කැළිෆෝනියාවේ ස්වභාවික ව්‍යසනයෙන් දිවි බේරාගත් අය සොයා මෙහෙයුම්

කැළිෆෝනියාවේ ස්වභාවික ව්‍යසනයෙන් දිවි බේරාගත් අය සොයා මෙහෙයුම්

අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ "ඉණවටක්" මඩ මධ්‍යෙයේ දකුණු කැළිෆෝනියාවේ අවම වශයෙන් 15ක් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

එසේම තවත් 160කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. දරුණු කුණාටුව හේතුවෙන් ඉන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතරින් සිව් දෙනෙකුගේ තත්වය බරපතලය.

නැගෙනහිර සැන්ට බාබරා ප්‍රදේශයේ (Santa Barbara) රොමෙරො කැනියන් හි (Romero Canyon) 300ක පමණ පිරිසක් කොටු වී සිටිති.

එහි පවතින තත්වය "පළමු ලෝක යුද්ධයේ යුද පිටියක්" ලෙසින් දිස්වන බව පොලීසිය පවසයි.

පසුගිය මාසයේ ඇති වූ ලැව්ගිනි මෙන්ම මෙම ගංවතුර සහ පස්කඳු කඩාවැටීම හේතුවෙන් කිලෝමීටර 48කට වඩා දිගින් යුත් මුහුදුබඩ මාර්ගයක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

අනතුරටපත් පුද්ගලයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බවත් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් හදිසි සහන සේවකයෝ පවසති.

ගංවතුර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් සිය නිවාසවලින් ඉවත්වී ඇති අතර, 50කට අධික සංඛ්‍යාවක් මුදවාගෙන තිබේ.

දරුණු ලෙස අනතුරට පත් නිවාස ඉවත්කිරීමේ සීමාව තුළ නොමැති බව ද නිලධාරීහු පවසති.

මෝටර් රථ ප්‍රමාණයේ විශාල ගල් මාර්ගයේ

අධික වර්ෂාව සහ කඳු නාය යෑම් නිසා සමහර නිවාස සම්පූර්ණයෙන්ම ගැල වී ගොස් ඇති බව සැන්ට බාබරාහි ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මයික් එලිසන් (Mike Eliason) පවසයි.

කුඩා මෝටර් රථ ප්‍රමාණයේ විශාල ගල් පෙරළීමෙන් මාර්ග අවහිර වීඇති බවට ලොස් ඇන්ජලීස් වාර්තාකරු පවසයි

දිවි ගලවාගත් අය අතර වයස අවුරුදු 14ක දැරියක් ද සිටින අතර සුන්බුන් බවට පත්වූ නිවසේ ඇය පැය 4ක් පමණ සිරවී සිට තිබේ.

මඩෙන් නැහැවී සිටි දැරිය බේරාගන්නා ඡායාරූපයක් ගිනි නිවීමේ සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

කුණාටුව හේතුවෙන් මිය ගියේ යැයි සැළකිය හැකි පස්දෙනෙක් අඟහරුවාදා (ජනවාරි 09) හමුවූ බව පළාතේ ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රධානියා සඳහන් කළේය.

බී.බී.සී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න