චිලී රාජ්‍යයේ ජනතාව පසුගිය (19) 35 හැවරිදි තරුණයෙකු ජනාධිපති බවට පත්කර ගන්නේ අපට තියෙන ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න විසඳාගන්න. එහෙත් ඔහු කුමාරයෙක් නොවෙයි. හිටපු ශිෂ්‍ය නායකයෙක්.
එමෙන්ම වාමාංශිකයෙක්. විරෝධතා මෙහෙයවූ රැඩිකල් නායකයෙක්. ඡන්දෙන් 56% ක් ගන්නවා. එරටින් බිහිවුණු ලාබාලතම ජනාධිපතිවරයා. නම ගබ්‍රියල් බොරික් (Gabriel Boric)
චිලියේ වගේම අප ගැන තේරුම් ගන්න ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහු දැක්වූ අදහස් ටික ප්‍රමාණවත්.
චිලී රාජ්‍ය ලතින් ඇමරිකාවේ වඩාත්ම ස්ථාවර ආර්ථිකයක් පැවති රටක්. එහෙත් එහි දැන් ඇත්තේ විශාල ආදායම් විෂමතාවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජනගහනයෙන් 1% ක් රටේ ධනයෙන් 25% ක් හිමිකර ගෙන සිටිනවා.
ඒ අනුව අසමානතාව සහ දූෂණයට එරෙහි මහජන විරෝධතා හේතුවෙන් මෑත භාගයේ දැඩි කම්පනයකට ලක්වූ රටකටයි බොරික් නායකත්වය දීමට සූදානම් වන්නේ.
සමාජ ආරක්ෂණ අයිතීන් පුළුල් කිරීම, විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම සතියේ වැඩ කරන පැය ගණන 45 සිට 40 දක්වා අඩු කිරීමටද ඔහු ප්‍රතිඥා දී තිබෙනවා.
මේ ගබ්‍රියෙල් බොරික් ගැන කෙටියෙන්.
ඔහු උපන්නේ 1986 චිලීයේ දුර බැහැර පුන්ටා අරීනාස් හිදී. අවුරුදු දහයකට වැඩි කලක් ගුණාත්මක සහ ලාභදායි අධ්‍යාපනයක් ඉල්ලා මහජන පෙළපාලි හා විරෝධතා මෙහෙයවීමෙන් ඔහු ප්‍රසිද්ධියට පත් වුණා.
එවක චිලී විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යයෙකු වූ බොරික් අධ්‍යයන කටයුතු අවසන් නොකළ අතර දේශපාලනය කෙරෙහි අවධානය යොමු කළා. 2013 සිට දෙවරක් ඔහු කොන්ග්‍රසයට තේරී පත් වුණා.
රැවුල වවා, පච්ච (tattoo) කොටා ගෙන සිටින බොරික් කලාතුරකින් ටයි පටියක්ද පළඳිනවා. දිගු ජැකට් ඇඳීමෙන් දැන් ඔහු අත් දෙකෙහි පච්චා ආවරණය කරගන්නවා. බොරික් පද්‍ය හා ඉතිහාසය පිළිබඳ දැඩි ඕනෑකමක් දක්වන පාඨකයෙක්.
ලෝකේ වෙනස්වෙමින් තිබෙනවා. මිනිස්සු දේවල් තේරුම් ගන්නවා. අවසානයේ චිලී ජාතිකයන් නව යුගයකට ඡන්දය දුන්නා. ඒ අනුව ඔවුන්ට අලුත් ජනාධිපති කෙනෙක් ලැබුනා.
“මෙය ඓතිහාසික දවසක්. "අපි ෆැසිස්ට්වාදය සහ දක්ෂිණාංශය පමණක් නොව බිය ද පරාජය කර ඇත්තෙමු." චිලීහි ගුරුවරයෙකු වන බොරිස් සෝටෝ පැවසුවා.
|මහින්ද රුබසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
