විය හැකි හානිය ගැන සිතා ජනාධිපතිවරයා බුද්ධිමත්ව කඩිනම් තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද දිලිත් ජයවීර වැඩිදුරටත් අවධාරණය කළේය.
මතු පළවන්නේ මෙම මාධ්ය සාකච්ඡාවේදී සර්වජන බලය නායක පා.ම ව්යවසායක දිලිත් ජයවීර පළකළ සම්පූර්ණ අදහස් දැක්වීමයි.
"මතු වී ඇති විශේෂ තත්ත්වයන් කිහිපයකුත්, මම හිතන්නේ ශ්රී ලාංකික දේශපාලනික, සමාජික, ඒ වගේම අපේ සංස්කෘතික වාතාවරණය තුළ මතුවෙමින් පවතින්නා වූ මේ තීරණාත්මක සිදුවීම් ධාමය පිළිබඳ සර්වජන බලය හැටියට අපේ කියවා ගැනීමත්, අපේ යෝජනාවත් මෙසේ සඳහන් කරන්නට කැමතියි.
මම සඳහන් කළ පරිදි දැන් මේ මතුවෙමින් ඇති තත්ත්වයන් පිළිබඳ සර්වජන බලය හැටියට අපිට නිරීක්ෂණයක් තියෙනවා මේ පිළිබඳව.
බුදු දහමට සහ සභ්යත්වයට සිදුවන හානිය පිළිබඳ මහජන මතය
මේ ඥානසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමත්, ඒ නිසා ඇති වුණු ගරුතර සමා සංඝරත්නය ඊට දක්වන ප්රතිචාරයත් පිළිබඳව මාධ්යයේ යම්කිසි කතිකාවක් අපි දකිනවා. නමුත් මේක අපි සඳහන් කරන්නට ඕන, මේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව මේ මාධ්ය මෙහෙවන කණ්ඩායම් වලටත්, ඒ වගේම ආණ්ඩුවේ සමහර කොටස් වලටත් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවයි පෙනි යන්නේ. ඒයින් අදහස් වන්නේ දැන් දිගු කාලයක් තිස්සේ මේ ආණ්ඩුව බලයට පත්වෙලා, ඒ ගත වුණු කාලය තුළ දිගින් දිගටම සාකච්ඡාව වන කාරණයක් තමයි, මේ ආණ්ඩුව අපේ බුදු දහමට, අපේ සභ්යත්වයේ පාදම වන බුදු දහමට දිගින් දිගටම අකටයුතුකම් කරන බව.
ඒ වගේම ඒ බුදු දහමට මෙතෙක් කල් තිබුණු සැලකිල්ල සම්පූර්ණයෙන්ම නැති වෙච්ච බව. මේක විටින් විට විටින් විට සමාජය මතුවෙනවා, සාකච්ඡාවේ භාජනය වෙනවා. ඒ නිසාම පොදු මතයක් ඇති වෙලා තියෙනවා, මේ ආණ්ඩුව හැමවිටම උත්සාහ කරන්නේ බුදු දහම සහ බුදු දහමෙන් පෝෂණය වෙන අපේ සභ්යත්වය පාගා දමන්නට කියලා.
මේ කතාන්දරය තේරුම් ගන්නේ නැතුව, මම හිතන්නේ මේකට විසඳුමක් හොයන්නට බැහැ. ඒ නිසා තමයි දැන් සමහර වෙලාවට අපි මාධ්යයේ දකින්නේ මේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගැන සාකච්ඡා කරනවා.
ඊළඟට මේ මීට විරුද්ධත්වය දක්වන ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු ගෙන හැර දක්වනවා. එහෙම නැත්නම් මේ විරෝධතා ව්යාපාරය තුළ තියෙන අඩුපාඩු ගැනත් දක්වනවා. ඒක වැරදියි.
