අවුන් සාන් සූකී ට වසර 04 කට සිර දඬුවම්

අවුන් සාන් සූකී ට වසර 04 කට සිර දඬුවම්

මියන්මාරයේ පාලන බලය අල්ලාගෙන සිටින මිලිටරි ජුන්ටාව විසින් බලයෙන් පහකර සිරගත කර සිටින අවුන්සාන් සුකීට වසර හතරක සිරදඬුවමක් පනවා ඇතැයි වාර්තා වේ.

හමුදාවට එරෙහිව විසම්මුතිය ඇති කිරීම සහ කොවිඩ් නීති කඩ කිරීමේ චෝදනා ඇයට එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය ඔවුන්ගේම අධිකරණයක් මගින් විමසා සුකී හට වසර 04 ක සිර දඩුවම් නියම කර තිබේ.

“505(b) වගන්තිය යටතේ වසර දෙකක සිරදඬුවමක් සහ ස්වභාවික ආපදා නීතිය යටතේ වසර දෙකක සිරදඬුවමක්” නියම කර ඇති බව හමුදා ජුන්ටාවේ ප්‍රකාශක Zaw Min Tun පැවසීය. සුකීට අමතරව හිටපු ජනාධිපති Win Myint ද එම චෝදනා යටතේම වසර හතරක් සිරගත කෙරුණු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

නොබෙල් සම්මාන ලාභි 76 හැවිරිදි සූ කී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පවත්වා ගිය නමුත් කෙටි කලකින්ම එය අවසන් කරමින් 2021 පෙබරවාරි 1 දා අලුයම ජෙනරාල්වරුන් විසින් ඇගේ රජය නෙරපා හැරීමෙන් පසු රඳවා තබා ඇත. ඊට එරෙහිව සිවිල් ජනතාව ගෙන ගිය අරගලයේදී මේ දක්වා සිදුවූ සටන්වලදී පුද්ගලයින් 1,300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 10,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සුකීට එරෙහිව ජුන්ටාව නිල රහස් පනත උල්ලංඝනය කිරීම, දූෂණය සහ මැතිවරණ වංචා ඇතුළු අනෙකුත් අධිචෝදනා රැසක් ඇයට එල්ල කර ඇති අතර එම නඩු තවම අවසන්ව නැත. ඒවාටද වරදකාරිය වුවොත් ඇය දශක ගණනාවක් සිරගත වීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග දන්වා ඇත. හමුදාව විසින් ඉදිකරන ලද අගනුවර විශේෂ උසාවියේ නඩු කටයුතු මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති අතර සුකීගේ නීතීඥයින්ටද මාධ්‍ය වෙත අදහස් දැක්වීම් මෑතකදී තහනම් කරන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න