ට්‍රම්ප්ට එරෙහිව ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක්

ට්‍රම්ප්ට එරෙහිව ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක්

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙසට පිළිගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කර ඇති යෝජනාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට අරාබි රටවල නායකයන් සුදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම මාධ්‍ය වාර්තා අනුව ආරාබි නායකයින් යෝජනා කිරීමට සුදානම් වන්නේ “ජෙරුසලම සඳහා ඊශ්‍රායලය මෙන්ම පලස්තීනයට තිබෙන අයිතියේ කිසිඳු වෙනසක් සිදුනොකරන ලෙස”වන අතර එම යෝජනාව ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කලත් ඒ තුළ ඇමරිකා එක්සත් ජනපදයට නිශේධ බලය තිබීම සම්බන්ධවද අරාබි නායකයින්ගේ අවධානය යොමුවී ඇත. කිසියම් ලෙසකින් අදාළ යෝජනාව නිශේධ බලය යෙදවීමක් හරහා ප්‍රතික්ෂේප වුවහොත් යන අවධානම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේද සිය යෝජනාව ඉදිරිපත් කිරීමට අරාබි නායකයින් අවධානය යොමුකර ඇතැයි පැවසේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න