Image

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

WhatsApp Image 2026 06 23 at 9.27.11 AM 1

එම සාකච්ඡාවේ දී සායනික ඖෂධවේදය රෝහල් පද්ධතිය තුළ ආරම්භ කිරීම, ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීම, උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවාව සඳහා බඳවා ගැනීම, රජයේ ඖෂධවේදීන් සඳහා රාජකාරී වේලාවෙන් පසු පෞද්ගලික සේවයේ යෙදීමට අවස්ථාව සලසා ගැනීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවය රෝගී සත්කාර සේවා ඉලක්ක කරගෙන සංවර්ධනය කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා ඖෂධවේදි සේවාව ලබාගැනීම ආදී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණි.

WhatsApp Image 2026 06 23 at 9.27.10 AM

එම වෘත්තීය ගැටලු කිහිපයකට මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරින් විසඳුම් ලබාදීමට පියවර ගත් අතර, රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය සේවා ශක්තිමත් කිරීමට අදාළව වැදගත් වු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ආරෝග්‍යා සෞඛ්‍ය මධ්‍යස්ථාන මගින් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේ දී රෝගීන්ට තමා භාවිත කරන ඖෂධ වට්ටෝරුව පිළිබදව අදාළ තොරතුරු විධිමත් පරිදි ලබා දීම සඳහා උපාධිධාරී ඖෂධවේදීන් ගේ සේවාව ඉදිරියේ දී යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරනු ලැබීය.

WhatsApp Image 2026 06 23 at 9.27.10 AM 1 1

මෙරට බෝ නොවන රෝග පාලනයේ දී අදාළ රෝගීන් තමා භාවිතා කරන ඖෂධ පිළිබදව මනා අවබෝධයක් ලබා සිටීම තුළින් ඖෂධ මඟින් රෝගීන්ට සිදුවිය හැකි අතුරු ආබාධ වළක්වා ගත හැකි ආකාරය මෙන්ම එම ඖෂධ රෝගියා වෙත නිර්දේශ කිරීම තුළින් වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පූර්ණ ප්‍රතිඵලය රෝගීන්ට ලබාගත හැකිවීම යනාදි කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එහි දී මහජන මුදල් වැය කර ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහි කරන ඖෂධවේදී උපාධිධාරීන්ට සුවිශාල කාර්යභාර්යක් ඉටු කළ හැකි බවත් ඒ යටතේ තම දැනුම සහ කුසලතා ප්‍රයෝජනයට ගනිමින් එම දැනුම නැවත ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව හරහා මෙරට ජනතාව වෙත ලබා දීම සඳහා සුවිශේෂ අයුරින් දායක කර ගත හැකි ආකාරය ද මෙහි දී අවධාරණයට ලක් විය.

මෙහි දී රෝගී සත්කාරක සේවා ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සහ රජයේ ඖෂධවේදීන් ගේ  වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දක්වන සාධනීය ප්‍රතිචාරය රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් ගේ ඇගයීමට ද පාත්‍ර විය.

WhatsApp Image 2026 06 23 at 9.27.11 AM

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ,  යූ.ඒ.එස්.එච්. සිසිර කුමාර,  ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න, එම සංගමයේ ප්‍රධාන ලේකම් චමීර කල්හාර යන අය ඇතුළු විධායක සභාවේ නිලධාරීන් සහ සංගමයේ නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න