මේ ඇවිල්ලා තියෙන්නේ, මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා වර්ධනය වුණු මිනිසුන්ගේ තියෙන හැඟීම් සමුදායක ඒ ප්රකාශනය. ඉතින් මේක මතුවුණු අවස්ථාව තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ,
ඥානසාර හිමියන්ගේ භූමිකාව සහ මහ සමාජයේ පිළිගැනීම
දැන් මම පෞද්ගලිකව ගත්තොත්, ඒ ස්වාමීන් වහන්සේගේ යම් යම් අවස්ථාවලදී උන්වහන්සේ කටයුතු කිරීම ගැන විරුද්ධත්වය ප්රසිද්ධියේ ප්රකාශ කරපු කෙනෙක්.
උන්වහන්සේගේ සමහර ප්රවේශයන් විවේචනය කරපු කෙනෙක්. නමුත් පොදුවෙන් මහ සමාජය පිළිගන්න කාරණය තමයි උන්වහන්සේ ඒ කරපු කටයුතුවල තිබුණේ පරාර්ථකාමීත්වය මිසක් උන්වහන්සේගේ පෞද්ගලික අභිලාෂය ඉෂ්ට කර ගැනීමට උන්වහන්සේ කටයුතු නොකර බව.
ඉතින් එහි යම් සත්යයකුත් තියෙනවා. මොකද උන්වහන්සේගේ ජීවිතය දෙස බැලුවම, උන්වහන්සේ ඒ ගත කරපු ජීවිතය තුළ උන්වහන්සේ මේ පෞද්ගලිකව පන්සල් ගොඩනගා ගන්නවත්, එහෙම නැත්නම් මේ වත්කම් පත් කරගන්නවත් කටයුතු කරායි කියලා උන්වහන්සේට චෝදනාවක් නැහැ. ඉතින් එහෙම නම් උන්වහන්සේ මේ නිස්සරණ අද්යාශයෙන් කටයුතු කරද්දී, උන්වහන්සේගේ අතින් හැසිරීමේදී, වාග් විලාසයේදී උන්වහන්සේගේ ප්රවේශයේදී අඩුපාඩු තිබෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී උන්වහන්සේ කරන ලද නිර්වචනයන්ගේ වැරදි තියෙන්නට පුළුවන්. නමුත් සමස්තයක් හැටියට මහ සමාජය පිළිගන්නේ උන්වහන්සේ මේසේ දඬුවමට ලක් නොවිය යුතු ස්වාමීන් වහන්සේ නමක් හැටියට. ඒ වගේම මේ නිශ්චිත කාරණය සම්බන්ධයෙනුත්, උන්වහන්සේ සිරගත වීම සම්බන්ධයෙනුත් මහ සමාජයේ සංවාදයක් තිබෙනවා, උන්වහන්සේ අපරාධකරුවෙකු නොවන බව. උන්වහන්සේ සිරගත වී ඇත්තේ අර සාම්ප්රදායික අපරාධ ගණයට වැටෙන අපරාධ නිසා නොවන බවත්, උන්වහන්සේගේ ආවේගශීලීව උන්වහන්සේ ඒ තමන්ගේ දේශමාමකත්වයත්, දේශප්රේමීත්වයත් කැටිව උන්වහන්සේගේ ඒ ක්ෂණිකව උන්වහන්සේ ප්රකාශ කළ ප්රකාශ අරබයා මේ දේ සිදුවුණු බව.
ඉතින් ඒ නිසා දැන් ඒකත් සමාජය මතය නම්, මේ බුදු දහමට වෙනවායි කියන හානිය පිළිබඳ පොදු මහජන මතයකුත් තිබෙනවා නම්, මේ දෙක එකතු වෙලා තමයි මේ විරෝධයක් මතුවුණේ. එතකොට මේ විරෝධය විසඳන්නට නම්, මේ කරුණු සියල්ලමත් ඒ පිටුපස තිබෙන මේ රටේ සුවහසක් ජනතාවගේ අපේක්ෂාවන්, ඒ සුවහසක් ජනතාවගේ හැඟීම් පිළිබඳ සංවේදී විය යුතුමයි.
