Image

"ලංකාවේ පෘතුගීසි සිටි යුගය(1505-1594)" 11වන දා ජනගත කරයි

"ලංකාවේ පෘතුගීසි සිටි යුගය(1505-1594)" 11වන දා ජනගත කරයි

අජිත් අමරසිංහ විසින් රචිත “ලංකාවේ පෘතුගීසි සිටි යුගය (1505-1594)” පර්යේෂණ ග්‍රන්ථය 2026 නොවැම්බර් මස 11 වෙනි බදාදා පස්වරු 3.00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කරයි.

මෙය රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සාමාජිකයකු වන අජිත් අමරසිංහ ගේ තුන්වන ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය යි.

press book 11112026

ඔහු ගේ පළමු ඉතිහාස කෘතිය වූයේ “ලක් ඉතිහාසයෙන් වසන්වූ චීන මෙහෙයුම” යි. ඔහු ලියූ Finding Sinhabahu ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ටතම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශ විය. ඔහු විවිධ ඓතිහාසික කරුණු පිළිබඳව ලියූ ලිපි හා පර්යේෂණ ලේඛන විද්වතුන් ගේ පැසසුමට ලක්ව තිබේ.

වෘත්තියෙන් ළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ එම්.බී.බී.එස්, එම්.ඩී, ඩී.සී.එච් (කොළඹ විශ්ව විද්‍යාලය), එම්.ආර්.සී.පී, එම්.ආර්.සී.පී (එක්සත් රාජධානිය), එම්.බී.ඒ (මනිපාල්), ඩී.ඒ.ඒ (වෙල්ලෝර්) උපාධිධරයෙකි.

“ලංකාවේ පෘතුගීසි සිටි යුගය (1505-1594)” පොත මගින් ආවරණය වන කාල පරිච්ඡේදය පිළිබඳව මෙතෙක් දේශීයවත්, ජාත්‍යන්තරවත් ලියැවී ඇති දීර්ඝතම සහ සවිස්තරාත්මකම කෘතිය යි. මේ කෘතියෙහි ඇති වැදගත්කම එය පමණක් නොවේ. මෙහි මෙතෙක් අප දැන සිටි කරුණු පවා නිවැරැදි කාල අනුක්‍රමයකට අනුව පෙළ ගස්වා ඇත. එය එම යුගය පිළිබඳ විධිමත් සහ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ දී සාමාන්‍ය පාඨකයින්ට පමණක් නොව ශාස්ත්‍රඥයින්ට පවා මෙතෙක් මුහුණ දෙන්නට සිදු වූ බරපතළ ගැටලුවක් නිරාකරණය කර දීමකි. අනෙක් පසින් පෘතුගීසින් ලංකාවේ සිටි එම යුගය සම්බන්ධයෙන් නියත සත්‍යය සේ ස්ථාපිතව ඇති බොහෝ අදහස් සහ නිගමන සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මේ පොත මගින් කරුණු හා සාධක සහිතවම පෙන්වා දෙනු ලබයි.

ඒ අනුව මේ කෘතිය මගින් පාඨකයා ඉදිරියෙහි නිරාවරණය කර දක්වන්නේ මෙතෙක් අප නොදැන සිටි වෙනස් ම ආකාරයේ පෘතුගීසි යුගයකි.

පොත ජනගතකරන අවස්ථාවේ දී: මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ කරුණාරත්න පරණවිතාන දේශන පැවැත්වීමට නියමිත ය


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න