Image

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද...? - Ideas front වීඩියෝවක්

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද...? - Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු නැගෙනහිර ප්‍රදේශ පාලනය කිරීම සඳහා මේ දෙදෙනා ම අනුගමනය කරන්නේ එක ම පිළිවෙත බවත්, මේ දෙදෙනා ගේ ම හදවතෙහි 'සිංහල සාරය' යම් ප්‍රමාණයකට සදාකාලිකව ම තැන්පත් වී ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘Ideas front’’ you නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

විවිධ ජන කොටස් තැන් තැන්වල සිට පාලනය කළ විවිධ ප්‍රදේශ එකට එකතු කරමින් නිර්මාණය කළ තනි රටක් ලෙස ඉන්දියාව ද සැලකිය හැකි බවත්, ඒ සඳහා නේරු ලබා දුන් දායකත්වය කිසි සේත් ම අවතක්සේරු නොකළ යුතු බවත් එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න