ආණ්ඩුවේ ඒකාධිපති ගමන සහ වර්තමාන අර්බුදය
මෙම ආණ්ඩුව කිනම් අවස්ථාවක කොයි ආකාරයෙන් අතීතයේ කටයුතු කරලා මෙවැනි උද්ඝෝෂණ පාලනය කරත්, මෙම අවස්ථාවේදී එය පුළුවන්කමක් තිබුණත් මේ ආණ්ඩුවේ මේ පවතින ඒකාධිපතිත්වය තුළ, ඔවුන්ට ඒ පුළුවන්කම නැහැ.
ආණ්ඩුව කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම ඒකාධිපති ආණ්ඩුවක් කටයුතු කරන ආකාරයට මම දිගින් දිගටම කියලා තියෙනවා. ඒකාධිපති ආණ්ඩුවකට ගොඩක් දේවල් කරන්නට පුළුවන්. ඒකාධිපති ආණ්ඩුවකට අමතක වෙනවා තමන්ට බලය ලැබුණේ මහජනතාවගෙන් කියන එක. ඒකාධිපති ආණ්ඩුවකට අමතක වෙන බොහෝ කරුණු අතර අමතක වෙනවා මහජනතාවගෙන් තොරව ආණ්ඩුකරණයක් කරන්න බැරි බව. ඒක තමයි ඒකාධිපති ආණ්ඩුවල හැටි. එහෙමත් තමයි ඒකාධිපති ආණ්ඩු හැසිරෙන්න ගිහිල්ලා ඒකාධිපති ආණ්ඩු වැටිලා තියෙන්නේ.
අධිකරණ තීන්දුව සහ ජනාධිපති සමාව පිළිබඳ පැහැදිලි කිරීම
නමුත් දැන් මෙතැන සිදුවෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් අපි කියන්නට ඕන. ගරු අධිකරණය උන්වහන්සේට දඬුවම් නියම කළා. එතකොට ඒ අනුව උන්වහන්සේ සිරගත වුණා. ඊළඟට උන්වහන්සේගේ ඒ සිරගත වීම නිවැරදි කිරීම සඳහා විධායකය මැදිහත් වෙලා උන්වහන්සේට ජනාධිපති සමාවක් ලබා දුන්නා, විධායකය මැදිහත් වෙලා. එතකොට ඒ විධායකය මැදිහත් වීමේදී සිදුවුබා කියන යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා නම්, ඒ අඩුපාඩුව නිවැරදි විය යුතු ආකාරයත් සහිතව උන්වහන්සේට ලැබුණු ජනාධිපති සමාවට එරෙහිව කරන ලද ඒ අභියාචනයට ලැබුණු මේ තීන්දුව සලකා බැලුවම පේනවා. මොකක්ද ඒ පේන්නේ? ඒක පේන්නේ දැන් උන්වහන්සේට ලැබුණු ජනාධිපති සමාවට එරෙහිව එක් නැලිගොඩ මහතාගේ බිරිඳ උසාවි යනවා. ගියාම මේ ජනාධිපති සමාව අහෝසි කරන්න කියලා එක් නැලිගොඩ මහතාගේ බිරිඳ ඉල්ලනවා. එතකොට මේ නඩු තීන්දුව, මේ නඩු තීන්දුවේ පැහැදිලිව තිබෙන්නේ එම කරුණු සලකා බලලා, ගරු අධිකරණය ඉදිරියේ තිබෙන කරුණුත් සලකා බලලා, අධිකරණයට තීන්දුවක් ගන්නට සිද්ධ වුණා, ඒ අධිකරණය විසින් විශ්වාස කරන යම් හේතුවක් නිසා, විශ්වාස කරන පරිපාලනමය දුර්වලතාවයන් නිවැරදි කරලා, උන්වහන්සේට නැවත ජනාධිපති සමාව ලබා දෙන්න කියලා. වෙන මුකුත් නැහැ.
