Image

කළු ජූලියෙන් අසාධාරණයට ලක්වූවන්ගෙන් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි!

කළු ජූලියෙන් අසාධාරණයට ලක්වූවන්ගෙන් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි!

කළු ජූලිය තුළින් අගතියට පත්වූ මෙරට දමිළ ප්‍රජාව ඇතුළු සියළු දෙනාට සිය කණගාටුව ප්‍රකාශ කරන අතර තමන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සුළු ජාතිය මහජාතිය ලෙස නොව සියලු දෙනා ශ්‍රී ලාංකිකත්වය වෙනුවෙන් අත්වැල් බැඳ ගත යුතු බවද ඔහු පැවසීය.

1983 කළු ජුලිය මෙරට දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් බවත්, මේ තුළින් වින්දිතභාවයට පත්වූ සියලු දෙනා වෙනුවෙන් රටක් ලෙස යුතුකම් ඉටු කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද, මේ හේතුවෙන් රටේ පුරවැසියන් විශාල පිරිසක් රට අතහැර ගොස් ඇති බැවින් ඔවුන්ට සංහිදියාවේ සහ සහෝදරත්වයේ නාමයෙන් නැවත රට වෙනුවෙන් එකට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න