ඇමරිකාව සීතලෙන් ගල්ගැහෙද්දී ඔස්ට්‍රේලියාව ගිනියම් වේ !

ඇමරිකාව සීතලෙන් ගල්ගැහෙද්දී ඔස්ට්‍රේලියාව ගිනියම් වේ !
ඇමෙරිකානුවෙක් ශීතල නිසා සිරුර වසාගෙන සිටින අතර ඔස්ට්‍රේලියාවේ වැසියෙක් ගිනියමට විසඳුමක් ලෙස ජල කරාමයක පිහිට පතමින්

මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින් සිටිති.

 us seethala 1

 99513028 99488973 hi043856060

ඇමරිකානු කාලගුණ වාර්තාවලට අනුව ජනවාරි 6 වන දින නිව්යෝක් නගරයේ උෂ්ණත්වය -13C (8F) දක්වා පහත වැටී තිබුණි.

 99513029 99478703 gettyimages 901281770ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නොව අධික සීතලෙන් පීඩා විඳින වෙනත් ජීවීන්ද දැක ගත හැකි විය.

 99519668 turtleඅධික සීතල ජලය දරා ගත නොහැකිව සිටි මුහුදු කැස්බෑවෙක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල දහස් ගණන් ගුවන් ගමන් ප්‍රමාද වී ඇත.
ඇතැම් ඇමෙරිකානු ප්‍රදේශවල අඩියකට වඩා වැඩි හිම තට්ටු දැකිය හැකිය.

 99513030 99475732 hi043847890 99513031 99478698 hi043844502නැගෙනහිර කැනඩාවේ උෂ්ණත්වය -50C (-58F) දක්වා පහත වැටී ඇති බවට කාලගුණ වාර්තාවල සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තත්වය :

 99514463 99496060 hi043884929පසුගිය ඉරිදා කැමරා කාචයේ සටහන් වූ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරය

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 40C කට අධික උෂ්ණත්වය හේතුවෙන් වීදි වැසියන්ට පානීය ජලය ලබා දීමට පුණ්‍යායතන රැසක් ඉදිරිපත් වී ඇත.

 99514465 99496126 gettyimages 901985960

අළු බඳුන තරගාවලිය පැවැත්වෙන සිඩ්නි නුවර ක්‍රිකට් පිටියේ උෂ්ණත්වය 57.5C (135.5F) ක් ලෙස සටහන්විය.

 99514466 99495939 d2326f47 9711 43fd b375 cbfc6c0a8c2d

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන අවසන් තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් දැඩි උණුසුම මැද

 99519672 99517278 doga

උෂ්ණත්වය දරා ගත නොහැකි වූ සතුන්: දැඩි ලෙස රත් වුණ මෝටර් රථයක සිට පොලීසිය විසින් බේරා ගත් බලු පැටියෙක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න