සංවිධානාත්මක අපරධකරුවෙකු වූ "මිදිගම රුවන්" නමින් පෙනී සිට දුරකථන ඇමතුම් ලබා ගනිමින්, රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයේ උනවටුන ප්‍රදේශයේදී ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යයන්ෂයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. එම අංශයේ උප පොලිස් පරීක්ෂක රශ්මීර යන නිලධාරියා විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත, පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා අතරින් එක් අයෙකු වයස අවුරුදු 16 බාලවයස්කාරයෙකු වන අතර අනෙක් සැකකරු 36 වන වියේ පසුවන්නෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (05) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
