පිලිපීනයේ ඛේදවාචකයක් !

පිලිපීනයේ ඛේදවාචකයක් !

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 
එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන ආකාරයට අදාළ යාත්‍රාවේ සිටි තවත් 230 දෙනෙකුගේ දිවි බේරාගන්නට සහන කණ්ඩායම් සමත්ව ඇත.

ඊයේ (29) යාත්‍රාවේ වායුසමීකරණ කුටීර තුළ හටගත් ගින්නක් අනතුරට හේතු වන්නට ඇති බවට සැකකෙරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
 
නමුත් ගිනි ගන්නා අවස්ථාවේ යාත්‍රාවේ කොපමණ ප්‍රමාණයක් සිටියාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න