රුපියානු විපක්ෂ නායකයාට ජනාධිපතිවරණය තහනම්

රුපියානු විපක්ෂ නායකයාට ජනාධිපතිවරණය තහනම්

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නිගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තහනම් කිරීමට එරට මධ්‍යම මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට පදනම්වී ඇත්තේ රුසියානු විපක්ෂනායකයාට එරෙහිව එල්ලවී ඇති දුෂණ චෝදනා ය.

රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම විපක්ෂ නායකයාගේ අපේක්ෂක ධුරය අහෝසි කිරීම වෙනුවෙන් සිදුකල ජන්ද විමසීමේදී එම කොමිසමේ සාමාජිකයන් 13 දෙනාගෙන් 12 දෙනෙකු එම තහනම අනුමත කර ඇත.

ඒ අනුව 2018 වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයේදී සිව්වන වතාවටත් ජනාධිපතිවරයා වීමේ අවස්ථාව ජනාධිපති පූටින් හට ලැබෙනු ඇති බවත් ඔහුට කිසියම් හෝ තරගයක් ලබාදීමට සිටි එරට විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නිගේ ජනපතිවරණ අපේක්ෂකත්වය තහනම් වීම හේතුවෙන් තරගයක් නොමැතිවම එම අවස්ථාව පූටින් වෙත හිමිව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

 කෙසේ වුවත් රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ තීරණයට විරෝධය පළකරන රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි සඳහන් කර සිටින්නේ පූටින් පාලනය අභූත චෝදනා එල්ලකර තමන්ගෙන් දේශපාලන පළිගැනීමක් සිදුකර ඇති බවය. එසේම මතුව ඇති තත්ත්වයට විරෝධය පළකිරීමක් ලෙස එළඹෙන ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසද ඔහු රුසියානු ජනතාවගෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න