මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක ගේ පුද්ගලික ලේකම්වරිය ගේ ඡායාරූප වට්ස්ඇප් හරහා වෙනත් පාර්ශවයක් වෙත යොමු කළ බව කියන සිද්ධියට අදාළව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට වාර්තා කර ලබන අගෝස්තු මස 5 වනදා අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද අපරාධ කොට්ඨාසය ට නියෝග කළා.
එලෙස නියෝග කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුව ඇති වරදවල් සම්බන්ධයෙන් විමසීමට කොටුව මහේස්ත්රාත් අධිකරණයට අධිකරණ බලයක් නැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
ඊට අදාළ නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස මහේස්ත්රාත්වරයා පොලිසියට නියෝග කළ අතර එසේ නැත්නම් අධිකරණ බලය සම්බන්ධයෙන් විමසා සුදුසු නියෝගයක් සිදු කරන බව ද මහේස්ත්රාත්වරයා කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
