මේ ආණ්ඩුව වැටුනොත් එන්නෙ අන්ත දක්‍ෂිණාංශික දිලිත්ගෙ කණ්ඩායමක් | Uvindu Kurukulasuriya

මේ ආණ්ඩුව වැටුනොත් එන්නෙ අන්ත දක්‍ෂිණාංශික දිලිත්ගෙ කණ්ඩායමක් | Uvindu Kurukulasuriya

අනිවාර්යයෙන්ම ජනාධිපතිට පුද්ගලිකවම නඩු ගොඩකට මුහුණ දෙන්න වෙනව.

විශේෂයෙන්ම දිට්වා සම්බන්ධයෙනුත් එක්ක. ජනාධිපතිගෙ නීති අධ්‍යක්‍ෂ විදියට දාගෙන ඉන්න යූඑන්පීකාරයගෙන් වත් අහල දැන ගන්න එන්න පුළුවන් නඩු කන්දරාව ගැන. පුදුමාකාර විදියට වගකීම් විරහිතව වැඩකරල තියෙන්නෙ. සිරිසේනටත් හපන් විදියට වැඩකරල තියෙන්නෙ ගොඩක් වැඩවලදි.


Anura kumara 88
මට දුක මේ ආණ්ඩුව වැටුනොත් එන්නෙ කවුරුවත් නෙමෙයි අන්ත දක්‍ෂිණාංශික [far right] කණ්ඩායමක් දිලිත්ගෙ නායකත්වය යටතේ. මට නම් කිසිම පුද්ගලික ප්‍රශ්ණයක් නැහැ, ඇරගත්තට දිලිතයත් බොක්කෙ යාලුව නිසා. රටට තමා කෙලවෙන්න. නමුත් ෆාරයිට් කණ්ඩායමක් බලයට ඒම හරිම භයානයකයි. ඒකයි හරියට වැඩකරපං හු|ත්තෝ කියන්නෙ. නිදිමරාගෙන වැඩකරාටත් වැඩක් නැහැ. අහිංසකකමයි අවංකකමයි විතරක් තිබ්බටත් මදි!

අනික කැම්පස් එකේ ගොං යාලුවො ටිකකුයි, ලොකු බිස්නස්කාරයො ටිකකුයි ලංකරගෙන රාජ්‍ය පාලනය කරනව. ජවිපෙ දේශපාලන මණ්ඩලයෙවත් ඉන්නවද රාජ්‍ය පාලනය ගැන දන්න අය. විශ්‍රාම ගිය හරි ඒ ඒ දේවල් ගැන විශේෂඥ දැනුමක් තියෙන අය කණ්ඩායමක් දාගෙන උපදෙස් ගන්න කීවෙ ඒකයි. දැනුත් පරක්කු නැහැ. අඩුගානෙ තව නඩු වැටෙන එකෙන්වත් බේරෙන්න පුළුවන්.

අනික අරගලයේ පාඩම ඉඟෙන තියෙනවද? Gen Z සිට අලුත් පරම්පාරව හිතන පතන විදිය ගැන ඔය පක්‍ෂයේ එකෙකුට තේරුමක් තියෙනවද? අරගලයෙන් ඉල්ලුවෙ ගෝටා ගෝ හෝම් කියල ගෝටව එලවන විතරක් කියල හිතං ඉන්න මෝඩ රැලක් වටේ ඉන්නෙ.


protest in colombo 1024x682
අටුවම් බැහැපු පාක්‍ෂිකයො, අනුග්‍රාහකවාදී ජනයා එහෙම හැරුනම අනිත් පාවෙන ඡන්ද පට ගාල වෙනස් වෙනව. විශේෂයෙන්ම තරුණ අයගෙ මතය පටගාල වෙනස් වෙනව. ඒ අයට කයිය විතරක් මදි!

මේව ප්‍රසිද්ධියෙම ලියන්නෙ අර ජෙපි මඩ බලකාය කියන විදියට මට ජනාධිපති උපදේශකම නොදුන් නිසා! අනේ හු-- නන්නානේ. කියල දීපං උන්ට මම කවුද කියල.

 


515507954 10162556566299818 6952129714949267085 n
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න