ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳුවලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමණක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා. එහෙම කරනවා නම් ඒවා අහස පොළොව නුහුලන අපරාධයක්; හෙණ ගහන අපරාදයක්.
දැනට වාර්තා වන අන්දමට මෙම ව්‍යසනයෙන් පවුල් 586,464ක පුද්ගලයින් 2,082,195ක් බලපෑමට ලක්ව තිබෙනවා. පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 4,164ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 67,505කි. ( මේ දැනට වාර්තා වන සංඛ්‍යා වන අතර එම සංඛ්‍යා ඉදිරියේදී බොහෝ දුරට වැඩි වනු ඇත.)

ආරක්‍ෂිත ස්ථාන 1,211ක මේ වන විට පවුල් 43,715කට අයත් පුද්ගලයින් 152,537ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග ගේ ප්‍රකාශයට අනුව, වී, එළවළු සහ වෙනත් ක්ෂේත්‍ර බෝග ඇතුළුව හෙක්ටයාර 610,000 ක පමණ ගොවිබිම් ගංවතුරෙන් යටවී තිබේ. ඉන් හෙක්ටයාර 510,000ක් ම වී ගොවි බිම්ය. ඔබ අද (05) පැමිණ ජනතාවට සහන දෙන්න කියලා නත්තල් සීයා වගෙ ඉලක්කම් ගොඩක් කියවනවා. ඒත් මේවායෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා බලමුද?
පශ්චාත් ආපදා තත්ත්වයෙහි යථාර්ථය
ඒ සඳහා ඔබ විසින් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා. ඊට අමතරව ඉදිරි දින 25තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ක් තියෙනවා කියනවා. වචනයෙන් මොනවා කිව්වත් ඉල්ලුම් කරලා, ඇස්තමේන්තු කරලා මේ දවස් 25 තුළ දෙන්න පුළුවන් ප්‍රමාණය අවමයි. ඒත් කමක් නෑ අපි ඒ බිලියන 70 න් 50% ක් ගමු. එවිට ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 85 යි. ( බි 50 + බි 35 ) රුපියල් 85,000,000,000ක්. දන් අපි ඔබ දෙනවා කිවිව සහන වලට යන දළ මිළ ගණන් බලමුද...?
*ගංවතුරෙන් හානි වූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි
නිවාස 67,505 × 25,000 = 1,687,625,000
*නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි
67,505 × 50,000 = 3,375,250,000
( අනාත නිවාස වල සිටින පවුල් 586,464 න් වැඩි කරොත් මේ සංඛ්‍යාව මීටත් ගොඩක් ඉහළය. එවිට එය තව බිලියන 03 කින් පමණ වැඩි වේ)
*නාය ගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව. අපි මාස 03 ක අවමයකට ගනිමු. 25,000 × 3 × 4,164 = 312,300,000 ( අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 න් වැඩි කරොත් මෙම සංඛ්‍යාව මීටත් ඉහළ ය )

*ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නාට වැඩිනම් 50,000) පවුල් 586, 464 ක් අවතැන් වී ඇත. එයින් අප ජීවනෝපාය අහිමි වූ පවුල් 20% ක් ලෙස 120,000 කඅවමයක් ගමු. 120,000 × 50,000 = 6,000,000,000
*විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි, විනාශ වී ඇති වී හෙක්ටයාර 510,000. 510,000 × 150,000 = 76,500,000,000
*විනාශ වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි, එළවළු ගොවිබිම් 100,000 ක් විනාශ වී ඇත. 200,000 × 100,000 = 20,000,000,000
*ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොළක් සඳහා ලක්ශ 2ක් නම්, අපි අවමය සත්ව ගොවිපොළවල් 50 ක් ගමු ( මෙය මීට වඩා සිය ගුණයකින්වත් වැඩි මිස අඩු නැත.) 200,000 × 50 = 10,000,000
*ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක නම්, අපි අවම ය ව්‍යාපාර 1,000 ක් ගමු.. ( මෙයත් අනිවාර්යයෙන්ම මෙයට වඩා පනස් ගුණයකින්වත් වැඩිය) 200,000 × 1,000 = 200,000,000
*විනාස වුණු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක් නම්, අපි අවමය ධිවර බෝට්ටු 50 ක් ගමු. ( මෙයත් මීට වඩා විශාල සංඛ්‍යාවක් වනු ඇත) 400,000 × 50 = 20,000,000
*ආපදාවට ලක් වුණු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි. අවතැන් වූ මුළු සංඛ්‍යාව 2,082,195ක්. අප එතනින් දරුවන් 50, 000 ක් ලෙස අවමයක් ගමු. ( 2.5% ක්) 25,000 × 50,000 = 1,250,000,000
*හානි වී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක් නම්, දළ වශයෙන් ව්‍යාපාරික ආයතන 1000 ක් අවමයක් ලෙස සිතමු. ( මෙම සංඛ්‍යාව මීට වඩා කිහිප ගුණයකින් වැඩි වනු ඇත) 5,000,000 × 1,000 = 5,000,000,000
*පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ෂ 50යි. පූර්ණ වශයෙන් හානි වූ නිවාස 4,164 යි. 5,000,000 × 4,164 = 20,820,000,000

*ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ෂ 50 දක්වා දීමනාවක්; ඉඩම් නැති අය අවමය 2000ක් සිතමු. 5,000,000 × 2,000 = 10,000,000,000
*අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ෂ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි. අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 අපි ලක්ෂ 10 ත් 25 ත් අතර මධ්‍ය අගයක් ලෙස ලක්ෂ 15 ගමු. 67,505 × 1,500,000 = 101,257,500,000
*මියගිය එක් අයෙක් සඳහා ලක්ෂ 10යි; 1,000,000 × 500 = 500,000,000
ගණන් හිලව්වල ඇත්ත තත්ත්වය
ඔබ කොච්චර කයිය ගැහුවත් පවුලකට වෙන් කර ඇති සාමාන්‍ය ගණන කීය ද දන්නවාද...? 85,000,000,000 ÷ 586,464 = 144,936 { රුපියල් එක් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය තිස් හයකි) දළ වශයෙන් ඔබ විසින් ජනතාවට දෙනවා යැයි කියූ සහන එකතු කල විට ගනන වනුයේ රුපියල් 246,932,675,000කි. එනම් රුපියල් බිලියන 246කි.
ඔබ මේ වසර සදහා ඉතුරුව ඇති බිලියන 70.02 වියදම් කළ ද එන සමස්ත මුදල බිලියන 120 කි. ඔබ වෙන් කළ මුදල දෙනවා යැයි කියු මුදලට වඩා 1/3 ක් පමණය. තවද මේ වෙන් කළ මුදල බෝක්කු, පාලම්, පාරවල් සහ විනාශ වී ඇති රාජ්‍ය දේපල ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ද යෙදවිය යුතු ය. ඒ සියල්ල ද එකතු වී මා ගණනය කර ඇති අවමය සංඛ්‍යා යථාර්ථය වන විට අවශ්‍යය වන සමස්ත මුදල් ප්‍රමාණය බිලියන 300 පනින ඇත.
ඔබ ඔබේ මන්ත්‍රීවරු සහ සගයන්ට පස්ස තබා ගැනීමට ඩබල් කැබ් සඳහා වෙන් කළ මුදල පමණක් වසරකට බිලියන 12.5 කි. ඒ එක් ලීසිං වාරිකයකි. එය අවුරුදු 05 ක ලීසිං එකක් නම් එය බිලියන 62.5 කි. ඔබට මේ රටේ පීඩාවට පත් ජනයා ඩබල් කැබ් එකක් තරම්වත් වටින්නෙ නැද්ද...? ඔබ තව කොතරම් කල් මේ රටේ ජනතාවව අන්දවනවාද..?
ආ තව ඩිංගෙන් මේක අමතක වෙනවා.නොවැම්බර් අවසානය වන විට ගිය වසරෙ නොවැම්බර්වලට වඩා ඩොලර් සංචිත මිලියන 500 කින් අඩුව තිබේ. මේ වසරෙ නොවැම්බර් අවසානය වන එය ඩොලර් බිලියන. 6.003 කි. ඊයෙ ඔබේ කතාවට හුරේ දැමූවන් ගත්තෙ පැය කිහිපයක ස්වයං වින්දනයක් පමණි. එය බිද දැමුවට මට කමා කරන්න..
(සටහන - නිලන්ත සත්සර ගමගේ)
උපුටා ගත්තේ Melani Atthanagama ගේ face book පිටුවෙන්


