ජපානයේ එටාමි නගරයේ ප්‍රබල නායයෑමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.
ගතවූ පැය 48 තුළ මධ්‍යම ජපානයට බලපෑ ධාරානිපාත වැසි තත්ත්වයත් සමග එම නායයෑම සිදුව ඇත.
ගංවතුර සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28,500ක් මේ වනවිට අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