බෞද්ධ උරුමය රැකගැනීම සහ ආණ්ඩුවේ වගකීම
ඉතින් මේකේ අපි තේරුම් ගන්න ඕන කරුණ තමයි අපේ අතිගරු ජනාධිපතිතුමා විශ්වාස කරනවා නම්, ප්රජාතන්තවාදය, ඒ වගේම ඔවුන් කතා කරපු ඒ යහපාලනය විටකදී, ඊට අමතරව මේ රටේ සියලුම ජනතාව ජාති ආගම් භේදයකින් තොරව සංවේදී වන අපේ මහ සභ්යත්වයේ ප්රකාශනය, මේ බෞද්ධ භාවය ප්රකාශනය රැක ගැනීම විශ්වාස කරනවා නම්, මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම තමන්ගේ කාර්යාලය ඉදිරියේ දිගින් දිගටම රඳවා ගැනීම නෙමෙයි උන්වහන්සේලාගේ ඉල්ලීම, උන්වහන්සේලාගේ මේ අභිලාෂය සහ අපේක්ෂාවන්නේ උන්වහන්සේලාට තේරුම් යනවා, අපේ බුදු දහමේ ඒ ශ්රද්ධාව, බුදු දහමේ ඒ ඇති අපේ වැදගත් අංගයන් සියල්ලටම අභියෝගන ආකාරයෙන් බුද්ධ චීවරය, මේ සිවුර කියන එකේ ඉඳලා සියල්ලටම ලොකු අභියෝගයක් දැන් එල්ල වෙලා තියෙනවා.
සර්වජන බලයේ අවසාන යෝජනාව සහ ජනාධිපතිවරයාට කෙරෙන ආයාචනය
ඉතින් ආණ්ඩුව පැත්තෙන් සද්භාවය වශයෙන් නිවැරදි කළ හැකි කරුණු අතර ආණ්ඩුව අවංකව විශ්වාස කරනවා නම් මේ ප්රශ්නය විසඳන්නට, මේ එකින් එකට වෙන වෙනම විසඳුම් තිබෙනවා, සිවුර සම්බන්ධයෙන්. මම දැක්කා යම්කිසි උත්සාහයක් දරනවා, එය කොහොමද බන්ධනාගාර ගතවන ස්වාමීන් වහන්සේ කෙනෙක් එළියට ගේනකොට මොකක්ද උන්වහන්සේට අන්දන්නට ඕන කියලා. නමුත් ඒවා පැලැස්තර ආකාරයෙන් නෙමෙයි, මොකද මේ ගරුතර ස්වාමීන් වහන්සේලා කතා කරන්නෙත් උන්වහන්සේලාට හදවතින්ම දැනෙන දේ. ඔතන අඩුපාඩු තියෙන්න පුළුවන්, නමුත් බහුතරයක් ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ තමන් ගමේ ඉන්න, තමන්ගේ උපාසක උපාසිකාවන් එක්ක කරන ගනුදෙනුවෙන්, තමන් ඇති කර ගත්ත මේ අවබෝධයෙන්, ඒ විශ්වාසයෙන් කටයුතු කරද්දී මේ ස්වාමීන් වහන්සේලාට දැනෙන දේ. ඉතින් අපි අවසාන වශයෙන් කියන්නට ඕන, මේ පසුබිම තුළ මේ රටේ තවත් මෙවැනි ප්රශ්නයක් විශාල වශයෙන් දුරදිග යා හැකි ප්රශ්නයක් දරා ගැනීමට තරම් අපිට ආර්ථිකමය වශයෙනුත්, ඒ වගේම දේශපාලනික වශයෙනුත් ශක්තියක් හැකියාවක් ඇති වෙලාවක් නෙමෙයි මේ,
මේ ඇති වෙලා තියෙන්නේ. දැඩි අභියෝගයක් ඉදිරියේ ඉන්න මොහොතක, අපිට මෙවැනිය අර්බුදයකටත් මුහුණ දීලා, ලෝකය ඉදිරියෙත්, රට තුළත් අපේ ප්රතිරූපයත්, ඒ වගේම එයින් අනුසංගිකව හටගන්නා ඉතිරි සියලු අභියෝගයන්ට මුහුණ දෙන්නට පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඉතින් ආණ්ඩුව සැලකිලිමත් වෙන්නට ඕන, තමන් මේ තමන්ගේ බලය ගැන, තමන්ට මේ ලැබුණු අහම්බෙන් ලැබුණු විශාල බලය ගැන පමණක් විශ්වාසය තබා කටයුතු කළොත්, ඒ වගේම තමන්ගේ බලය භාවිතා කරලා මේ රටේ තියෙන වැදගත් තීන්දු තීන්දුව ගන්නා සියලුම මර්මස්ථාන තමන් යටතට ගත්තාය කියලා හිතාගෙන කටයුතු කළොත්, විශාල වැරදීමක් වන බව අපි කියන්නට ඕන.
