මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි යන අයගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව Sunday Times පුවත් පත වාර්තා කර සිටියි.
ඔවුන්ගේ වත්කම් පිළිබඳව සිදු කළ මූලික විමර්ශනයෙන් අනතුරුව මතුවූ ගැටලුකාරී කරුණු සැලකිල්ලට ගනිමින්, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන්.
කැබිනට් අමාත්යවරුන් පස් දෙනෙකුට සහ නියෝජ්ය අමාත්යවරයෙකුට එරෙහිව සිවිල් අයිතිවාසිකම් ක්රියාකාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම මූලික විමර්ශනය ආරම්භ කෙරිණි. එම පිරිසට අමාත්යවරුන් වන බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස යන අය ද ඇතුළත් වූහ.
ඒ අනුව, මීට පෙර ඉදිරිපත් කරන ලද වත්කම් ප්රකාශ සහ ඉන් පසුව ඉදිරිපත් කරන ලද ප්රකාශ අතර පවතින විෂමතා සැලකිල්ලට ගනිමින් මෙම පුළුල් පරීක්ෂණය සිදු කරනු ලැබේ.
සිවිල් අයිතිවාසිකම් ක්රියාකාරිකයෙකු වන ජමුනි කමන්ත තුෂාර ද සිල්වා විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, නීතිවිරෝධී වත්කම් රැස් කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
මූලික විමර්ශනයේදී අනාවරණය වූයේ දේපළ මිල ගණන්වල සිදුවූ වෙනස්වීම් හේතුවෙන් ඇතැම් වත්කම්වල වටිනාකම ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, ප්රකාශයට පත් කර ඇති අතිරේක වත්කම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීම අවශ්ය වී තිබේ.
මූලාශ්රය - sundaytimes.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
