උතුරු - දකුණු කොරියා ඉහළ පෙළේ සාකච්ඡා අද සිට

උතුරු - දකුණු කොරියා ඉහළ පෙළේ සාකච්ඡා අද සිට

කාලාන්තරයක පටන් දැඩි ආතතිගත සම්බන්ධයක් සහිත උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉහල පෙළේ සාකච්ඡා අද (09) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක් පාර්ශවයකින් නියෝජිතයන් පස් දෙනා බැගින් සහභාගී වන මෙම සාකච්ඡා උතුරු කොරියාවට අයත් දේශසීමා ගම්මානයක් වන පැන්මුන්ජොම් හිදී පැවැත්වෙන බවත් ඊට සහභාගී වන දකුණු කොරියානු දුත පිරිස මේ වන විටත් උතුරු කොරියාව බලා පිටත්ව ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දෙරට අතර සාමය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් යුතුව ලබන මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් තරගාවලියට උතුරු කොරියානු ක්‍රීඩකයින් සහභාගී කරවීමේ හැකියාව සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වල සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න