ඉතින් ඒ නිසා සාරාංශයක් හැටියට වහා කළ හැකි, වහාම විසඳීමට තිබෙන ප්රධානතම අවිය වන ජනාධිපතිතුමාට ඔහුගේ තනතුරෙන්ම ලැබිලා තියෙන මෙම අවස්ථාව, දැන් අධිකරණයෙනුත් ඔවුන්ට ඒ අවස්ථාව පිළිබඳ පැහැදිලි නිර්වචනයක් දීලා තියෙන එක වෙලාවක භාවිතා කරලා, ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නිවැරදි ලෙස, කලින් ජනාධිපතිවරයාට වැරදුණු ඒ පරිපාලන දෝෂ ඉවත් කරලා, නිවැරදි ලෙස ජනාධිපති සමාව ලබා දෙන එක. වෙන මුකුත් අවශ්ය නැහැ. එතකොට පොලීසිය දාලා දැන් ස්වාමීන් වහන්සේලාට ගහන්න අවශ්ය නැහැ. පොලීසිය දාලා ස්වාමීන් වහන්සේලාට අවමන් කරන්නට අවශ්ය නැහැ. පොලීසිය දාලා පොලිස් බලය භාවිතා කරලා, ඒ වටා එන උපාසක උපාසිකාවන්ට පහර දෙන්නට අවශ්ය නැහැ. මේ ප්රශ්නය පැය ගණනක් ඇතුළත විසඳිය හැකියි. ඒ සඳහා අපි ප්රාර්ථනා කරනවා අපේ ජනාධිපතිතුමාට තමන්ට විශ්වාසයත්, ඒ වගේම ඒ දේශපාලන පෞරුෂයත් තිබෙයි කියලා. මෙවැනි ජාතික ප්රශ්නයක් ඉදිරියේ පටු අර්ථයෙන් නිර්වචනය කරන්නේ නැතුව, ඒ වගේම තමන්ගේ අර කුඩා කාඩර් කණ්ඩායමක් සතුටු කිරීම සඳහා කටයුතු කරන්නේ නැතුව, අපේ රටේ ජාතික ප්රශ්නයක් හැටියෙන් සලකලා, ඉන් ඇති විය හැකි අනතුරුදායක ප්රතිඵල ගැන සලකලා, අපේ රටේ සභ්යත්වය සංස්කෘතියටත්, ඒ සඳහා ඇති ආනුශාංගික වටපිට ඇති ඒ සම්පූර්ණ පද්ධතියටත් විය හැකි හානිය ගැන සැලකලා, අපේ ගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගනී කියලා අපි විශ්වාස කරනවා.
එතුමා එහෙම තීන්දුවක් ගත්තොත් හොඳයි. එහෙම නැත්නම්, මොන විදිහට කෙටිකාලීනව මේ පාලනය කරත්, අපේ ගරු ජනාධිපතිතුමා දැනගන්නට ඕන දස දහසකට වැඩි පන්සල් ප්රමාණයක් සක්රීයව මේ රටේ තිබෙනවා. මේ සියලුම පන්සල්, ඉතාම සීමිත පන්සල් කීපයක් හැරෙන්නට, සංවේගයට, කනගාටුවට පත්වී ඇති බව, ඒ නායක හාමුදුරුවෝ කනගාටුවට පත්වී ඇති බව, ඔබට ඉතාම පොඩි සමීක්ෂණයකින් දැනගන්නට පුළුවන්. ඒ නිසා ආරාධනා කරනවා ගරු ජනාධිපතිතුමාට, මේ පිළිබඳව විවෘත භාවයෙන් සහ අවංකව කටයුතු කරන ලෙස."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
