Image

කෙහෙළියගේ ‘GI බට’ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19 ට කල් යයි!

කෙහෙළියගේ ‘GI බට’ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19 ට කල් යයි!

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කිසිදු අවශ්‍යතාවකින් තොරව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ දහයකට ආසන්න (රු. 990,000ක්) මුදලකට ජී. අයි. බට 600ක් මිලදී ගැනීම මඟින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළේය.

ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළ අතර, එහිදී විත්තිකරුවන් තිදෙනාද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුවේ පසුබිම

2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය කර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කරනු ලැබ සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න