ඉන්දිය යුද හා ගුවන් පිරිසක් ශ්‍රී ලංකාවට

ඉන්දිය යුද හා ගුවන් පිරිසක් ශ්‍රී ලංකාවට

සිකන්දරබාද් හි ගුවන් යුද පාසලේ 46 වන ඉන්දියානු උසස් ගුවන් හමුදා පාඨමාලාවේ ගෲප් කැප්ටන් යුනුස් සයිද් මුසාෆර්  ප්‍රධාන ඉන්දියානු හමුදා නිලධාරීන් පිරිසක් ඔවුන්ගේ ක්‍රමෝපායික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස 2023 මාර්තු 20-24 දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත වේ.

අභ්‍යාසලාභීන්ගේ දැක්ම පුළුල් කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම සංචාරයේදී මූලිකව ම ශ්‍රී ලංකාවේ උසස් ආරක්ෂක නිලධාරීන් සමඟ හමු මෙන්ම හමුදා ආයතන සහ කාර්මික සංවිධාන වෙත සංචාර සිදු කිරීමට අවධානය යොමු කර ඇත.

මෙම නියෝජිත පිරිස බත්තරමුල්ල ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් සිය සංචාරයේ ආරම්භය සනිටුහන් කළ අතර ඉන් අනතුරුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එස්. කේ. පතිරණ  හමු විය. ශ්‍රී ලංකාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා මෙම පිරිස ගාල්ල, හම්බන්තොට, දියතලාව, මහනුවර සහ කටුනායක යන ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ ආයතන සමඟ විවිධ අන්තර් ක්‍රියාකාරකම්වල යෙදීමට නියමිතය.

ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා අතර ආයතනික බැඳීම් ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරයි. මෙවැනි අධ්‍යයන චාරිකා කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථායිතාවය ළඟා කර ගැනීම සඳහා දෙරට හමුදාවන් අතර පවතින සහෝදරත්වය ශක්තිමත් කිරීමට ද ජනතාව අතර පවතින බැඳීම් ශක්තිමත් කිරීමට ද ඉවහල් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න