ලෝකයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් ලෙස YONEX All England Seniors (Masters) Championships තරගය 108වන වරට එංගලන්තයේ Hertfordshire Sports Village (Hatfield) හි පසුගිය අප්‍රේල් මස 10 වැනිදා සිට 12 වනදා දක්වා පැවැත්වුණි.
ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩිකා නදීශා ගයන්ති වයස අවුරුදු 40 ට වැඩි කාන්තා කේවළ ඉසව්වෙන් රන් පදක්කම සහ මිශ්‍ර යුගළ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවා ය.
තව ද පොදු රාජ්‍ය මණ්ඩලීය බැට්මින්ටන් ක්‍රීඩක ශ්‍රී ලංකාවේ දිනුක කරුණාරත්න ද මෙම තරගාවලිය සඳහා සහබාගී විය. දිනුක මෙම තරගය සඳහා එංගලන්තය නියෝජනය කරමින් තරග වැදුණි. එහී දී ඔහු, වයස අවුරුදු 35 ට වැඩි පිරිමි කේවළ ඉසව්වෙන් රන් පදක්කම සහ පිරිමි යුගළ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 25ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් සහභාගි වූහ.
සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
