නිදහසින් පසු මෙරට පාලනය කළ විවිධ දේශපාලන පක්ෂ නිවැරැදි දේශපාලන දර්ශනයකින් තොරව, ඒ ඒ අවස්ථාවේ පැන නගින ප්‍රශ්න සඳහා පිළිතුරු සොයමින් ජාතික වැඩපිළිවෙළකින් තොරව රට පාලනය කළ බැවින් අපේ රට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සර්ව ජනබලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සර්වජන බලය පක්ෂ කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර පැවසුවේ ආර්ථිකමය වශයෙන් පමණක් නොව: සංස්කෘතිමය වශයෙන්, සමාජීය වශයෙන් මෙන් ම ඕනෑම  රටක දේශපාලන තන්ත්‍රයට අමතක කළ නොහැකි සැබෑ යථාර්ථය වන භූ දේශපාලනික පසුබිම ද අපේ රට තවත් අසරණ කර ඇති බවයි.


 
     
     
    