Image

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය:සැකකරුවන් යළි රිමාන්ඩ්; වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝග

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය:සැකකරුවන් යළි රිමාන්ඩ්; වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝග

'කාවන්තිස්ස' ඇතාට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් මස 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මීගලෑව සහ ඇහැටුවැව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු ශාන්ත ධර්මසිරි රත්නායක සහ ලක්මාල් පද්මසිරි යන සැකකරුවන් දෙදෙනෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල සහ විත්තිය නියෝජනය කරමින් ඉදිරිපත් වූ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඊට අමතරව, ඉදිරි නඩු වාරයේදී ඇතාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව, වෙඩි තැබීමෙන් සිදු වූ තුවාල සහ සැකකරුවන් සන්තකයේ තිබූ තුවක්කු වලට අදාල රස පරීක්ෂක වාර්තා මෙන්ම ඇතාට කළ ප්‍රතිකාර සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වාර්තා ඇතුළු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
එසේ නොකළහොත් විත්තියට වාසිදායක නියෝග නිකුත් කිරීම සිදු කරන බව කී මහේස්ත්‍රාත්වරිය විමර්ශන කඩිනමින් නිම කර අධිකරණයට වාර්තා ගොනු කරන ලෙස නියෝග කළාය.
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ඉදිරි නඩු වාරයේදී සලකා බලන බව ද අධිකරණය මෙහිදී දැනුම් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න