ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක් : මිය ගිය ගණන 300කට ආසන්නයි

ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක් : මිය ගිය ගණන 300කට ආසන්නයි

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රී 7ට පමණ සිදු වූ බිහිසුණු දුම්රිය අනතුරින් පුද්ගලයින් 288 දෙනෙකු මිය ගොස් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය ස්ථානයේ යාබද දුම්රිය මාර්ගයක ධාවනය වූ චෙන්නායි කොරොමන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පීලි පැනීමට ලක්ව එහි මැදිරි කිහිපයක් පෙරළී ගොස් ඇත.

යාබද මාර්ගයේ ධාවනය වූ යස්වන්ත්පූර් සිට හවුරා දක්වා ගමන් කරන හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය එම පෙරළී ගිය දුම්රිය මැදිරිවල ගැටී, යාබද මාර්ගයක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටී මෙම අනතුර සිදු විය.

බලසෝර් දිස්ත්‍රික්කයේ ගිලන්රථ 200 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යවා ඇති බවත් වෛද්‍යවරුන් 100ක් පමණ අතිරේකව යොදවා ඇති බවත් දිස්ත්‍රික් ලේකම් පවසයි.

මේ සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස මෙය සැලකේ.

දිවි ගලවා ගත් සමහර මගීන් සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීමට යුහුසුලු වන අතර තුවාල ලැබූ මගීන් ප්‍රවාහනය කිරීමට දේශීය බස් සමාගම් ද උදව් කර තිබේ.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීන් පවසයි.

එසේම ප්‍රාන්තයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝකයේ විශාලතම දුම්රිය ජාලයක් ඇති ඉන්දියාවේ, දරුණුතම දුම්රිය ව්‍යසනය සිදු වූයේ 1981 දීය. ඒ බිහාර් ප්‍රාන්තයේ සුළි කුණාටුවක් අතරතුර, මගී දුම්රියක් පීලිවලින් ඉවතට ගොස් ගඟකට වැටී පුද්ගලයින් 800 පමණ මිය යාමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න