කෘතිම බුද්ධිය පිළිබඳ ලොව පළමු සමුළුව පවත්වන්න බ්‍රිතාන්‍ය සූදානම් !

කෘතිම බුද්ධිය පිළිබඳ ලොව පළමු සමුළුව පවත්වන්න බ්‍රිතාන්‍ය සූදානම් !

කෘතිම බුද්ධිය (AI ) පිළිබඳ ලොව පළමු සමුළුව බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිත බව බ්‍රිත්‍යාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊට අනුව මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරතවී සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වොෂින්ටන් නගරයේදී මේ බව පවසා තිබේ.

මෙම වසරේ දෙවන භාගයේදී මෙම සමුළුව පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවත් ලොව වැඩි අවධානයක් යොමුවී තිබෙන කෘත්‍රීම බුද්ධය පිළිබඳ හොඳ සහ නරක සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සමුළුව පැවැත්වෙන බවත් එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන්ය.

කෘත්‍රීම බුද්ධිය මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සහ දෛනික කටයුතු පහසු කරගැනීම වෙනුවෙන් භාවිත කිරීමට අවධානය යොමුකළ යුතු බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

කෙසේවෙතත් කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමේදී පළමුවෙන්ම ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔහු අවධාරණය කර ඇති අතර මෙම සියලු කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සමුළුවට නායකත්වය දීමට බ්‍රිතාන්‍ය වඩාත් සුදුසුම ස්ථානයක සිටින බවද පවසා තිබේ.

ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් අමෙරිකාව හැරුණුකොට මෙවන් වෙනසක් සඳහා නායකත්වය දිය හැකි ප්‍රමුඛ රට බ්‍රිතාන්‍ය බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න